දින තුනක් මිය ගිය තම බිරිඳගේ මෘත ශරීරය තුරුළු කරගෙන සිටි සැමියකු පිළිබඳ පුවතක් කිණිවිට පිලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මියගිය කාන්තාව සම්බන්ධයෙන් පවත්වන ලද හදිසි මරණ පරීක්‍ෂණයේදී ලැබුණු සාක්‍ෂිවලින්මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වුණා.
මියගිය තම බිරිඳට ආදරේ නිසා මෘත ශරීරය තුරුළු කරගෙන සිටි බවයි එහිදී අනාවරණය වුණේ.
මෙසේ මියගොස් ඇත්තේ කිණිවිට පිලපිටිය පදිංචි කන්දේලාගේ මානෙල් විජයන්ති මාලි නම් 42 හැවිරිදි කාන්තාවක්.
මෙම කාන්තාවගේ සැමියා අධි මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අතර විවාහ වී දැනට වසර 4 ක් පමණ ගත වී ඇතත් දරුවන්ද නොමැති බවයි පැවසෙන්නේ.
පසුගිය 25 වැනි දින පින්දෙණිය පොලිසියට ලැබුණු දුරකථන පණිවුඩයක් අනුව පොලිස් නිලධාරීන් විසින් මෙම නිවස පරීක්‍ෂා කිරීමේදී මෙම සිද්ධිය දුටු බවත් එහෙත් පොලිසිය පැමිණෙනතුරු කිසිවෙක් එම නිවසට ගොස් නැති බවද වාර්තා වනවා.
පොලිසිය නිවසට ගොස් පරීක්‍ෂා කිරීමේදී කාන්තාව මෙයට දින තුනකට පමණ පෙර මිය යන්නට ඇති බව සොයා ගැනුණා.
මියගිය අයගේ සැමියා නිවස අසළ මාර්ගයේ ගමන් කළ අයෙකුට පවසා ඇත්තේ තමාගේ බිරිඳ මියගොස් ඇති බවත් මෙතෙක් කාටවත් නොකියා තමා ඇයට ආදරේ නිසා දින ගණනාවක් ඇය තුරුළු කරගෙන සිටි බවයි.
පශ්චාත් මරණ පරීක්‍ෂණය කෑගල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී අයි. එල්. කරුණාරත්න මහත්මිය විසින් සිදු කර අඩු පෝෂණ හා නිව්මෝනියාව රෝගය සෑදී මරණය සිදුවී ඇති බව නිගමනය කර තිබෙනවා.