A, B, AB සහ O යන ප්‍රධාන සහ (+ ) සහ (-) යන අනුකාණ්ඩත් අපගේ රුධිර වර්ග වෙනවා. රුධිර වර්ගය අපට උරුම වෙන්නේ දෙමව්පියන්ගෙන්. රුධිර වර්ග වල වැදගත්කම බොහෝ කලක සිට ඌන නිමානය කර සිටියේ දුෂ්ට ජර්මානු නාසි වෛද්‍ය ඔටෝ රෙහෙ පෙන්වා දුන් තර්කයක් නිසාවෙන්. එනම් රුධිර වර්ග A ආර්ය, එනම් උතුම් සහ B වර්ගයේ අය ආර්යන්ට වැඩියෙන් පහත් බවත්ය.
නමුත් නවීන පර්යේෂණ මගින් රුධිර වර්ගවලට සමාන්තරව සැදිය හැකි ලෙඩ රෝග සහ වාසි හඳුනාගෙන තිබෙනවා.මෙහි කියල තියෙන දේවල් ගැළපෙනවා නම් කල්පනාකාරීව නිරෝගිව සිටීමට අවශ්‍ය ක්‍රියා අනුගමනය කරන එක තමයි කරන්න ඕන.
A කාණ්ඩය
සරු නමුත් මධුපානයට ලැදි මොවුන් ආමාශගත පිළිකා වලට ගොදුරු වීමට වැඩි අවකාශයක් තියනවා.
මෙම කාණ්ඩයේ කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ කාලයත් සමඟ නිසරු වීම අඩු නිසා ඔවුන් වැඩිහිටි වියේදී පවා ගැබ් ගැනීමට හැකියාවක් තියනවා.
නමුත් දුම්පානය සහ මධ්‍යසාර භාවිතය නිරතුරුව කරනවා නම්,
ආමාශ පිළිකා සැදීමට ඉහළ අවස්ථාවක් තියෙනවා.
B කාණ්ඩය
පිළිකා වලද ඉහළ අවධානමක් නමුත් හොඳ පරිවෘත්තියක්
මොවුන් අග්න්‍යාශයික පිළිකා සදහා ඉහළ අවධානමක් ඇති අතර,
මතකය පිළිබද ආබාධ වලටද ලක්වීමට පුළුවන්.
එසේම ඇල්ෂයිමිර් රෝගය හෝ පිස්සු තත්වයක් වයසට ගිය පසු ඇතිවීමටද පුළුවන්.
හොද පරිවෘත්තිය ක්‍රියාකාරකම්, ලේසියෙන්ම මාංශ
පේශි ගොඩ නැගීම සහ ශාරීරික ව්‍යායාම වලට හොද ප්‍රතිචාර දැක්වීම වාසි ලෙසද දක්වන්න පුළුවන්.
AB කාණ්ඩය
මෙම කාණ්ඩයේ කාන්තාවන් ඩිම්බකෝෂ පිළිකා අවධානමක් තිබෙන අතර ගර්භනී කාන්තාවන් අධික රුධිර පිඩනයට ගොදුරු වීමේ
අවස්ථාවක් ඇත.
මෙම කාණ්ඩයේ අය හදවත් රෝග සහ ආඝාතය සහ ජීර්ණ පද්ධතියේ ලෙඩ රෝග වන නිධන්ගත ගැස්ට්‍රයිටිස් හා
බඩවැල් ආශිත ලෙඩ සදහාද අවධානමක් තියෙනවා. ඒ වගේම යම්කිසි අප්‍රසන්න සිද්දියකට පසු මොවුන්ගේ කොටිසොල් (Cortisol) හෝමෝන මට්ටම බොහෝ කලක් ස්ථාවරව පවතින නිසා ආතතිය මැඩලීමට ඇති හැකියාව අඩු මට්ටමක පවතිනවා.
නමුත් මෙම කාණ්ඩයේ අයට හොද පෙනීමක්ද ඇති බව දක්වනවා.
O කාණ්ඩය
මෙම කාණ්ඩයේ අය ආමාශගත පිලික සහ හදවත් රෝග වලට අඩු අවදානමක් දක්වනවා. නමුත් නොයෙක් බැක්ටීරියා මගින් ආමෂගත තුවාල ඇතිවීමටද පිරිමි අය ස්ථුල බවෙන් පෙලිමටද ඉඩ තියෙනවා.
මෙම කාණ්ඩයේ කාන්තාවන් මද සරු වීමට බොහෝ
ඉඩ ඇති නිසා ඔවුන්ගේ දරුපල මට්ටම අඩු ප්‍රතිශතයක් ගන්නවා.
මොවුන්ගේ කොටිසොල් (Cortisol) හෝමෝන මට්ටම යම්කිසි
අප්‍රසන්න සිද්දියකට පසු ක්ෂණිකව පහත වැටෙන නිසා ආතතියට වැඩි හොඳ ප්‍රතිරෝධයක් දක්වනවා.
-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-