Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
03
"අද ළමයින් වෙනුවෙන් කාල වේලාවක් ලබාගන්න විදිහක් නැති තත්ත්වයක් ඇතිවෙලා" - ජේෂ්ඨ කලාකරු "මැජික් සීයා" හෙවත් රංජිත් පීරිස් - Photos

- "අද ළමයින් වෙනුවෙන් කාල වේලාවක් ලබාගන්න විදිහක් නැති තත්ත්වයක් ඇතිවෙලා" - ජේෂ්ඨ කලාකරු "මැජික් සීයා" හෙවත් රංජිත් පීරිස් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

දරුවන් වෙනුවෙන් තමයි මම ගොඩක් නිර්මාණ කළේ.....

හොඳම දේ දරුවන්ට කියලා කිව්වට අද එහෙම වෙන්නෙ නැහැ.....

පනස් වසරකටත් වැඩි කලත් කලා කටයුතු වල නිරත වූ ඔහු බොහෝදෙනෙකු හඳුනාගන්නේ මැජික් සීයා ලෙසිනි. 


කලාවේ පනස් වසරක ගමන් මග?

1964දී තිස්ස ගුණවර්ධනගේ ‘රන්තෙලී’ නාට්‍යයට තමයි මම රංගනයෙන් දායක වුණේ. 69දී ටෙනිසන් කුරේ සමග වේදිකා නාට්‍යයක රංගනයට පැමිණියා. ඒ නාට්‍යය ‘එයා මළා’. සුනේත්‍රා රාජකරුණානායක තමයි එහි ප්‍රධාන චරිතයට රගපෑවේ. සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය ‘දෝණි’ නමින් වේදිකා නාට්‍යයක් කළා. එහි ප්‍රධාන චරිතයටත් සුනේත්‍රා රාජකරුණානායක රංගනයෙන් දායක වුණා. මමත් සුළු චරිතයකින් රංගන දායකත්වය ලබා දුන්නා. ‘නර ලොවට වැඩක්’ නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය වුණා. එහි ප්‍රධාන චරිතයට දායක වුණේ මම. කාලිංග උභයවංශ තමයි එය අධ්‍යක්ෂණය කළේ. ‘අපායේ තත්පර එක්දහස් අටසීය’, ‘භාණ්ඩාගාරය හිස්’ වැනි නාට්‍ය කරනගෙන යනකොට මට හිතුණා අභිරූපණ කළ යුතුයි කියලා. 1973දී එයට යොමු වුණා. චන්ද්‍රසිරි කොඩිතුවක්කු, ජයසේකර අපොන්සු සමගින් සංගීත කටයුතු කළා. වසන්ත ඔබේසේකර, ටයිටස් තොටවත්ත, සුගතපාල සෙනරත් යාපා, විජය ධර්මශ්‍රී, ඩීබී නිහාල්සිංහ, ඩබ්ලිව් ඩී අමරදේව, ෂෙල්ටන් ප්‍රේමරත්න, ජයතිස්ස අලහකෝන් වැනි අයගේ ඇසුර ලැබුණා. පසුව 1973 ‘දියමන්ති’ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ‘පසමිතුරෝ’, ‘සුද්දා’, ‘වදුල’ වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිතයට දායක වුණා. සිනමාවේ සංධිස්ථානයක් වූ ‘මලට නොයෙන බඹරු’ චිත්‍රපටයටත් දායක වුණා. ෂෙල්ටන් පයාගලගේ නිර්මාණයක්. ඒ සමග වසර තුනක පමණ කාලයක් කටයුතු කරන්න වුණා. ‘ගොලු මුහුද’ වැනි චිත්‍රපටවලට ලොකු කාලයක් ලබාදෙන්න සිද්ධ වුණා. මේ කටයුතු කරන ගමන් ටෙලිනාට්‍ය වලටත් එනවා. ‘රූපවාහිනී පියසටහන්’, ‘රට රටවල කතා’, ‘රූපවාහිනී කතන්දර පිටුව’, ‘මැජික් සීයා’ ආදියට සම්බන්ධ වුණා. ‘මැජික් සීයා’ ලංකාවේ ප්‍රථම සජීවීකරණ නාට්‍යය. පසුව ‘පුංචි රාළ’ නමින් සජීවීකරණ නාට්‍යයක් කළා.

