Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
07
"අපේ තාත්තා ගමේ වෙද මහත්තයෙක් නිසා අවුරුදු නැකැත් ගැන අහගන්න හිස තෙල් ගා ගන්න කට්ටිය ආවේ අපේ ගෙදරට.." - Photos

- "අපේ තාත්තා ගමේ වෙද මහත්තයෙක් නිසා අවුරුදු නැකැත් ගැන අහගන්න හිස තෙල් ගා ගන්න කට්ටිය ආවේ අපේ ගෙදරට.." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

"ඒ තරම්ම සුන්දර මතකයක් මගේ ජීවිතයේ තවත් නැති තරම්.."

"උඳුවැල් හොරෙන් කාලා ගුටිත් කාලා තියෙනවා.."

සිංහල අවුරුද්ද උදාවෙන පණිවුඩය අපට කියන්නේ අවුරුදු කොහා. වත්තේ උස ගහක මුදුනේ වහලා ගමටම ඇහෙන්න කොහෝ කියමින් කොහා ගෙනෙන මේ සුබ පණිවුඩය තහවුරු කරන්නේ රතු පාටින් පිපෙන එරබදු මල්. ඒ එක්කම අඹ, කජු වැනි ගස්වල පලතුරු පිරෙන්නට හැදෙන්නෙත් බක් මාසයේදීයි. අවුරුදු එනවාට වැඩියෙන්ම කැමැති පුංචි අපියි. ඒ ලස්සන ඇඳුම් අඳින්න, රසවත් කැවිලි කන්න, යහළු යෙහෙළියන් එක්ක හිතේ හැටියට සෙල්ලම් කරන්න ලැබෙන නිසා. මේ ඇය පුංචි කාලයේ ඇයට අවුරුද්ද දැනුණු හැටි. එහෙත් ඇය අවුරුද්දේ වඩාත්ම කැමැති දවස වුණේ හිස තෙල් ගාන දවසයි. පියා ගමේ වෙද මහත්තයෙක් නිසා ගමේ අය නැකතට හිස තෙල් ගාන්නට ආවේ ඇගේ ගෙදරටයි.


අලුත් අවුරුද්ද පිළිබඳව මතකය අවදි කරමින් අතීතයේ අවුරුදු සැමරූ හැටි අපි ඇගෙන් අහන්නට සිතුවේ අද නගරයේ කාර්ය බහුල ජීවිතයක් ගත කරන සාර්ථක ව්‍යාපාරිකාවක් වූ නිසාමයි.

තම පියා වෙදකම් කරන හැටි, බෙහෙත් හදන හැටි ඇය බලා සිටියේ ඔහු අසලම දැවටෙමිණි. ඖෂධීය කොළ වර්ග යොදාගෙන හදන බෙහෙත්වල සුවඳ ඇය නැහැයට ළංකර බැලුවේ මහත් ආශාවෙනි. ‘‘මටත් බැරිද මේ වගේ බෙහෙත් ජාති දාලා ක්‍රීම් ජාති හදන්න.‘‘ ඇය හැමදාමත් සිතුවාය. අවසානයේදී ඇය තම අදහස ජයගත්තාය. ඇයගේ උත්සාහයත් කැපවීමත් ඇයව ඉහළටම ඔසවා තැබුවේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක අධිපතිනිය බවට පත්කරලමිනි.

ඇය චාන්දනී බණ්ඩාර වන්නීය.

ගමක ඉපදී ගමේම හැදුණු වැඩුණු චාන්දනී තම ජීවිතයේ මතකයන් මෙලෙසින් පෙළගස්වන්නේ ඒ ඔස්සේ ලද අත්දැකීම් සුන්දර මතකයන් ලෙස ඇගේ හදවත පුරා සනිටුහන් වී ඇති බැවිනි.

‘‘මගේ ගම මාතලේ අළුවිහාරේ. අපි ජීවත් වුණේ හරිම සුන්දර පරිසරයක. මම පවුලේ බාලයා හින්දා අපේ පවුලේ හැමෝගේම වැඩි ආදරය ලැබුණේ මටයි.‘‘
ඔබ ගමේ හැදුණු වැඩුණු කෙනෙක්

‘‘ඒ කාලේ නම් ජීවිතේ හරිම සුන්දරයි. හරිම සැහැල්ලුයි. කවදාවත් අමතක කරන්න බැහැ.‘‘

මේ සැරේ අවුරුද්ද සමරන්නට ගමේ යනවාද?
ලංකාවේ හිටියොත් අනිවාර්යයෙන්ම ගමේ ගිහින් අවුරුදු සමරන්නට පුළුවන් වේවි.

සිංහල අලුත් අවුරුද්ද ළඟටම ඇවිත්. පුංචි කාලයේ අවුරුදු සැමරු හැටි සිහිපත් කළොත්.
ඇත්තටම ඒ මතකයත් එක්ක මම තවමත් ජීවත්වෙනවා. ඒ තරම්ම සුන්දර මතකයක් මගේ ජීවිතයේ තවත් නැති තරම්. මට අද වගේ මතකයි අවුරුදු ළංවෙනකොට අපේ ගෙදර අවුරුද්දට සූදානම් වෙන හැටි. අපේ තාත්තා ගමේ වෙද මහත්තයෙක් නිසා අවුරුදු නැකැත් ගැන අහගන්න හිස තෙල් ගා ගන්න කට්ටිය ආවේ අපේ ගෙදරට.

අම්මා අවුරුදු ළං වුණාම පොළට ගිහිල්ලා චීත්ත රෙදි ගෙනැල්ලා අපිට අවුරුද්දට ගවුම් මහනවා. ඒ අලුත් සුවඳත් එක්ක ගවුම අඳින්න, ඇඳලා හැඩ බලන්න මම බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්.

ගමේ ගැහැනු කට්ටිය එකතු කරගෙන අම්මා අපේ ගෙදර කැවුම් කොකිස් අතිරස බදිනවා. ඒ දවස්වලට ගමේ හැම ගෙදරකම වගේ කැවිලි හැදෙන නිසා මුළු ගමම සුවඳයි. දැනුත් මට ඒ සුවඳ මතක් වෙනවා. අපේ අම්මාට රසට උඳුවැල් හදන්න පුළුවන්. උඳුවැල් බැදලා උණු උණුවෙන් පැණි මුට්ටියට දානවා. ඒ අතරේ පැණි පිරුණු උඳුවළල්ලක් හෙරෙන් අරගෙන කන්න මම හරිම ආසයි. අහුවුණොත් ඉතින් බැණුම් විතරක් නොවෙයි ගුටි කන්නත් වෙනවා.

මට තාම මතකයි වත්තේ හැදුණු අමු කෙසෙල් කැන් කපාගෙන ඇවිත් වත්තේ ලොකු වළක් කපලා වළලලා දුම් ගස්සවනවා. එහෙම ඉදවලා තමයි අවුරුද්දට කෙසෙල් කැන් ගෙට ගන්නේ. හැබැයි ඉතින් මට ඒ පැත්තට යන එක තහනම්. ඇයි මම පුංචි කාලයේ දඟකාරියක් නිසා මාව ඒ වළට වැටෙයි කියලා තහංචි දැම්මනේ.

අවුරුද්දේ නැකැත් හරිම වැදගත්. මතකද අවුරුදු නැකැත් කරපු හැටි.
අපේ තාත්තාගේ අතින් තමයි අවුරුදු මේසයේදී නැකතට හැමෝටම කෑම ලැබෙන්නේ. අපි පෝළිමට ඉන්නවා තාත්තාගේ අතින් කිරිබත් කන්න. අපේ ගෙදර වගේම ගමේ අනිත් අයත් හරියටම මේ නැකැත් ගන්නවා.

