ඒත් ඇත්තෙන්ම, ඇය විනාශකාරි පෙනහළු පිළිකාවකින් පීඩා විඳිමින් සිටියා.
මිය යනවිට 42 හැවිරිදි වූ ඇය වයස අවුරුදු 26 දී හෙදියක් ලෙසින් උසස් අධ්‍යාපනය නිම කරනු ලැබූ අයෙක්.
මුල්කාලීනව දිවේ ඇතිවූ බව කියන ඇගේ පිළිකා තත්ත්වය පසුව පෙනහළු දක්වා පැතිර තිබෙනවා.
රෝගය උත්සන්න වෙද්දි ඇයව රෝහල්ගත කළා. ඒ වනවිටත් ඇය දෙවියන්ට යාඥා කිරීම නතර කර තිබුණේ නැහැ.
ඇය සිය අවසන් ප්‍රාර්ථනාව කොළ කැබැල්ලක ලියා තිබුණූ අතර ඇය එහි සඳහන් කර ඇත්තේ "තමන් වෙනුවෙන් යාඥා කිරීමට අමතක නොකරන" ලෙසයි.
දරුණු පිළිකාවක් තමා බිලිගන්නා වග දැන දැනත් ඇය සිනාමුසුව ගීතිකා මුමුණමින් සිටිනු බොහෝ දෙනෙකුට දැකගත හැකි වුණා.
අවසන් ගමන් යන විටත් ඇගේ සිනහව ඒ අයුරින්ම මුව මත රැඳුණූ අතර එය වෛද්‍යවරුන් පවා විශ්මයට පත් කළ කාරණාවක් වුණා.
