Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
13
"ඒ කාලෙදී තමයි මම මුලින්ම ධම්මිකාව දැක්කේ. එයා එතකොට ඉස්කෝලෙ යනවා..." - මහින්ද බණ්ඩාර - Photos

- "ඒ කාලෙදී තමයි මම මුලින්ම ධම්මිකාව දැක්කේ. එයා එතකොට ඉස්කෝලෙ යනවා..." - මහින්ද බණ්ඩාර - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

"මෝටර් බයිසිකලය අනතුරකට ලක්වෙලා මගේ දකුණු පාදය මට අහිමි වුණා.."

" මම ජීව විද්‍යාව උසස් පෙළට කරද්දි රාජු මල්ලි ගණිත විෂයෙන් උසස් පෙළ කළා.."

මහින්ද බණ්ඩාර කියන්නේ දක්ෂ වාදන ශිල්පියෙක් වගේම ගායකයෙක්. මහින්ද විවාහ කර ගත්තේ ලතා වල්පොල ප්‍රවීණ ගායන ශිල්පිණියගේ ආදරණිය දියණිය. මහින්දගේ  පවුල් පසුබිමෙන් ලැබුණු සංගීත ඥානයත් එක්ක ඔහු පුංචි කල සිටම සංගීතයට අවතීර්ණ වෙනවා.  තවමත් සංගීත ජීවිතයත් එක්ක ජීවිතය ගෙවන මහින්ද ගැනයි මේ.


ඔබ මේ දිනවල මොනවද කරන්නේ?
වෘත්තීමය වශයෙන් මම සංගීත කටයුතුවල තමයි යෙදිලා ඉන්නේ. ඒ නිසා මේ දිනවල ගීත කිහිපයකම පටිගත කිරීම්වලට සහභාගී වෙනවා. ඒ හැරෙන්න මගේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු කරගෙන යනවා. ශබ්දාගාරවල පටිගත කිරීම්වල තමයි වැඩිපුර කාලය ගෙවිලා යන්නේ.

මහින්දගේ ළමා කාලය ගැන මතක් කරමුද?
අපේ පවුල සංගීතයට නැඹුරු වුණ පවුලක්. මගේ සීයා ඩී.බී. කොඩිතුවක්කු. මගේ අම්මා චන්ද්‍රා බණ්ඩාර. මගේ මාමා ප්‍රේමනාත් කොඩිතුවක්කු. ඒ නිසා මට අවුරුදු හතේදී අටේදි ඉඳන්ම නිතරම ඇහුනේ සංගීතයයි. ගෙදර සංගීත භාණ්ඩ ඕනෑතරම් තිබුණා. ඒ නිසා මට වයස අවුරුදු අටක් නවයක් වෙද්දී මාත් සංගීතයට එකතු වුණා.

මහින්දගේ සහෝදර සහෝදරියන් ගැනත් අපි කතා කරමුද?
මගේ පවුලේ සහෝදර සහෝදරියන් නවදෙනෙක් ඉන්නවා. මගේ අක්කා ශාන්ති බණ්ඩාර. ලොකු අයියා ගංගානාත් බණ්ඩාර. දෙවැනි අයියා රංජිත් බණ්ඩාර. මම තමයි පවුලේ හතරවෙනියා. මට පස්සේ පිළිවෙළින් රාජු බණ්ඩාර, ශම්මි බණ්ඩාර, රාණි බණ්ඩාර, නිර්මලී බණ්ඩාර සහ චූටි මල්ලි තිලංක බණ්ඩාර. නවදෙනෙක් ඉන්න පවුලේ ගෙවුණු ළමා කාලය හරිම අපූරුයි. අපේ මහ ගෙදර නාගොල්ලෙ තිබුණේ. අපේ නවදෙනාටම යාළුවෝ හිටියා. ඉතින් ඒ යාළුවෝ අපේ ගෙදර ආවා. අපේ පුංචි අම්මලගේ ළමයි අපේ ගෙදර නිතරම හිටියා. මට තාම මතකයි ඉස්සර අපේ ගෙදර දාහතරදෙනකුට පහළොස්දෙනකුට සෑහෙන්න බත් ඉව්වා. ගෙදර තිබුණ ලොකු කෑම මේසයට කෑම යවලා පිඟන් ගොඩාක් තියලා තිබුණා. ඒක හරියට නිකං හොස්ටල් එකක් වගේ. ඒ වගේ හරිම සුන්දර ළමා කාලයක් මට තිබුණා.

ළමා කාලෙදි මහින්ද දඟ චරිතයක්ද?
ටිකක් දඟයි. අපේ පවුලේ මමයි රාජුයි දඟ වැඩ කළා. සරුගල් අරින්න යනවා. කැලේ පනිනවා. ගෙදරට පහල ඇලක් තිබුණා. ඔය ඇලේ ගිහින් ඇතිතරම් නෑවා. අද කාලේ දරුවන්ට වගේ ඒ කාලේ අපිට ගොඩක් කාර්යබහුල ජීවිතයක් තිබුණෙ නැහැ. කවුරැත් අපිට කිසි දේකට බල කළේ නැහැ. තහංචි දැම්මේ නැහැ. අපේ ජීවිතේ බොහෝම නිදහසේ ගලාගෙන ගියා.

ඉගෙනගත්තේ මොන පාසලේද?
මම ඉගෙනගත්තේ කෑගල්ල මහා විද්‍යාලයේ. පාසලේදී මම අධ්‍යාපන කටයුතු හොඳටම කළා. උසස්පෙළ හැදෑරැවේ ජීව විද්‍යා අංශයෙනුයි. පාසලේදී විෂයක් විදිහට මම සංගීතය හැදෑරැවේ නැහැ. මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඒ නිසා කලා විෂයට මම තෝරාගත්තේ චිත්‍ර කලාවයි. පාසලේ අට වසරේදී මම පාසලේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වුණා. ගුරුවරුන්ගේත් හිත් දිනාගෙන පාසල් වැඩකටයුතුත් හොඳටම මම කළා.

ගෙදර තිබුණු සංගීත භාණ්ඩවලින් මුලින්ම මහින්දගේ හිත ගත්තේ මොන සංගීත භාණ්ඩයටද?
මම තත් භාණ්ඩ වාදනය කරන්න මුලින්ම හරි ආසයි. අපේ ගෙදර මැන්ඩලීනයක් තිබුණා. ගිටාරයක්, සිතාරයක් තිබුණා. ඒ නිසා ඒවාට මගේ නැඹුරුතාවයක් තිබුණා. ඒ කාලේ කණ්ඩායම් සංගීතය අපිට රේඩියෝවෙන් නිතරම ඇසුණා. මගේ වැඩිපුරම හිත ගියේ ගිටාර් හඬටයි. ඒ නිසා මට ගිටාර් වාදනය කරන්න ආසාවක් ඇතිවුණා.

උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබපු මහින්ද සංගීත අධ්‍යක්ෂවරයකු වුණේ කොහොමද?
මම හිතන විදිහට ඒකට ප්‍රධාන හේතුව වුණේ අපේ පවුලේ තිබුණු ආභාෂයයි. මම අවුරුදු දහතුනේදී සංගීත කණ්ඩායමට බැඳුණා. ඒ අපේ ගමේ සංගීත කණ්ඩායමකට. අපේ පවුලේ නවදෙනාටම යම් ප්‍රමාණයකට හෝ සංගීත හැකියාවක් තිබුණා. සංගීතය පිළිබඳව යම් හැඟීමක් වගේම දැනීමක් තිබුණා. අපේ අක්කටත් හොඳට සින්දු කියන්න, ගිටාර් එක වාදනය කරන්න පුළුවන්. මට අවුරුදු දාසයේදී ලංකාවේ තියෙන අති දැවැන්ත සංගීත කණ්ඩායමක් වුණු ෆෝචූන්ස් සංගීත කණ්ඩායමට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. ඔය කාලෙදි අපේ ගෙදරට ස්ටැන්ලි පීරිස් මහතා නිතරම ආවා ගියා. ෆෝචූන්ස් සංගීත කණ්ඩායමේ නායකයා වුණේ ඔහුයි. ඒ මම ගිටාර් වාදනය කරන විදිහ ඔහු දැක්කා. ඒ වගේම අපේ මාමගේ හොඳම යාළුවෙක් වන ලෝරන්ස් ප්‍රනාන්දු සතියකට වතාවක් අපේ ගෙදර ආවා ගියා. ඔහු ගණිත ගුරුවරයෙක්. මම ඉගෙනගන්න අතරේ සංගීතයට නැඹුරු වෙද්දී ඔහුත් ගිටාර්වල මුල් ස්වර ගැන කියලා දුන්නා. මේ පාර දීලා යන එක ලබන පාර ආවහම ඔහු ඉදිරියේ වාදනය කරලා පෙන්නන්න ඕන. ඒ නිසා ඒ ඉගෙනීමත් මම ආසාවෙන් කළා. ඒ දේවල් ස්ටැන්ලී පීරිස් මහතා දැක්කා. ඔහු මාව ෆෝචූන්ස් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටර් වාදකයා විදිහට තෝරගත්තා. ඒ කාලේ ඒක ඉතා දක්ෂ වාදකයෝ හිටපු ලංකාවේ දක්ෂ ජනප්‍රිය සංගීත කණ්ඩායම ඒ කාලේ හෝටල්වල, ක්ලබ්වල ෆෝචූන්ස් හරියට වාදනය කළා. ඒ හරහා ඉංග්‍රීසි සින්දු අහන්න මට සිද්ධ වුණා. මම ඉස්කෝල යන ගමන්ම ඒ කණ්ඩායමේ පුහුණුවීම් කළා. වාදනය කළා. අවසානයේදී සංගීත පැත්තට මාව නැඹුරු වුණා.

