13 හැවිරිදි තම දියණිය සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම සඳහා නිවසට පැමිණි බවට සැකකළ තරුණයෙක් අල්ලා බැඳ දැමීමට දෙමව්පියන් කටයුතු කර තිබෙනවා.
එම අවස්ථාව සජීවීව ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීමටයි අදාළ දැරියගේ මව කටයුතු කර තිබුණේ.
අනතුරුව එම ස්ථානයට පොලිසිය කැඳවීමට ඔවුන් ක්‍රියා කර තිබුණා.
බැඳ දැමීමට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 28ක අයෙක් බවයි පැවසෙන්නේ.
ඔහු විසින් එම දැරියගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එවා තිබූ අසභ්‍ය පණිවිඩ තමා විසින් සොයා ගැනීමත් සමඟ මෙසේ ක්‍රියා කළ බව දැරියගේ මව පවසනවා.
පසුව එම තරුණයා රෝහල් ගත කර තිබෙනවා.
පුද්ගලයෙකු බැඳ දැමීමට සහ වධ බන්ධනවලට ලක්කිරීමට එරෙහිව එම දෙමව්පියන්ට චෝදනා එල්ල විය හැකි බවයි පැවසෙන්නේ.