මින්නේරිය මහරත්මලේ ප්‍රදේශයේදී මවගේ අනියම් සැමියාගේ පහරදීමකට ලක්වු කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දිනුෂ එරංග බණ්ඩාර නම් අවුරුදු 4 ක් වන මෙම දරුවාගේ පියා මීට මාස කිහිපයකට පෙර බිරිඳ අත්හැර ගොස් ඇතැයි සඳහන්.
අනතුරුව එම කාන්තාව වෙනත් පුද්ගලයකු සමග ජීවත්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
එම පුද්ගලයා විසින් දරුවාට නිරන්තරයෙන් පහරදෙන බව අසල්වාසීන් සඳහන් කර තිබෙනවා.
අද (04) පෙරවරුවේ ද එලෙස පහරකෑමට ලක්වු දරුවා තනිව මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් සිටින විට අසල්වාසීන් විසින් බේරාගෙන නිවෙස වෙත පිටත්කර යවා ඇතැයි ද සඳහන්.
එහිදී දරුවා කුසගිනි බව පැවසීම හේතුවෙන් ඔවුන් බිස්කට් ද ලබාදී තිබු බවයි අප වාර්තාකරු කියාසිටියේ.