මේ පුවත ඇසීමෙන් ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකයේම සිටින ඇගේ රසික රසිකාවියන් මහත් කම්පනයට පත්ව තිබෙනවා.
PTI පුවත් සේවය වාර්තා කරන අන්දමට, දැන් 92 හැවිරිදි වියේ පසුවන ආශා බෝස්ලේ මහත්මියව ඇතුළත් කර ඇත්තේ මුම්බායි හි සුප්‍රසිද්ධ බ්‍රීච් කැන්ඩි (Breach Candy) රෝහලටයි. ඇයට හෘදයාබාධයක් සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා කිහිපයක් ඇති වී ඇති බවත්, මේ වන විට වෛද්‍යවරුන්ගේ දැඩි අවධානය ඇය වෙත යොමුව ඇති බවත් වාර්තා වෙනවා.
දශක හතකට වැඩි කාලයක් සංගීත ක්ෂේත්‍රයේ වැජඹුණු ආශා බෝස්ලේ, ඇගේ වැඩිමහල් සහෝදරිය වූ ලතා මංගේෂ්කාර්ගේ සෙවණැල්ලෙන් මිදී තමන්ටම ආවේණික වූ සුවිශේෂී ගායන ශෛලියක් ගොඩනගා ගැනීමට සමත් වූ අපූරු ශිල්පිනියක්.
ඉන්දීය සිනමාවට කළ ඒ අමිල සේවය වෙනුවෙන් ඇය පද්ම විභූෂණ (ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානයක්) ,දඩාසාහිබ් ෆාල්කේ සම්මානය ඇතුළු ගෞරව රැසකින් පිදුම් ලබා තිබෙනවා.
දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන මේ අසහාය ගායන ශිල්පිනියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඉන්දීය නළු නිළියන් සහ ලොව පුරා විසිරී සිටින සංගීත ලෝලීන් සමාජ මාධ්‍ය හරහා පණිවිඩ නිකුත් කරමින් සිටිනවා.