Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
25
එක් රැයකින් ලෝකයේම අවධානය දිනූ 9 හැවිරිදි පිරිමි දරුවා අවුරුදු 18ක තරුණයෙක්ද? ඔහු මුදල් ලබාගන්න රඟපෑවාද? - සමාජ මාධ්‍ය කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - Video & Photos

- එක් රැයකින් ලෝකයේම අවධානය දිනූ 9 හැවිරිදි පිරිමි දරුවා අවුරුදු 18ක තරුණයෙක්ද? ඔහු මුදල් ලබාගන්න රඟපෑවාද? - සමාජ මාධ්‍ය කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
ලෝකය වටෙන්ම දරුවාට ඩොලර් 440 000ක පරිත්‍යාග ලැබිලා..
"ඒ අපහාස ඇත්තටම ඉතා පිළිකුල් සහගතයි.."
"ඔව් ඔහුට නවයයි. ඔහුගේ හැඬිම විහිළුවක් නෙවෙයි.."
 
ක්වේඩන් බේල්ස් කියන්නෙ ඕස්ට්‍රේලියාවේ ස්වදේශික පවුලක ඉන්න අවුරුදු 9ක පුංච් දරුවෙක්.
 
ක්වේඩන්ගෙ අම්මා පසුගියදා අන්තර්ජාලයට නිකුත් කරපු වීඩියෝවක් නිසා මෙයා ගැන ලෝකයේ බොහෝ දෙනා අවධානය යොමු වෙලා තියෙනවා.
 
මේ පුංචි දරුවා උපතින්ම කුරු එහෙමත් නැත්නම් මිටි පුද්ගලයෙක්. ශාරීරික වෙනස්කම නිසා පාසලේ යාලුවෝ හැමදාම මෙයාව සමච්චලයට ලක් කරනවා.

ඉතින් මේ වෙද්දි ක්වේඩන් තමන්ට ජීවිතය නැති කරගන්න ඕනි කියන තත්වයට පත් වෙන්න තරම් මානසිකව වැටිලා ඉන්න බව ඔහුගේ මව කියන්නෙ ඇඬූ කඳුලින්.
 
කොහොම වුනත් මානසික පීඩනයට ගොදුරු වුන මේ පුංචි ක්වේඩන්ගෙ වීඩියෝව ලොව පුරා මිලියන ගණනක් සංවේදී මිනිසුන්ගේ අවධානය දිනා ගන්න සමත් වෙලා තිබෙනවා.
 
හියු ජැක්මන් වැනි ප්‍රසිද්ධ චරිත පවා මේ පොඩ්ඩාව දිරිමත් කිරීමේ අරමුණින් ඔහු වෙනුවෙන් තමන් සහ තවත් බොහෝ දෙනා සිටින බව කියන වීඩියෝ අන්තර්ජාලය එක් කරල තිබුණා.
 
එතැනින් නොනැවතුන අමෙරිකානු විකට නළුවෙක් වන බ්‍රැඩ් විලියම්ස් විසින් ක්වේඩන්ට ඩිස්නිලන්ත සවාරියක් එක්කන් යන්න ආධාර එකතු කරන්න GoFundMe පිටුවක් ආරම්භ කරල තිබුණා.
 
ඩිස්නිලන්තයට යන්න අවශ්‍ය අමෙරිකානු ඩොලර් 10 000ක් එකතු කිරීම ඔහුගේ අරමුණ වුනත් ලෝකෙ පුරා ඉන්න ආදරණීය මිනිස්සු ගොඩක් එකතු වෙලා මේ වෙනකොට ඩොලර් 440 000 පමණ ලබා දී තිබෙන බව විලියම්ස් තමන්ගෙ ට්විටර් ගිණුමේ සඳහන් වෙනවා.
 
මේ සියළු අමතර මුදල් මෙවැනි වෙනස්කම් සහිත දරුවන්ගේ අවශ්‍යතා වලට යොදවන්නත් විලියම්සන් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
 
විලියම්සන්ගේ මේ උත්සාහය එක්ක ලොව ප්‍රසිද්ධ පුදගලයන් සහ සමාගම් ක්වේඩන්ට උදව් කරන්නත් ඔහුව දිරිමත් කරන්නත් ඉදිරිපත් වෙලා ඉන්නවා.
 
ෆිජි ගුවන් සමාගම ක්වේඩන්ගේ ඩිස්නිලන්ත සවාරියට නොමිලේ ගුවන් ටිකට්පත් දෙන්න පොරොන්දු වෙලා තිබෙනවා.
 
ඒ වගේම ලෝක රෙස්ලිං තරු කීපයක්ම ක්වේඩන්ව WrestleMania වෙත කැඳවාගෙන යන්න කැමැත්ත පළ කරල තිබෙනවා.
 
