ඔස්ට්‍රියා මහ මැතිවරණයේදී සෙබස්තියන් කර්ස් නායකත්වය දරන කන්සර්වේටිව් ජනතා පක්ෂය ඉදිරියෙන් සිටින බව නවතම ප්‍රතිඵලවලින් හෙළිවී තිබෙනවා.
ඒ අනුව 31 හැවිරිදි සෙබස්තියන් කර්ස් ලොව ලාබාලතම රාජ්‍ය නායකයා බවට පත්වීමට බොහෝදුරට ඉඩ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ වනවිට කන්සර්වේටිව් පක්ෂය සියයට 31ක මනාප ප්‍රතිශතයක් ලබාගෙන සිටිනවා.
රජයක් පිහිටුවීම සඳහා බහුතර බලය ලැබී නොමැති අතර ඒ සඳහා ඔවුන් සන්ධානගත වීමටයි අපේක්ෂා කරන්නේ.
කර්ස් තම ආධාරකරුවන් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ තමාට රට වෙනුවෙන් වැඩ කිරීමට කදිම අවස්ථාවක් ලැබී ඇති බවයි.