Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
07
"තාත්තා මේසන් බාස්වරයෙක්. පවුලේ දරුවන් 6 දෙනයි.දුප්පත් පවුලක ඉපදුණු කෙනෙක් මම.." - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - Photos

- "තාත්තා මේසන් බාස්වරයෙක්. පවුලේ දරුවන් 6 දෙනයි.දුප්පත් පවුලක ඉපදුණු කෙනෙක් මම.." - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views

"අම්මා වැඩ කළේ රබර් වත්තක. ඇය එහි කිරි කපා තමයි අපිව පෝෂණය කළේ.."

"මට හරි ආඩම්බරයි. ගුණවර්ධන බාසුන්නැහැගේ පුතා මෙච්චර ලොකු දුරක් ආ එක ගැන.."

සංගීතයට දක්ෂයින් බිහි කරන්නට එදා තරුණ සේවා සභාව නොතිබුනා නම් අද චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන ගායකයාගේ දක්ෂතාත් නොදකින්න නොඇසෙන්න තිබුණා. අවුරුදු 40 පෙර සංගීතයට අවතීර්ණ වී අදටත් ජනප්‍රිය ගායක ලැයිස්තුවේ ඉන්න චන්ද්‍රසේන ඔහුගේ අතීත මතකයන් මේ විදිහට මතක් කරනවා. මේ ඒ මතක ගැනයි.


ඔබේ ගී ප්‍රසංගය ගැන මුලින්ම කතා කරමු?
මේ ප්‍රසංගය පවත්වන්නේ මගේ කලා ජීවිතයට අවුරුදු 40 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්. මෙය නම් කර තිබෙන්නේ 'චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ සෙනෙහසේ ගී අසිරිය 'තවලම' ගීත සැඳෑව' ලෙසයි.

මෙලෙස නම් කරන්නට විශේෂ හේතුවක් ඇති?
විශේෂ හේතුවක් තිබෙනවා. මගේ පළමුවෙනි ආරම්භක ගීතය තමයි 'තවලම' ගීතය. මාව රසික රසිකයන් හඳුනා ගත්ත පළමු ගීතය

ඈත හමා යන - මඳ සුළඟේ ඔබ
බිඳුවක් නවතින්නේ
කාලය ගෙවිලා යයි සැනකින්
බිඳුවක් නවතින්නේ . . .

මේ ගීතය තමයි මා ගැයූ පළමු ගීතය. මෙයින් කියැවෙන්නේ තවලම් බැඳගෙන බඩු මුට්ටු අරගෙන ගිහින් විකුණා එයින් ජීවත්වන අයගේ දුක්බර ජීවිතය ගැනයි. ඒ ආශ්‍රයෙන් ලියවුණු මේ ගීතය හුඟක් ජනප්‍රිය වුණා. මෙහි පද රචනය කරමින් සංගීතවත් කළේ මගේ ගුරු පියාණන් වන විශාරද ශර්ලි වෛජයන්ත.

ඔබේ ගායන දිවියේ ආරම්භය සිදු වන්නේ ජාතික තරුණ සේවා සභාවෙන්?
මම 1979 යෞවන සම්මාන උලෙළට සම්බන්ධ වෙලා එයින් ජයග්‍රහණය කළා. ඒ ලංකාවේ 1979 වසරේ ඒකල ගායනයෙන් පළමු ස්්ථානයට පත් වෙමින්. ඒ මඟින් ජාතික තරුණ සේවා සභාවේ යොවුන් ගී කණ්ඩායමේ සාමාජිකයකු බවට පත් වුණා.

ඒ සමයේ ඔබත් සමඟ ගී ගැයූ සමකාලීනයන් කවුරුන්ද?
චන්ද්‍රලේඛා පෙරේරා, සෝමසිරි මැදගෙදර, දමයන්ති ගමගේ, තේජා අමරසිරි, ධම්මිකා කරුණාරත්න වගේ අද ප්‍රවීණයන් පිරිසක් එදා මගේ සමකාලීනයන් වුණා.

තරුණ සේවා සභාවේ ගායකයකු ලෙස ගෙවුණු අතීතය?
අවුරුදු හතරක් පමණ මම එහි කටයුතු කළා. පසුව මට ජාතික තරුණ සේවා සභාවට පත්වීමක් ලැබුණා. අදටත් මම එහි සංගීත උපදේශකවරයෙක් ලෙස කටයුතු කරනවා.

ඔබ සංගීතයට කුඩා කළ සිටම ඇලුම් කළ අයෙක්?
ඔව්. පුංචි කාලේ ඉඳලම සංගීතයට ලොකු උණක් තිබුණා. මොකද මම ගොඩක් සංගීතයට ආසයි. මගේ මව්පියන් සංගීත අධ්‍යක්ෂවරු හෝ ගායක ගායිකාවන් නොවෙයි. ඒත් ඔවුන්ට හොඳට ගීත ගයන්න පුළුවන්. ඒ හැකියාව මට නොඅඩුව පිහිටලා තිබුණා. ඒ අය ගීත ගයනවා දැකලා මමත් ගීත ගැයුවා. මගේ ඒ හැකියාවත් සමඟ සංගීත ලෝකය ගැන මට ලොකු හීනයක් තිබුණා.

ඔබේ මවුපියන් ගැන කතා කළොත්?
මගේ මව්පියන් ඉතා දුක් මහන්සියෙන් ජීවිත ගොඩ නඟා ගත්ත අය. අම්මා වැඩ කළේ රබර් වත්තක. ඇය එහි කිරි කපා තමයි අපිව පෝෂණය කළේ. මගේ තාත්තා මේසන් බාස්වරයෙක්. පවුලේ දරුවන් 6 දෙනයි. ගරාගොඩ යටියන්තොට දුප්පත් ගම්මානයේ දුප්පත් පවුලක ඉපදුණු දරුවෙක් විදිහට ඇත්තටම මගේ ජීවිතේ පස්ගෝ රසයම මම විඳ තිබෙනවා.