මට පුංචි කාලේ තිබුණ ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ අම්මා අවුරුද්දට ළිඳත් එක්ක ගනුදෙනු කරපු එක. අපේ වත්තේ තිබුණු ළිඳෙන් තමයි ගමේ හැමෝම වතුර ගත්තේ.
අපේ අම්මා ළිඳට අඟුරු කෑලි, මල් දාලා නැකතට ගනුදෙනු කරනවා. මේක මට හරි පුදුමයි. මම අම්මාගෙන් විස්තර අහනවා. ඉතින් අපේ අම්මාට ප්‍රශ්නවලට උත්තර දීලා ඉවරයක් නැහැ.

කොළඹ ඔය වගේ දේවල් අද අපිට දකින්න නොලැබුණත් මම හිතන්නේ තවමත් බොහෝ ගම්වල සිංහල අවුරුද්දට නැකැත් අනුගමනය කරන එක, ඒ චාරිත්‍ර වාරිත්‍ර තවමත් කෙරෙනවා කියලා. අපි පුංචි කාලයේ සිංහල අලුත් අවුරුද්දට ලබපු අත්දැකීම් දැන් දරුවන්ට අත්විඳින්න ලැබෙනවද කියලා හිතෙනවා.‘‘

මේ අලුත් අවුරුද්දේ ඔබේ බලාපොරොත්තු මොනවාද?
හැම දෙයක්ම ඉතාමත් හොඳින් සිදුවෙනවා. පසුගිය කාලයේ යම් යම් සිදුවීම් තුළින් මම ජීවිතේ බොහෝ දේවල් ගැන ඉගෙන ගත්තා. සමහර දේවල් වලින් අපේ ජීවිතයට ලැබුණු පාඩම් අපේ ඉදිරි ගමනට හොඳ අත්දැකීම් කියලා මං හිතනවා.

අලුත් බලාපොරොත්තු ගැන කියනවානම් අපේ ආයතනයේ දැන් හොඳ සේවක පිරිසක් ඉන්නවා. ඒ අයගේ කැපවීම නිසා මම හිතනවා අපට ඉතාමත් සාර්ථක ගමනක් යන්න ලැබේවි කියලා. මගේ සැමියා ප්‍රියන්ත හැම දෙයක්ම ඉතා හොඳින් සොයාබලන නිසා ව්‍යාපාරික කටයුතු සාර්ථකව සිදුවනවා. මේ වනවිට මම ව්‍යාපාරික කාන්තාවක් ලෙස එන්න ඕන ඉහළම තැනට ඇවිල්ලා ඉන්නවා. ඉදිරියේදී ඕස්ට්‍රේලියාවට වගේම තවත් රටවල් ගණනාවකට අපේ නිෂ්පාදන රැගෙන යන්නටත් බලාපොරොත්තු වනවා.

මම රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසිලා මේ ගතවෙන්නේ 12 වැනි අවුරුද්දයි. ඇත්තටම අපි එකවරම මේ වගේ තත්වයට ආවේ නැහැ. අඩියෙන් අඩිය තබමින් තමයි මේ තරම් දුරක් ආවේ. සමහර අය කියන්න පුළුවන් අපි මේ තැනට ආවේ වාසනාව නිසා කියලා. තවත් කෙනෙක් කියන්න පුළුවන් අපි ඒ අයගේ උදව්නිසා මේ ව්‍යාපාරය ගොඩ නැගුවා කියලා. නෑ කවුරුත් නිසා නොවෙයි අපි මේ තත්වයට පත්වුණේ අපේ දැඩි වෙහෙස සහ කැප කිරීමක් කළ නිසයි. ඒ නිසා මම මේ අලුත් අවුරුද්දේ හැම දෙනාගෙන්ම ඉල්ලනවා තමන් කරන දෙයට අවංක වෙලා එය සාර්ථකත්වයට පත්වන තුරුම කැප වෙන්න මහන්සි වෙන්න එවිට වරදින්නේ නැහැ.‘‘

 මංජුලා මල්කාන්ති


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top