තරුණ ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් අතර ආදරයක් ඇතිවෙනවා කියන්නේ අපි කවුරුත් දන්න සාමාන්‍ය දෙයක්. ඒත් ඒ ආදර සම්බන්ධතා කැඩී බිඳි ගිහින් ජීවිතයෙන් පවා වන්දි ගෙවන අය ගැනත් ඕන තරම් අහන්න ලැබෙනවා. නමුත් ඒ වගේ දේවල් නිසා තමන්ගේ දෙමව්පියන්ට දුක් නොදී ගිය කෙනා ගැන අමතක කරලා තමන්ගේ අනාගත ජීවිතය ඉදිරියට සැලසුම් කරගන්න එක තමයි ඕනෑම කෙනෙක් කළයුතු.
මේ ලිපියෙන් කියවෙන්නේ ඒ විදියට තමන්ව හැරදාලා ගිය ආදරය අමතක කරලා සතුටින් ඉන්න ඔබට කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැනයි.
01. ඔබව හැරදාලා ගිය කෙනාට ආයේ කෝල් කරන්න, SMS කරන්න එපා
සම්බන්ධතාවයක් බිඳිලා යන්න මොකක්ම හරි ලොකු හේතුවක් තියෙන්න ඕන නේ. දෙන්නා කතා බහ කරලා හරි තනි මතයට හරි කොහොම හරි ඒ සම්බන්දෙ නැවතිලා දෙන්නා දෙපැත්තට උනාට පස්සේ අයෙත් අඩ අඩා පස්සෙන් යන්න එපා. අයෙත් call, sms කරන්න එපා. එහෙම උනොත් තව තවත් දුක් වෙන්නේ ඔයාමයි. එකෙන් තව තවත් හදවත පෑරෙනවා ඇරෙන්න වෙන සෙතක් නැහැ.
විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි Facebook එකෙන් එයාව unfriend කරලා දාන්න. නැත්තන් එයාව දකින්න ලැබෙන වාරයක් ගානේ ඔයාට එයාව අමතක කරන්න බැරුව යනවා. ඔයාටත් ටික කාලෙකට හරි ඒවායින් ඈත් වෙන්න පුළුවන් නම් හිත හදා ගන්න ඒක ගොඩක් ලොකු උදවුවක් වෙයි.
02. අනිත් අය එක්ක ඔහු ගැන කතා කරන එක නවත්තන්න
හදිස්සියේම සම්බන්ධතාවයක් බිඳ වැටුණු පසු අපි කරන තවත් දෙයක් තමයි මේ. එත් ඔයා මේ දේ අමාරුවෙන් හරි කරන්න ඕන. නැත්තන් ඔයාට කවදාවත් හිත නම් හදා ගන්න බැරි වෙයි. අනිත් අය එක්ක එයාගේ හොඳ හෝ නරක කතා කරන එක නවත්තන්න. තව දෙයක් තමයි ඔහුගේ යාලුවන්ගෙන් ඔහු ගැන අහන්න යන්න එපා. සමහර විට ඔහු ගැන අහන්න ලැබෙන දේ වලින් ඔයා තවත් වේදනාවට පත් වෙන්න පුළුවන්.
03. පුළුවන් තරම් කාර්ය බහුල වෙන්න
ඔයා මේ වගේ වේදනාකාරී තත්වෙක ඉද්දි කරන්න පුළුවන් හොදම දෙයක් තමයි පුළුවන් තරම් busy වෙන එක. එතකොට ඔයාට එයා ගැන හිත හිත දුක් වෙන්න කාලයක් නැති වෙනව. ගෙදර දොරේ වැඩ එක්ක හරි රැකියාවේ වැඩ එක්ක හරි එහෙම නැත්තන් වෙන මොනවා හරි ක්‍රමයකින් ටිකක් කාර්ය බහුල වෙන්න මේ වගේ ප්‍රශ්න වලදී අමතක කරලා හිත හදා ගන්න තියෙන නියම විසදුම තමයි ඒක.