ජීව විද්‍යා හදාරපු මහින්ද පූර්ණ කාලීනව සංගීත ක්ෂේත්‍රයට නැඹුරු වෙද්දී ගෙදරින් එයට අකමැත්තක් පලකළේ නැද්ද?
නැහැ. අපේ ගෙදර තිබුණු සංගීත පරිසරයත් එක්ක කවුරැවත් ඒකට අකමැති වුණේ නැහැ. මට ඉගෙනීමත්, සංගීතයත් දෙකම හොඳට කරන්න පුළුවන් කියලා අම්මා දැනගත්තා. මම ජීව විද්‍යාව උසස් පෙළට කරද්දි රාජු මල්ලි ගණිත විෂයෙන් උසස් පෙළ කළා. රාජු මල්ලිටත් හොඳට ඉගෙනගන්න පුළුවන්. අන්තිමේදී අපි දෙන්නම තමයි සංගීතය කළේ. ස්ටැන්ලි මහත්තයා වුණත් අම්මව හොඳට අඳුරනවා. ඒ නිසා අපිට සංගීතය පැත්තට නැඹුරු වෙනවට අකමැති වුණේ නැහැ. ඒ ආශිර්වාදය අදටත් මට තියෙනවා. සී.ටී. ප්‍රනාන්දු, රුක්මනී දේවී වගේ ප්‍රවීණ කලාකරුවන්ගේ කලාකාරිනියන්ගේ ගීත පටිගත කිරීම්වලට සම්බන්ධ වෙන්නට මට පුළුවන් වුණා. ඒ වෙනකොට මම හිටියේ නවය වසරේ.

එවැනි දැවැන්ත චරිත එක්ක ළාබාල වයසේදීම වැඩ කරද්දි ලබපු අත්දැකීම් මොන වගේද?
ඒ අවස්ථා මට ලැබුණෙත් ස්ටැන්ලි පීරිස් මහත්තයා හරහායි. ඔහු රුක්මනී දේවී මහත්මියට ගීත කිහිපයක් නිර්මාණය කළා. එතැනදී තමයි මටත් ඒවට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ අවස්ථාවට කොළඹින් තව දක්ෂ වාදක මණ්ඩලයකුත් සහභාගී වුණා. ඒක ඇත්තටම මට හීනයක් වගෙයි. සජීවීව ඔවුන්ට සංගීතය වාදනය කරන්න මටත් අවස්ථාවක් ලැබුණා. මට තාම මතකයි රුක්මනී දේවි මහත්මිය ස්ටැන්ලි පීරිස් මහතාට මේ ළමයට හොඳ අනාගතයක් තියෙනවා. ඔහුව හොඳින් රැකබලාගන්න. කියලා ලියුමකින් ලියලා එවලා තිබුණා. ඒ ලබපු අත්දැකීම් මගේ ජීවිතයට හරියට වටිනවා.

කෑගල්ලේ ඉඳගෙන තමයි මහින්ද සංගීත කටයුතුවලට සහභාගී වෙන්නේ?
ඔව්. මුලින්ම සංගීත කණ්ඩායමේ විතරයි වාදනය කළේ. අපි නුවර ඉඳන් තමයි ආවේ. ඔහොම සංගීත කණ්ඩායමේ වැඩ කරගෙන යද්දි කටින් කට මම ගැන බොහෝ දෙනා කතා කරන්න පටන්ගත්තා. පැට්‍රික් දෙනිපිටිය මහතා ඔහුගේ සංගීත වැඩකටයුතුවලට මාව තෝරගත්තා. රොක්සාමි මහතා, සරත් දසනායක මහතා, රෝහණ වීරසිංහ මහතා වැන්නන් ඔවුන්ගේ පටිගත කිරීම්වලට අපිව ගත්තා. ඒ හැමදේකින්ම සංගීතය පිළිබඳ, තනු නිර්මාණය කිරීම පිළිබඳ දැනුමක් ලබාගන්න මට පුළුවන් වුණා. ඒ හරහා අපිටත් ගීත නිර්මාණය කරන්න පුළුවන් කියලා මටත් හිතුණා.

