සමහර වෙලාවට වෙන්වුණු පෙම්වතුන් අලුත් ආදරේකින් බැඳුනම තමන්ගේ පරණ පෙම්වතිය හෝ පෙම්වතා සතුටින් ඉන්නවට අකමැති අයත් ඉන්නවා.
ඒ විදිහට තමන් කළින් ආදරය කරපු පෙම්වතියගේ විවාහය කඩාකප්පල් කරන්න කරපු වැඩක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
කැනඩාවේ තරුණියක් තමන්ගේ විවාහයට ළඟම ඉන්න පිරිසකට ආරාධනා කරලා ජයටම මඟුල සමරන්න කටයුතු කරලා.
මේ වෙලාවේ ඇයගේ කළින් පෙම්වතා එතනට ඇවිත් උත්සව ශාලාවේ හිටපු හැමෝටම ඡායාරූපය ගානේ බෙදන්න පටන් අරන්.
ඒ තමන් සමග මේ මනාලිය එකට හිටියා කියලා පෙන්වන්න.
මේ ඡායාරූප දැකපු මනමාලියගේ පැත්තේ අය තරුණයා එක්ක රණ්ඩුවකට පැටලිලා අන්තිමට නතර වෙලා තියෙන්නේ මංගල ශාලාවේ පුටු මේස වලිනුත් ගහගෙන.
එම වීඩියෝව පහතින්...