Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
22
රටටම වසංගතයක් වුණු ඩෙංගු ගැන ඔබත් දැණුවත් වෙන්න

- රටටම වසංගතයක් වුණු ඩෙංගු ගැන ඔබත් දැණුවත් වෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

ඊඩිස්‌ මදුරුවා නිසා අපේ රටේ විතරක් නෙමෙයි බොහෝ රටවල ඩෙංගු රෝගය වසංගතයක් බවට පත් වෙලා. පසුගිය වර්ෂයටම වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වර්ෂයේ මුල් කාර්තුවේදී වාර්තා වී තිබෙනවා.

බොහෝ ජනතාව ඩෙංගු රෝගය ගැන උනන්දුවක් නැහැ. නමුත් වෛරසය ශරීර ගත වුවහොත් ඉන් බරපතල තත්ත්වයක් ඇති විය හැකියි. ඩෙංගු ගැන දැණුවත් වෙන්න පහත ලිපිය කියවන්න.




ඩෙංගු රෝගය යනු කුමක්‌ද?

වෛරසයක්‌ මගින් ඇති කරනු ලබන රෝගයක්.ඩෙංගු වෛරසය ශරීර ගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්‍ෂණ නොපෙන්වන අතර රෝග ලක්‍ෂණ මතුවුවහොත් එය සාමාන්‍ය සුළු උණ තත්ත්වයක් ,ඩෙංගු උණ (Dengue Fever -DF) තත්ත්වයක්,ඩෙංගු රක්‌තපාත උණ (Dengue Haemorrhagic Fever - DHF) තත්ත්වයක් මෙන්ම අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය (ඉතා කලාතුරකින්) මතු වෙන්න පුළුවන්.

ඩෙංගු බෝවන්නේ කෙසේද?

ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස්‌ වර්ගයේ ගැහැණු මදුරුවන් මගින් පතුරවන්නේ.මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළුවනුයේ ඩෙංගු වෛරසය ශරීර ගත වූ පුද්ගලයෙකුට දෂ්ට කිරීමෙන් පමණයි.

 ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාහටද?

ආසාදිත ඩෙංගු මදුරුවකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක්‌ පවතීනවා.ඒ වගේම පුද්ගලයෙකුගේ වයස හා ප්‍රතිශක්‌තිකරණය මත රෝගයේ ස්‌වභාවය වෙනස්‌ විය හැකියි.

 උණ රෝගය සෑදුන විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඇයි?

ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම, රක්‌තපාත උණ (DHF) වැනි අවදානම් අවස්‌ථාවලද පත් වෙන්න පුළුවන්. මෙම අවදානම් අවස්‌ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීමට අපහසුවේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්‌මනින් සුව වන අතර අවදානම් අවස්‌ථාවල රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගන්න ඕන.එබැවින් අවදානම් අවස්‌ථා ඉක්‌මනින් හඳුනා ගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්‍ෂණ පිළිබඳව අවධානයෙන් සිටිම වැදගත්.

ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණද?

උණ සමඟ පහත රෝග ලක්‍ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සැක කළ යුතුයි.

හිසරදය හා ඇස්‌ යට වේදනාව

මස්‌පිඩු හා සන්ධි වේදනාව

 ඔක්‌කාරය හා වමනය

සමෙහි රතු පැහැ ලප හට ගැනීම

රුධිර වහනය තත්ත්වයන්

ඉහත රෝග ලක්‍ෂණ ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම අවශ්‍යයි. ඔබ ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම මෙම සැකය වඩාත් තහවුරු කිරීමට හේතු වෙනවා.

 ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේද?

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්නේ අවදානම් අවස්‌ථාවට පත්වන රෝගීන් ඉක්‌මනින් හඳුනා ගැනීමයි. උදා- ඩෙංගු රක්‌තපාත උණ, ඒ සඳහා උණ සෑදී දින 2 කට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්‍ෂාව (FBC -Full Blood Count) වඩාත් ප්‍රයෝජනවත්. ඩෙංගු වෛරසය ශරීර ගතව ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්‍ෂාවන් මගින් ඩෙංගු උණ (DF) හා ඩෙංගු රක්‌තපාත උණ (DHF) වෙන්කර හඳුනා ගන්න පුළුවන්.

 ඩෙංගු රෝගය කිහිපවරක්‌ සෑදිය හැකිද?

ඩෙංගු වෛරසයට ප්‍රභේද 4 ක්‌ තිබෙනවා.යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයට වරක්‌ ගොදුරු වූ විට ප්‍රතිශක්‌තිය ඇති වනුයේ එම අදාළ ප්‍රභේදයට පමණයි.ඒ නිසා  ඔහුට නැවත අනිකුත් ප්‍රභේද මගින් ආසාදනය වෙන්න පුළුවන්. තවද නැවත වරක්‌ ඩෙංගු රෝගය සෑදීමේදී එම පුද්ගලයා ඩෙංගු රක්‌තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්‌ථාවේ) තිබේනවා.

