චීන ජාතිකයන් විසින් ඉදිකරන ලද ලෝකයේ උසම සහ දැවැන්තම පාලම මහ ජනතාව සඳහා විවෘත කරලා තියෙනවා.
මේ පාලම නම් කරලා තියෙන්නේ Beipanjiang නමින්.
මේ පාලම දකුණු දිග චීනයේ Guizhou පළාතේ තමයි ඉදිකරලා තියෙන්නේ.
පොළොවේ සිට මීටර් දහසකටත් වඩා අධික උසකින් සකස්වී ඇති මේ පාලම වසර තුනක් තිස්සේ ඉදිකළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.