ඒ කියන්නේ?
ගවයාගෙන් ලැබෙන පස්ගෝරස නෙවෙයි. මට අනුව ජීවිතයේ පස්ගෝරස. දුක, සතුට, ඇඹුළ, තිත්ත, මිහිර වගේ මේ හැමදේම සමබරව මම විඳ තිබෙනවා. ඒ විඳපු අතීතය දෙස බලද්දී මට දැනෙන්නේ හරිම රසවත් බවක්.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගායකයා දැන් රටේම ආදරේ ලබනවා?
කැළණි ගං මිටියාවතේ ගරාගොඩ යටියන්තොට ඉපදලා දුකසේ ජීවිතය ජයගත් මම අද රටේ රසික රසිකාවියන්ගේ ආදරය පිරිවරාගෙන ජීවත් වෙනවා. ලොකු සතුටක් දැනෙනවා.

මේ වන විට ඔබ ගැයූ ගීත?
ගීත හාරසීයකට වඩා ගායනා කර තිබෙනවා. මේ ගීත අතුරින් මගේ ප්‍රසංගය උදෙසා කුමන ගීත තෝරා ගන්නවාද යන්න පිළිබඳ විශාල ගැටළුවක් ඇති වුණා. මොකද ඒ හැම ගීතයකටම වාගේ රසිකයන් දක්වන්නේ අසීමිත ප්‍රතිචාරයක්. ඒ අතරින් ගීත 30 ක් මා තෝරා ගත්තා.

ප්‍රසංගය පවත්වන්නේ කොතැනද?
මේ ප්‍රසංගය පවත්වන්නේ අද  7 වැනිදා සවස 6.30 ට මහරගම තරුණ සේවා සභාවේ යොවුන් රඟහලේදී.

ඔබේ දූ දරුවන් ගැනත් දැනගන්න කැමැතියි?
මගේ දුව මේ වන විට ගායන ලොවට එක් වෙලා. ඇය ලිහිණි හෙට්ටිආරච්චි. පුතා ගයන හෙට්ටිආරච්චි. බිරිය මංගලිකා හෙට්ටිආරච්චි. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය විශාලයි. ඒ වගේම මගේ ප්‍රසංගයට ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපති එරන්ද වැලිඅංගගේ සහ සභාවේ සියලු දෙනාගෙන් ලැබෙන සහයෝගය අගය කොට සලකනවා.

හතලිස් වසරක ගායන දිවියේ ඔබට අමතක නොවන අත්දැකීම් ඇති?
මට මතක් වෙන්නේ අපේ පළමුවෙනි ගීත ප්‍රසංගයයි. ජාතික තරුණ සේවා සභාවේ යොවුන් ගී කණ්ඩායමේ පළමු ප්‍රසංගය තිබුණේ කොළඹ ගංගාරාමයේ. අපි හැම දෙනාම එකම වර්ගයේ ඇඳුම් ඇඳගෙන තමයි ප්‍රසංගය පැවැත් වූයේ. පළමු ප්‍රසංගය නිසා විවිධ අඩුපාඩු තිබුණා. ඉතින් එහෙම සිදුවෙන වෙලාවට එය නරඹන්නට පැමිණි රසිකයන් හූ කියනවා. ඉතින් ඒවා ඉවසගෙන අපි අපේ ප්‍රසංගය ඉදිරිපත් කළා මතකයි. මේ වගේ කිහිපයක්ම මතකයේ තිබෙනවා. ඉතින් මේ මොන දේ මිනිසුන්ගෙන් ලැබුණත් අපි කවුරුවත් අධෛර්යමත් වුණේ නැහැ. අදටත් ඕනෑ අභියෝගයකට මුහුණදෙන්න පුළුවන් පන්නරයක් ඒවායින් අපි ලැබුවා.

මේ ගෙවුණු හතලිස් වසර ඔබට ඔබ ගැන හැඟෙන්නේ කුමක්ද?
පුදුමාකාර අභිමානයක් මා ගැන මට දැනෙනවා. මට හරි ආඩම්බරයි. ගුණවර්ධන බාසුන්නැහැගේ පුතා මෙච්චර ලොකු දුරක් අද සංගීත ක්ෂේත්‍රයේ පැමිණ තිබෙනවා. මේ අවුරුදු ගාණ දෙස බලත්දී මට දැනෙන්නේ මං වගේම මගේ මව්පියන් ගැනත් විශාල ගෞරවයක්.

ඔබේ අනාගත බලාපොරොත්තු?
මේ ප්‍රසංගයට පසුව මේ ප්‍රසංගය දිහා බලලා කාට හරි පිහිටක් අවශ්‍ය වුණොත් මෙවැනි ප්‍රසංග පවත්වා ඔවුනට උපකාරයක් කරන්න මම කැමැතියි. මගේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සහෘද පදනමෙන් සිදු කරන පුණ්‍ය කටයුතු වෙනුවෙන් ද මෙමඟින් වැදගත් මෙහෙවරක් සිදු වෙනවා. එයින් ලේ දන්දීමේ සායන වගේම ලේ පරීක්ෂා කිරීමේ වෛද්‍ය සායන වැනි පුණ්‍යකර්ම සිදු කෙරෙනවා. මේ මාසේ 19 වැනිදා මහරගම යොවුන් රඟහලේදී මෙවැනි පුණ්‍යකර්මයක් සිදු වෙනවා.

තුෂාරි නේරංජා වික්‍රමසිංහ


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top