ඩෙංගු උණ වැළඳුන විට නිවසේදී ප්‍රතිකාර කළ හැකිද?

ඩෙංගු වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක්‌ පෙන්නුම් කරන්නේ. ඒ නිසා හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස්‌ ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත්.වෛද්‍යවරයා විසින් දින 2 කට පසු FBC පරීක්‍ෂාව කොට රෝගියා රෝහල් ගත කළ යුතුද යන්න තීරණය කරනවා.

ඩෙංගු රක්‌තපාත උණ (DHF) යනු කුමක්‌ද?

ඩෙංගු රක්‌තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වයේ ඇතිවිය හැකි අවදානම් අවස්‌ථාවක් . උණත් සමඟ ඇතිවන අනිකුත් රෝග ලක්‍ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්‌තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන් ගෙන් වෙන්කර හඳුනා ගැනීම මුල් අවධියේ පහසු වෙන්නේ නැහැ. එහිදී උණ බැසයැමත් සමඟ ප්‍රධාන ලක්‍ෂණය වන රුධිර වාහිනීවලින් පිටතට (විශේෂයෙන් ප්ලුරා පටල අතරට හා උදර කුහරයට) ප්ලාස්‌මා තරලය කාන්දු වීම සිදුවෙනවා. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී 3 වන දින හෝ ඊට පසුව සිදුවන අතර රුධිර පරීක්‍ෂාවල (FඊC) වෙනස්‌කම් මගින් හඳුනා ගත හැකියි.මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්‌මාව කාන්දු වීම මගින් කම්පන අවස්‌ථාවට පත් වෙන්න පුළුවන්. ඇතැම් රෝගීහු කම්පන අවස්‌ථාවට පත්වීමට පෙර අවදානම් ලක්‍ෂණ පෙන්නුම් කරනවා.එබැවින් මෙම අවදානම් ලක්‍ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් .

අවදානම් ලක්‍ෂණ මොනවාද?

* උදරයේ ඇතිවන තද වේදනාව

* නොනවත්වා වමනය පැවතීම

* අධික නිදිමත බව/ නොසන්සුන් බව/ අප්‍රාණික බව

* රුධිර වහනය වීම (විදුරුමසෙන්, නහයෙන් දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළ පහවීම)

* පැය 6 කට වඩා වැඩි කාලයක්‌ මුත්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීම.

 අවදානම් ලක්‍ෂණ නොමැතිවද රෝහල් ගත විය යුතු පුද්ගලයින් කවුරුන්ද?

* ගර්භණී මව්වරුන්

* අවුරුදු 1 ට අඩු දරුවන්

* අධි බර සහිත රෝගීන්

* වැඩිහිටි පුද්ගලයින්

උණ ඇති විට කුමක්‌ කළ යුතුද?

* වෙහෙසකර කටයුතුවලින් බැහැරවී හොඳින් විවේක ගන්න

* උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න (උපරිම මාත්‍රාව 60mg/kg/24h වේ) තදින් උණ පවතී නම් පිරිසිදු රෙදි කඩක්‌ උණුසුම් ජලයෙන් පොගාවා රෝගියාගේ ශරීරය තැවීම සිදු කරන්න.

* වේදනා නාශක ඖෂධ Non Steroidal Anti Infammatory Drugs (NSAD)  කාණ්‌ඩයේ ඖෂධ හා ස්‌ටෙරොයිඩ් (Steroids) භාවිතයෙන් වළකින්න

* සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර වේලක්‌ ලබාගන්න

* උණ පවතින කාලය තුළදී මදුරුවන් දෂ්ට කිරීමෙන් හැකිතාක්‌ ප්‍රවේශම් වන්න.

 උණ පවතින කාලය තුළ භාවිත කළ යුතු ආහාර මොනවාද?

* උණ හා වමනය නිසා ඇතිවන විජලන තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න. තැඹිලි වතුර, කැඳ, කිරි, ජීවනී වැනි මුඛ සජලන පානය (Oral Rehydration Solution - ORS) පලතුරු යුෂ වඩාත් සුදුසුය.

* රෝගියා කැමැති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණ බැගින් අර්ධ ඝන, සැහැල්ලු ආහාර වේල් කිහිපයක්‌ ලබා දෙන්න. තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින්න.

* අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් (රතු/දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මලපහ (හඳුනා ගැනීමට අපහසු වන බැවින් රතු/දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වළකින්න.

උණ පවතින අවස්‌ථාවේ NSAID'S

භාවිතා නොකළ යුත්තේ ඇයි?