04. ඔබව හොඳින් බලා ගන්න
ඔක්කොටම කලින් ඔයා ඔයාට ආදරය කරන්න. මොන දේ කරන්නත් අපි හොදින් ඉන්න ඕනනේ. කන්නේ නැතුව ඉඳීම හෝ වැඩියෙන් කාලා මහත් වීම කියන්නේ කිසිම දෙයක් වෙනස් කරන්න සමත් හැසිරීම් නෙවෙයි. මෙවැනි නරක කාලෙකදී ඔබ වඩා සැලකිලිමත් විය යුතුයි නියමිත ලෙස ආහාර ගැනීමට සහ ව්‍යායාම වල නිරත වීමට. ව්‍යායාම කියන්නේ මානසික ආතතියෙන් මිදෙන්න කරන්න පුලුවන් හොඳම ප්‍රතිකාරයක්. පොත් පත් කියවීම, ඇවිදින්න යාම, මිතුරන් එක්ක විනෝද වීම වගේ දේවල් වල නිරත වෙන්න.
05. මග හරින්න
ඔයාට එයාව නිතර දකින්න ලැබෙනවා කියන්නේ මතකයන් අලුත් වෙනවා කියන එක. ඒ නිසා එයාව දකින්න ලැබෙන අවස්ථාවන් උවමනාවෙන්ම මග හරින්න. ඔයා අහලා ඇතිනේ දර්ශනයෙන් ඈත් වෙන කොට මතකෙනුත් ඈත් වෙනවා කියල.
06. ඔබට ආදරය කරන අය සමග කල් ගෙවන්න
මේ වගේ අමාරු කාලයක් ගත කරන්න ඕන කාමරේට වැදිලා දොර වහගෙන නෙවෙයි. එහෙම ඉන්න තාක් කල් ඔයා එයා ගැන කල්පනා කර කර දුක් වෙනවා. එත් වෙන්න ඕන ඒක නෙවෙයි. එයාව අමතක කරන්න උත්සහ කරන එක. කියනවා වගේ එක කරන්න බෑ තමයි. එත් උත්සහ කරන්න. තනියම ඉන්න එක අඩු කරලා ගෙදර අය යාලුවෝ එක්ක දවසේ වැඩි කාලයක් ගත කරන්න. එයාල එක්ක විනෝදෙන් ඉන්න. ඔයා යාලුවෝ එක්ක ෂොපින් පාරක් දාන්න යන්න. ඔයාටත් නොදැනීම දවස ගෙවිල යාවි.
07. හදිස්සියේ වෙනත් සම්බන්ධතා ඇති කර ගන්න එපා
ගොඩක් දෙනෙක් කරන ලොකු වැරද්දක් තමයි මේක. ආදරයෙන් පැරදුනාම හිත හදා ගන්න හෝ ආදරයක අවශ්‍යතාවය නිසා කියල වෙනත් ඇසුරකට යන එක. නමුත් මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ආදරයකින් පැරදුනාම අපි තනි වෙනවා. ඒ නිසා වෙන කෙනෙක්ගේ ආදරය ඉක්මනින්ම හොයනවා. නමුත් මේ වගේ තත්වෙක ඉදන් අපි කරන කියන දේ වල හරි වැරැද්ද අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඉක්මන් තීරණ ගන්න එපා. සමහර විට එයත් ඔයාගේ හිත බිදලා දාන්න පුළුවන්. ඒ නිසා ටිකක් ඉවසල හොයලා බලලා තමන්ට ගැලපෙන කෙනෙක් එක්ක නැවත ආදරය කරන්න පටන් ගන්න. නැත්තන් කලින් වගේ ආයෙත් දුක් වෙන්න සිද්ධ වෙයි. කලින් වෙච්ච දේ ආයෙත් පාරක් වෙන්න තියන්න එපා.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -