Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
01
"චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ මගේ අප්පච්චි කියල කාටවත් කියන්නෙ නෑ.."

- "චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ මගේ අප්පච්චි කියල කාටවත් කියන්නෙ නෑ.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

"ඒත් ඒකට මම තුන්දෙනකුගෙන් permission ගන්න ඕන.."

"අප්පච්චිගේ ගීත ගායනා කරනවා..."

චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි කියන්නේ දක්ෂ වගේම ජනප්‍රිය ගායකයෙක්. වර්ථමානයේ සංගීතයේදී ඔහු නිශ්ශබ්දව ඉන්නවා. ඔහුගේ ආදරණිය දියණියලිහිණි විහංගා හෙට්‌ටිආරච්චි.ඔහුගේ අඩිපාරේ යමින් සංගීත ලෝකයට පා තබා තිබෙනවා.තමන්ගේම ගීත තුනකින් සංගීත ජීවිතය ආරම්භ කළ ලිහිණි ඉන් ගීත දෙකක්‌ අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඒ ගැන වගේම තවත් බොහෝ දේ ගැන මේ විදිහට ඇය පුවත්පතක් සමග කතා කර තිබුණා. මේ ඒ ගැනයි


චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චිගේ දුවත් දැන් නිතර රූපවාහිනියෙන් දකින්න ලැබෙනවා?
ඔව්. මමත් අප්පච්චි වගේ Music වැඩ කරන නිසා වැඩසටහන්වලට සහභාගි වෙනවා.

කොහොම හරි අප්පච්චි දුව ව ක්‌ෂේත්‍රයට ගෙනාව?
ඔව්. මගේ අප්පච්චි නිසා තමයි මම මේ ගමන ආවෙ. එයා තමයි හැම දෙයක්‌ ගැනම මට කියල දෙන්නෙ. පළමුවැනි ගීතය වන "ඉරයි හඳයි" අප්පච්චි මගේ උපන්දිනය වෙනුවෙන් මට දුන්න වටිනාම තෑග්ග වුණා.

තමන්ගේම ගීත එකතුවක්‌ කරන්න අදහසක්‌ නැද්ද?
දැනට නම් එහෙම අදහසක්‌ නෑ. ක්‌ෂේත්‍රයට අලුත් නිසා තවම ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නෙ. ගීත එකතුවක්‌ නොවුණත් තරු දිලෙන අම්බරේ, මං ගාව තනිවෙච්චි සහ ඉරයි හඳයි කියන මගේම සිංදු තුනක්‌ ගායනා කළා.

රසික පිරිස හදාගන්න උත්සාහ කරන්නේ අප්පච්චිගේ ගීතවලින්ද?
එහෙම නෑ. නමුත් ප්‍රසංග වේදිකාවලදී වගේම වැඩසටහන්වලදිත් අප්පච්චිගේ ගීත ගායනා කරනවා.

අප්පච්චිගේ ජනප්‍රියත්වය කොහොමද ලිහිණිට බලපාන්නේ?
මම ගොඩක්‌ වෙලාවට කාගේ කවුද කියල කියන්නෙ නෑ. එහෙම වුණාම නිදහස සීමා වෙනවනේ.

අධ්‍යාපන කටයුතු?
ලබන අවුරුද්දේ උසස්‌ අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අප්පච්චිත් එක්‌ක ප්‍රසංගවලට සහභාගි වෙනවද?
අවුරුදු පහකට වරක්‌ අප්පච්චි ප්‍රසංගයක්‌ කරනවා. ගිය වරත් අප්පච්චියි, මමයි ඒ ප්‍රසංගයේ ගීත ගායනා කළා. ලබන අවුරුද්දෙ පැවැත්වෙන ඊළඟ ප්‍රසංගයෙදිත් අපි දෙන්න ගීත ගායනා කරනවා.

අනාගත රැකියාවට සංගීත ක්‌ෂේත්‍රයම තෝරා ගනීවිද?
සංගීතයත් සමඟ සමබරව ව්‍යාපාරික අංශයෙන් ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව.

අප්පච්චිගෙයි දුවගෙයි ප්‍රසංගයක්‌ කළොත්?
දැනට නම් එහෙම ලොකු අදහසක්‌ නෑ. ඉදිරියෙදි බලමු නේද?

අප්පච්චිගේ ගීතවලින් ලිහිණිගේ කැමැත්ත?
මා සිතු දේ පැතු දේ, මට හිතාගන්න බැරි තරමට, මල් මල් මල්, පෙරදින වාගේ හමුවෙලා... තව ගීත ගොඩකට කැමැතියි.

සංගීත හැදැරීම...
දැනට හින්දුස්‌ථානි සංගීතය හදාරනවා.

අප්පච්චිගේ සංගීත උපත සිදු වෙන්නේ ජාතික තරුණ සේවා සභාවෙන්. නමුත් ඔබ එතැනට සම්බන්ධ වෙන්නේ නෑ?
ඉඩක්‌ ලැබුණ මොහොතක අප්පච්චිත් එක්‌ක තරුණ සේවා සභාවට ගිහින් ඉගෙන ගන්නවා. ඒත් මගේ අධ්‍යාපන කටයුතුත් එක්‌ක පූර්ණකාලීනව සම්බන්ධ වෙන්න අවස්‌ථාවක්‌ නෑ.

මෑත කාලයේ තරුණ ගායකයන්ගෙන් යුග ගීයකට ආරාධනා නැතිද?
දැනට නම් එහෙම ආරාධනාවක්‌ නෑ.

එහෙනම් ආදර යෝජනාවක්‌?
අනේ... නෑ... ඒ හැමෝම මගේ සහෝදරයෝ වගේ.

අප්පච්චි හැරුණාම කැමැති ගායකයන්?
වික්‌ටර් රත්නායක මහත්මයාට, අමරදේව මාස්‌ටර්ට, එඩ්වඩ් ජයකොඩි මහත්මයාට, තීක්‍ෂණ අයියට, නිරෝෂා විරාජිනී මහත්මියට වගේම තවත් ගොඩක්‌ දෙනකුට කැමැතියි.

රඟපෑමට ආරාධනාවක්‌ ලැබුණොත්...
ඒ වගේ ආරාධනාවක්‌ ඇවිත් තිබුණ. ඒත් ඒකට මම තුන්දෙනකුගෙන් permission ගන්න ඕන නේ. ඒ තමයි මගේ අප්පච්චියි, අම්මයි, අයියයි. එයාලගෙන් එක්‌කෙනෙක්‌ හරි අකමැති වුණොත් මම ඒ දේවල් භාර ගන්නේ නෑ.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top