ඒ හරහා කළ මුල්ම සංගීත නිර්මාණය මොකද්ද?
තරංග ලේබලය අයිති අධ්‍යක්ෂකතුමා ශාමි ෆොන්සේකා කැසට් පටයක් කළා. එහිදී මට ගීත තුනක් සංගීත අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව දුන්නා. මම ඒ අවස්ථාව සතුටින් බාරගත්තා. ඒ කාලෙදි රූකාන්තත් ඉස්කෝලෙ ඇරිලා පටිගත කිරීම්වලට සහභාගී වෙන කාලයයි. ඒ නිසා ශාමි ෆොන්සේකා එක්ක යුග ගායනයට මම රෑකාන්තව යෝජනා කළා. හිතට හිතී මට නොකී කතා කියන ඒ ගීතය මුලින්ම පටිගත කළා. ඒ ගීතය ලියුවේ අජන්තා රණසිංහ මහතායි. ඊටපස්සේ මම හෙමීට මගේ ගමන ආවා. මගේ සංගීත අධ්‍යක්ෂණයෙන් මුලින්ම හොඳටම ජනප්‍රිය වුණ ගීතය විදිහට මම හඳුන්වන්නේ කවිකාරියේ සින්දු කියනා ලඳේ කියනා ගීතයයි. ඊටපස්සේ එකින් එක මගේ ගීතත් ජනප්‍රිය වුණා.

මහින්දගේත්, ධම්මිකාගේත් විවාහය සිදුවන්නේ කොයිකාලෙදිද?
අපේ විවාහය සිදුවන්නේ 1984දී. මගේ ගම කෑගල්ලේ. එහේ ඉද්දිත් මම පටිගතකිරීම්වලට උදේ පාන්දර හයයි කාලේ බස් එකේ නැගලා අපි කොළඹ ආවා. මුලින්ම අපි පරණ ගීත අලුතින් කැසට්පටවලට කරපු කාලයක් තිබුණා. මුලින්ම අපි මොහිදින් බෙග් මහත්මයාගේ ගීත අලුතින් පටිගත කළා. ගීත දෙසීයක් නිතර අපි ආපහු ප්‍රතිනිර්මාණය කළා. ඊටපස්සේ අපි ලතා වල්පොල, ධර්මදාස වල්පොල දෙදෙනාගේ ගීත නැවතත් කළා. ඒ කාලෙදී තමයි මම මුලින්ම ධම්මිකාව දැක්කේ. එයා එතකොට ඉස්කෝලෙ යනවා. අම්මයි, තාත්තයි එක්ක එයත් නිතරම පටිගත කිරීම්වලට ස්ටුඩියෝවට ආවා.

ධම්මිකාව දැනහඳුනාගෙන තියෙන කාලෙදිම මහින්දට රිය අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වුණා නේද?
ඔව්. ධම්මිකාව දැනහඳුනාගෙන තිබුණට මගේ රිය අනතුර වූ කාලෙදි අපි අතරේ ප්‍රේමයක් පටන් අරගෙන තිබුණේ නැහැ. 1980දී මෝටර් බයිසිකලය අනතුරකට ලක්වෙලා මගේ දකුණු පාදය මට අහිමි වුණා. මාසයක් විතර මට රෝහල්ගත වෙන්න සිද්ධ වුණා. ඔය කාලෙදි තමයි අපි ජෝති රාත්‍රිය වේදිකාගත කළේ. මම නුවර ඉද්දි මාව වැඩසටහන්වලට කට්ටිය වාහනයකින් අරගෙන ගියා. ඔය කාලෙදී ධම්මිකාට අනතුර ගැන ආරංචි වෙලා ගොඩක් කනගාටු වුණා. ග්‍රේෂන් ආනන්ද තමයි මේ ආරංචිය එයාලට කියලා තිබුණේ. ධර්මදාස අංකලුයි, ලතා ඇන්ටියි අපේ සම්බන්ධයට කැමති වුණා. ඒ හැමෝගෙම ආශිර්වාදයෙන් 1984 වසරේදී අපි විවාහ වුණා.

අද ගත කරන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
දැන් මගේ සාමාන්‍ය සුපුරුදු ප්‍රසංගවලට සහභාගී වෙනවා. ලංකාවේ වැඩ වගේම විදෙස් ප්‍රසංගවලටත් සහභාගී වෙනවා. මේ වනවිට මටයි ධම්මිකාටයි ලොකු දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ඒ දෙන්නෙක්ම විවාහ වෙලා. පුතාලා තුන්දෙනෙක් තමයි අපිට ඉන්නේ. දැන් ලොකු පුතාට දරුවන් දෙන්නෙකුත් ඉන්නවා. දැන් මම සීයා කෙනෙක්. බන්දුල නානායක්කාරවසම් ලියූ ගීතයක් මමයි ධම්මිකයි ඉදරියේදී ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා.

 දේශය



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top