හොඳයි... මේ කතන්දරත් එක්ක අන්තර්ජාලය පුරාම වෛරසයක් වගේ පැතිරුණු තවත් කතාවකට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.
 
එනම්, මෙම 9 හැවිරිදි දරුවාව යොදවාගෙන ඔහුගේ මව මුදල් උපයා ගැනීමේ ජාවාරමක නිරත වන බවත්, සැබෑ ලෙසින්ම මේ දරුවා 9 හැවිරිදි නොවන අතර ඔහුගේ සැබෑ වයස අවුරුදු 18ක් බවයි, මෙම කතාවෙන් කියවුණේ.
 
ලෝකයේ වගේම ලංකාවේත් බොහෝ පිරිසක් මේ පුවතත් එක්ක කැළඹිලා ගියා කිව්වොත් හරි. ඒ මොකද ඒ වෙනකොටත්... ලෝකය පුරාම ඉන්න සංවේදී හදවත් ඇති පිරිස් මේ දරුවා වෙනුවෙන් පෙළ ගැහුණු නිසා.
 
ඉතින් ඇත්තටම මේ දරුවා කළේ බොරුවක්ද? ඇත්තටම ඔහු 18 හැවිරිදි අයෙක්ද?
 
බ්‍රිතාන්‍යයේ dailymail වෙබ් අඩවියේ පසුගිය දවසක මේ සම්බන්ධයෙන් වන ලිපියක් පළ කර තිබුණා.
 
ඒ අනුව මේ සියල්ලම ඔහුගේ නම භාවිතා කරමින් සකස් කරනු ලැබූ ව්‍යාජ පුවත් බවයි සඳහන් වන්නෙ. එම පුවත් අනුව, විවිධ ව්‍යාජ ගිණුම් මඟින් 9 හැවිරිදි ක්වේඩන් බේල්ස් 18 හැවිරිදි තරුණයෙකු ලෙස හඳුන්වා දී තිබුණු අතර ඔහු ප්‍රාථමික සිසුවෙකු නොවන බවත් සඳහන් වුණා.
 
මෙම අපහාසයන් දරාගත නොහැකි වූ තැන ක්වේඩන් බේල්ස්ගේ මව විසින්, සමාජ මාධ්‍යවල සටහනක්ද තබා තිබුණා.
 
එක් කාන්තාවක් මේ සඳහා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ,
 
"ඔව් ඔහුට නවයයි. ඔහුගේ හැඬිම විහිළුවක් නෙවෙයි. ඔහු නළුවෙක් හෝ නිරූපණ ශිල්පියෙක් නෙවෙයි. ඔහුගේ මව මේ දේ සමාජ මාධ්‍යයට මුදා හැරියේ දරුවාගේ හිරිහැර ගැන කෝපයට පත් වූ නිසාමයි. ඇය කවදාවත් මුදල් ඉල්ලුවේ නෑ.."
 
කෙසේ වෙතත්, ක්වේඩන් බේල්ස් යනු සැබෑවටම කවුද යන්නත්, ඔහු ව්‍යාජ ලෙස මුදල් ඉපැයීමක නිරත වන්නෙක්ද යන්නත් සමාජ මාධ්‍ය ඔස්සේ තවමත් විවාදයට ලක් වෙමින් පවතිනවා.
 
සංසරණය වන තවත් කට කතාවක් වන්නෙ, ක්වේඩන් බේල්ස් සත්‍ය වශයෙන්ම වීඩියෝවේ රඟදැක්වීමක් කරන්නේ ඔහුගේ මේ සැබෑ ස්වරූපය හෙළි වූ පසුව බවයි.
 
තමන්ගේ පුතා වෙනුවෙන් එක්රැස් වන මුදල්, ඩිස්නිලන්තයේ නිවාඩුව සඳහාත්, ඉතිරිය පුණ්‍යාතන, එනම්... විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහාත් ලබා දෙන බවයි, ක්වේඩන් බේල්ස් ගේ මව මාධ්‍ය වෙත සඳහන් කර සිටින්නේ.
 
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන තුනකට වැඩි වාර ගණනක් නරඹා ඇති මේ විඩියෝව නිරූපණයක් හෝ රඟදැක්වීමක් හෝ නොවන බවයි ඔහුගේ මව වැඩිදුරටත් පවසන්නේ.
 
මෙම ව්‍යාජ මවාපෑම් හරහා තමාගේ දරුවා "18ක තරුණයෙකු" ලෙස හුවා දැක්වීම පිළිකුල් සහගත බවයි ඇය කියන්නේ.





The fundraiser has now garnered $401,125 from 17,960 supporters since the American comedian started the GoFundMe page on Thursday
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top