Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Jan
19
රටක් තුටු කළ ඇය අද කදුළෙන්.

- රටක් තුටු කළ ඇය අද කදුළෙන්.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views

ශ්‍රී ලංකාවේ වේදිකාවේ, සිනමාවේ හා රූපවාහිනියේ අතිදක්ෂ රංග ශිල්පිනියක වූ මර්සි එදිරිසිංහ මහත්මිය දැඩි ලෙස රෝගාතුර වී ශාරීරික හා මානසික වේදනාවන්ට භාජනය වෙමින් වරකාපොළ පිහිටි සිය නිවසේ පසුවන බව දැනගන්නට ලැබුනේ පසුගිය බදාදා (15) දිනයේය. පසුගිය දිනවල ඇය කෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවාය. ඇගේ පිට කොන්දේ හටගෙන තිබෙන දැඩි වේදනාවක් සුවකර ගැනීම සඳහා ඇය රෝහල්ගත වී සිටියාය. දෙවසරක පමණ කාලයක සිට මර්සි අක්කා විවිධ රෝගාබාධයන්ගෙන් වේදනා විඳින බව ඇගේ බාල සොහොයුරියක් වන රාජි එදිරිසිංහ මහත්මිය පැවසුවාය.

 

පසුගිය වසරේ මර්සි එදිරිසිංහ මහ්තමියගේ ගර්භාශයේ ශල්‍යකර්මයක්ද සිදු කර තිබෙනවා. විටින් විට හට ගන්නා තවත් රෝග හේතුවෙන් ඇය මේ වනවිට දැඩි ලෙස රෝගාතුර වී සිටිනවා. ආහාර ගැනීමට ප්‍රියක් නැති බැවින් ශරීරය බොහෝ දුර්වලය. සිරුරේ ලේ හිගකම නිසා පසුගිය දා ලේ පයින්ට් දෙකක් ලබා දී ඇත. 


වෛද්‍ය උපදෙස් මත ඇයට ස්කෑන් පරීක්ෂණ රැසක් සිදුකර තිබෙනවා. පිට කොන්දේ වේදනාව සඳහා අධි මාත්‍රාවෙන් යුක්ත වේදනා නාශක පෙති වර්ග ලබා දී ඇති අතර ඉන් මර්ධනය නොවන වේදනාවකින් මධ්‍යම රාත්‍රියේ අවදි වන මර්සි අක්කා හඬමින් රැය පහන් වනතුරු වේදනා විඳින බව රාජි එදිරිසිංහ මහත්මිය පැවසුවා. වැඩිදුරටත් ඇය පැවසුවේ පසුගිය දෙවසරක් තිස්සේ මර්සි අක්කා පුද්ගලික රෝහල්වල නවතා ප්‍රතිකාර ලබා දීමට හා බාහිර පරීක්ෂණ සිදු කිරීමට තමා ඇතුළු ස්වාමි පුරුෂයා වන රෝහාන් වීරසිංහ සහ වැඩිමහල් සොහොයුරී ගර්ටි එදිරිසිංහ මහත්මිය කැප වූ බවයි.

දැන් අපිට එහෙම කරන්න වත්කමක් නැති හින්දයි මර්සි අක්කා රජයේ රෝහලට රැගෙන ගියේ. කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් මර්සි අක්කාට හොඳින් ප්‍රතිකාර කළා. මර්සි අක්කාට තවත් ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගන්න තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දී එම පරීක්ෂණය සිදුකර ගන්න පොරොත්තු ලේඛණයේ සෑහෙන කාලයක් බලා සිටින්නට සිදු වෙනවා. පුද්ගලික අංශයෙන් එම පරීක්ෂණය සිදු කර ගන්න රුපියල් එක්ලක්ෂ තිස් දහසක් පමණ වැය වෙනවා. මර්සි එදිරිසිංහ අක්කාගේ රංගනයට ආදරය කළ රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා ඇයට මේ අවස්ථාවේ කළ හැකි උපකාරයක් ලබා දෙන ලෙස. ඇගේ ගිණුම් අංකය මෙසේය.

මර්සි එදිරිසිංහ. ගිනුම් අංක x 0700 - 010 20486 -101 සෙලාන් බැංකු ශාඛාව වරකාපොළ.

මෙහි ඉතා ශෝකජනක පැත්තක් තිබේ. එනම් පනස් වසරක් මුළුල්ලේ වේදිකාවේ, සිනමාවේ සහ රූපවාහිනියේ නිර්මාණ විශාල ප්‍රමාණයකට දායක වූ රංගන ශිල්පිනියක හා දක්ෂ ගායිකාවක වන මර්සි එදිරිසිංහ මහත්මිය දකින්නට, සුවදුක් විමසා අතීත රසබර,දුක්බර මතකයන් ඔස්සේ සිනහවක් කඳුලක් නගන්නට සමකාලීනයන් කිසිවකු ඇය හමුවට මෙතෙක් නොපැමිණීමයි. වරකාපොළ හන්දිය පසුකර ගෙන පසුගිය කාලයේ ෂූටින් හෝ වෙනත් ප්‍රසංග සඳහා මර්සි අක්කාගේ සමකාලිනයන් බොහෝ දෙනා නුවර දෙසට ගමන් කරන්නට ඇත. ඒ වගේම වරකාපොළ හන්දියෙන් කුරුණෑගල දෙසට හැරෙන්නට ඇත. එහෙත් ඒ කිසිවකු වරකාපොළ හන්දියේ සිට මීටර් 100ක් නුදුරින් නුවර පාරේ පිහිටි මර්සි අක්කාගේ ගෙදරට ගොඩ නොවැදුනේ මොන හේතුවක් නිසාදැයි කියන්න මම නොදනිමි. එම නිවස පිහිටි ඉඩමේ මර්සි අක්කාට අයත් "හෙළ බොජුන්" හල ඉදිරිපිට තිබෙන මර්සි අක්කාගේ විශාල ප්‍රමාණයේ කටවුට් එක ඇය සිටින තැන හඳුනා ගන්නට හොඳ පිටුවහලකි.

දිනක් ජාතික රූපවාහිනියේ හඬ කැවීම් අංශයේ ප්‍රධානි අතුල රන්සිරිලාල් මහතා ඔහුගේ හඬ නළු ශිල්පි, ශිල්පිනියන් සමග වරකාපොල, අඹේපුස්ස, නුවර පාරේ 451 දරන නවාතැනට පැමිණ මුළු සවස් වරුවම මර්සි අක්කා සමග විනෝද වෙමින් ගත කළ කාලය අදටත් මර්සි අක්කා හැගීම්බරව සිහිපත් කරන බව රාජි එදිරිසිංහ මහත්මිය පැවසුවාය. මිනිසත්කම සෝදාපාලූ වී නැතැයි සතුටක් හිතට දැනෙන්නේ එවැනි විටකදී ය.




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top