වඩු වැඩෙන් දිවි රකීන?

1974 එම්.කේ රොක්සාමි මගේ ‘වඩු වැඩෙන් දිවි රකීන’ ගීතය කළා. ස්ටැන්ලි ප්‍රනාන්දු ගුවන්විදුලි සංස්ථාවට දුන්නා. ‘බෝඩිම’ නාට්‍යයටත් ඒ ගීතය කළා. එය ලංකාවේ ප්‍රථම සජීවීකරණ ගීතය. ස්ටැන්ලි උමාර් ඔරියන්ටල් ලෙසින් ඒ ගීතය කළා. වඩු වැඩෙන් ගීතය ශෛලීන් පහකට කර තිබෙනවා. රොක්සාමි මේ ගීතය කළේ කර්ණාටක ශෛලියට. ස්ටැන්ලි ප්‍රනාන්දු කළේ වෙස්ටන් ශෛලියකට. බෝඩිම නාට්‍යයට කළේ කැලිප්සෝ ශෛලියට. අපේ පුතාලා රෙගේ ශෛලියෙන් මේ ගීතය කළා.

අද කලාව?

අද කලාව ගැන හිතෙද්දි දුකයි. ඒ කාලේ හිටපු ප්‍රවීණ සිනමාවේදීන් සමග කටයුතු කළා. අද එවැනි මනුස්සකම් කලාකරුවන් තුළ නැහැ. මම රාජ්‍ය සංගීත කණ්ඩායම සමග ගායනා කරන්න යනවා.

මැජික් සීයාගේ ග්‍රන්ථ රචනය?

සාරධර්ම පොත් පහක් මම රචනා කර තිබෙනවා.

මැජික් සීයාගේ ගීත ඇතුළත් සීඩී?

මේ වන විට සීඩිපට දොළහක් කර තිබෙනවා. මේ සියල්ල නිෂ්පාදනය කළේ විවිධ සමාගම් විසින්. මාරිම්බා, ග්ලැක්සිස්, සන්ෆ්ලවර්ස් එක්ක මම සංගීත වලට ගියා. නමුත් රාජ්‍ය සංගීත කණ්ඩායම හොඳ මට්ටමක තිබෙනවා. අනුෂා ගෝකුල මැතිණිය මේ මොහොතේ මතක් කළ යුතුමයි. ඇය පැරණි කලාකරුවන් වෙනුවෙන් සැලකුම් ලබාදෙනවා. මට භාෂා කිහිපයකින් ගීත ගායනා කරන්න හැකියාව තිබෙනවා. දරුවන් වෙනුවෙන් තමයි මම ගොඩක් නිර්මාණ කළේ.

අද සිදුවන ළමා වැඩසටහන්?

අද ළමයින් වෙනුවෙන් කාල වේලාවක් ලබාගන්න ගන්න විදිහක් නැති තත්ත්වයක් ඇතිව තිබෙන්නේ. ඒ ගැන කණගාටුවක් තිබෙනවා. අද දරුවන්ට එදා තිබුණ රැකවරණය නැහැ. අධ්‍යාපනයේත් තමන් ගැන කියලා දෙන පසුබිමක් නැහැ. ලංකාව ගැන දන්න මිනිස්සු රටට ඉතිහාසයක් නෑ වගේ යන්නේ. පොඩිහිටියෝ වැඩිහිටියෝ වෙලා රියලිටි ඇතුළේ කටයුතු කරනවා. කිසිම කෙනෙක්ට දරුවන් ගැන හැඟීමක් නෑ. ලෙනින් මහත්තයා හොඳම දේ දරුවන්ට කියලා කිව්වට අද එහෙම වෙන්නෙ නැහැ. ඉස්සර හැමෝගෙම එකමුතුකම තිබුණා. සුන්දර මිනිසුන් හිටියා. ඒත් අද එහෙම මිනිසුන් දකින්නේ හරි අඩුවෙන්.

මැජික් සීයා ඇගයුමට ලක්වීම?

චිත්‍රපට, නාට්‍ය සංගීතයට කළ සේවය වෙනුවෙන් කලාභූෂණ සම්මානය හිමිවුණා. ඒ ගැන මට තියෙන්නේ සතුටක්.

සටහන - නිදුක් මදුෂික
ජායාරූප - දුලිත ශ්‍රීනාත්




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top