ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරඟය ලකුණු 23 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවටපහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු338රැස්කලා.
එහිදී අවිශ්ක ප්‍රනාන්දු අද සිය මංගල එක්දින ශතකය ලෙස ලකුණු 104ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවා.
පන්දු 102කින් වාර්තා වුනු ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුනා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම සිය අභියෝගය අවසානය වනතෙක් ජය ගැනීම අත්නොහැර තියුණු සටනක නියැලුනා.
එහිදී සුවිශේෂී පිතිකරණයක නියැලුණු N Pooran ලකුණු 118 ක් රැස්කරගත්තා.
කෙසේ වෙතත් වසර ගණනක ආබාධයකින් පසු අවසන් මොහොතේ යළිත් එක්දින පිටියේ පන්දුව අතට ගත් මැතිව්ස් ගේ පන්දුවක් හමුවේ Pooran නරඹන්නෙක් බවට පත්වුනා.
කෙසේ වෙතත් අද තරඟයේද සිය වගකීම මැනවින් ඉටුකළ මාලිංගගේ පන්දු යැවීම හමුවේ පිතිකරුවන් තිදෙනෙකු නැවත ක්‍රීඩාගාරයට හැරී ගියා.