ඇස්‌පිරින් (Aspirine), මෙෆෙනෙමික්‌ ඇසිඩ් (Mefenemic acid) ඉබ්යුප්‍රොෆෙන් (Ibuprofen) ඩයික්‌ලොෆෙනැක්‌ (Dictofenac) වැනි Non Setoidal Anti Inflammatory Drugs ( NSA/Ds) කාණ්‌ඩයේ ඖෂධ/ස්‌ටෙරොයිඩ් (Steroids) භාවිතයෙන් ඩෙංගු නිසා ඇතිවන රුධිර වහනය වීමේ තත්ත්වයන් උග්‍ර විය හැකිය.

ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකූලතා මොනවාද?

සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇතිවීමේ අවදානම් අවමයි. ඩෙංගු රක්‌තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්‌ථාවලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්‌මාව අකර්මණ්‍ය වීම, මොළයට සිදුවන බලපෑම වැනි සංකූලතා ඇතිවී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකියි. පමා නොවී නිසි ප්‍රතිකාරවලට යොමුවීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකියි.

 ඩෙංගු රෝගය ඇති විට මදුරුවන් දෂ්ට කිරීමෙන් ආරක්‍ෂා විය යුතු වන්නේ ඇයි?

ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසු වෛරසය රෝගීයාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළ කිසිදු රෝග ලක්‍ෂණයක්‌ පෙන්වන්නේ නැහැ.මෙම බිජෞෂන සමය දින 3-14 අතර කාලයක්‌ පවතීනවා.

ඉන් පසුව ඇතිවන්නේ උණ අවධිය වන අතර එය දින 2-10 අතර කාලයක්‌ පවතීනවා. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවකු දෂ්ට කළහොත් වෛරසය මදුරුවා තුළට ඇතුළු වන අතර එමගින් වෙනත් පුද්ගලයින් තුළට වෛරසය ඇතුළු වී රෝගය පැතිරෙන්න පුළුවන්.

 ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්හිද?

සාමාන්‍යයෙන් ඊඩිස්‌ මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කීපයක්‌ යන තුරුද, සවස්‌ කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙරද වැඩිපුර දෂ්ට කිරීම සිදු කරනවා. ඒ නිසා මෙම කාලය තුළ මදුරු දෂ්ටනවලින් ආරක්‍ෂා වෙන්න ඕන.

ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන මොනවාද?

මිනිස්‌ ක්‍රියාකාරකම්වලින් ඇති වූ ඉවතලන ප්ලාස්‌ටික්‌, මැටි හා ලෝහ බඳුන්, විසිතුරු මල් බඳුන්, බැරල්, කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර්, වියළි පොල් කෝම්බ හා වැහි පිහිලි වැනි ජලය රැඳෙන ස්‌ථානවල මෙම මදුරුවන් බිත්තර දමයි. තවද බ්‍රොමිලියා, අන්නාසි පත්‍ර අතරද, ගස්‌ බෙන වැනි ස්‌වභාවික ජලය රැඳෙන ස්‌ථානවලද ඩෙංගු මදුරුවන් බෝවේ. වැඩිහිටි මදුරුවන් නිවසින් පිටත මෙන්ම නිවෙස්‌ ඇතුළත අඳුරු ස්‌ථානවල රැඳි සිටිය හැකියි.

 මදුරු දෂ්ටනයෙන් වැළකෙන්නේ කෙසේද?

* අත් පා හොඳින් ආවරණය වන පරිදි ඇඳුමින් සැරසෙන්න

* මදුරු දැලක්‌ යට විවේකීව සිටින්න

* මදුරු විකර්ෂක භාවිත කරන්න

උදා( පැඟිරි තෙල් හෝ කෘත්‍රිම විකර්ෂක

ඩෙංගු මදුරුවන් බෝවීම වළක්‌වන්නේ කෙසේද?

* භාවිතා කළ හැකි ඉවතලන ප්ලාස්‌ටික්‌, වීදුරු බඳුන්, බෝතල්, ටින් ආදිය ප්‍රතිචක්‍රීකරණය කරන්න. අනිකුත් බඳුන් මදුරුවන් බෝනොවන ලෙස විනාශ කරන්න.

* වැහි පිහිලිවල හිරවී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසිදු කරන්න. වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශීතකරණ තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කරන්න.

* වතුර එක්‌රැස්‌ වන ස්‌ථාන, ළිං සහ ටැංකිවලට මදුරුවන්ට ඇතුල්විය නොහැකි ලෙස දැල් යොදා ආවරණය කරන්න.

* නිරන්තරයෙන්, සතියට වරක්‌ ගෙවත්ත හා ගෙතුළ හොඳින් පරීක්‍ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්‌ථාන ඉවත් කරන්න.

පණිවිඩය ජාතික ඩෙංගු මර්දන ඒකකය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top