Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
05
කොරෝනා වසංගතය නිසා වසා දැමූ රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන යළි විවෘතකරන ක්‍රමය මෙන්න

- කොරෝනා වසංගතය නිසා වසා දැමූ රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන යළි විවෘතකරන ක්‍රමය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,972 Views
COVID-19 හේතුවෙන් රජය විසින් තාවකාලිකව වසාදැමීමට පියවර ගත් රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරිමට අදාලව සහ රූපලාවන්‍යාගාර ක්ෂේත්‍රයට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරිමට නියමිත නීති පද්ධතිය ඇතුලත් මාර්ගෝපදේශණය සදහා ප්‍රායෝගික ගැටලු හදුනා ගනිමින් නව කරුණු එ‍කතු කිරිමත් අරමුණු කොටගෙන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහභාගාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (04) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් උපදෙස් දෙමින් කියා සිටියේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාලව නීති සම්පාදනය වෙනත් කිසිදු ආයතනයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම පමණක් සිදු කරන බවයි. එමෙන්ම දෛනිකව සේවා සැපයීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් ලබා දෙනු ලැබු කොණ්ඩා කැපීම ඇතුලු අත්‍යාවශ්‍යම සේවාවන් පමණක් ලබාදීමට කටයුතු කරන ලෙසයි. නිසි ඉඩ ප්‍රමාණයන් තබාගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අකුරටම අනුගමනය කරමින් සේවා සැපයීමට කටයුතු කරන ලෙස ද දන්වා සිටින ලදි. එමෙන්ම ඉදිරියේ දී රුපලාවන්‍යාගාර සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අදාලව පිළිපැදිය යුතු උපදෙස් ඇතුලත් මාර්ගෝපදේශණයක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කොට ඇති බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එම කටයුතු නිරීක්ෂණය කිරීමට ද කටයුතු කරන බව ද එහිදී දන්වා සිටියා.
 

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය -

“රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සමග අද දින සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඔවුන්ගේ ඉල්ලීම වුයේ රූපලාවන්‍යාගාර ආරම්භ කිරිම සදහා රජයේ සහයෝගය ලබාදෙන ලෙසයි. එම සියළු ඉල්ලීම් පිළිබද අවධානය යොමු කොට රූපලාවන්‍යාගාර විවෘත කිරිමට අවස්ථාව ලබාදුන්නා. රජය සහ සෞඛ්‍ය අංශ විශාල කැප කිරීමක් සිදු කර ලෝකයේ මෙම රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් තිබුනත් ලංකාව තුල මේ රෝග තත්ත්වය පාලනය කර ගත හැකි තත්ත්වයකට පත්ව ඇති බව ඔවුන් ද පෙන්වා දුන්නා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ ඉල්ලීමට අනුව මෙම අවසරය ලබාදුන්නත් මේ අවස්ථාවේ රට ගැන හිතලා ඉතා වගකීමකින් සේවා සපයන ලෙස අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය තබා ගනිමින්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය සදහා ඔබ ආයතනයට පැමිණෙන පුද්ගලයින්ට අවස්ථාව සළසා දෙමින් එම සේවාවන් ලබාදීමට කටයුතු කරන්න.”

මෙම සාකච්ඡාවට එක් වූ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් පෙන්වා දෙන ලද්දේ COVID-19 හේතුවෙන් රූපලාවන්‍යාගාර වැසීමට රජය තීරණය කළ ද බොහෝ රූපලාවන්‍ය කටයුතු පෞද්ගලිකව සිදු කිරිමට ඇතැම් පිරිස් කටයුතු කරන බවයි. එය ඉතාම භයානක තත්ත්වයක් බව ද පෙන්වා දුන් අතර විශේෂයෙන් වතු ආශ්‍රිත ප්‍රදේශවල කොණ්ඩා කැපීමේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා සිදු කරන බව ද පවසා තිබෙනවා. දැනට A,B,C යන රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වර්ගීකරණයට අනුව ක්ෂේත්‍රය තුලින් ලක්ෂ 02 කට පමණ ආසන්න පිරිසක් යැපෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් සිය සේවාවන් සැපයීමට කටයුතු කිරිමට තමන් කටයුතු කරන බවත්, ඔවුන්ගේ අදහස් ලබාගැනිම සදහා සාකච්ඡාවක් ලබාදීම පිළිබද සිය ස්තූතිය සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත පුද කරන බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුවා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එල්.ටී ගම්ලත් මහතා, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒ්කකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා, කේෂ හා රූපලාවන්‍ය පිළිබද ශ්‍රී ලංකා ආයතනයේ සභාපති නයනා කරුණාරත්න මහත්මිය, එහි සාමාජික රමනී ප්‍රනාන්දු මහත්මිය, ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පීන් වන රම්සි රහමන් මහතා, යොහාන් පිරිස් මහතා, සංජීව කුමාරප්පෙරුම මහතා, කමල් හෙට්ටිආරච්චි මහතා ගෝලීය අරමුදලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ පුබුදු ද සොයිසා මහත්මිය (සම්බන්ධීකරණය) ඇතුලු පිරිසක් එක්ව සිටියා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top