ඒ අනුව මෙරට කාන්තාවන් ලක්ෂ 62ක් විතර දැනට කිසිම රැකියාවක් කරන්නේ නැහැ කියලයි වාර්තා වන්නේ.
ගොඩක් අය හිතුවේ මේ අයට රැකියා කරන්න ඕනකමක් නැහැ කියලා වුණාට, ඇත්තම කතාව ඊට වඩා වෙනස්...
රැකියාවක් නොකරන කාන්තාවන්ගෙන් 58.1%ක්ම කියලා තියෙන්නේ තමන්ට රැකියාවකට යන්න බැරිවෙලා තියෙන්නේ පවුලේ වගකීම් සහ ගේදොර වැඩකටයුතු නිසා කියලා.
අවුරුදු 25 - 34 අතර රැකියා නොකරන කාන්තාවන්ගෙන් 87%ක්ම හේතුව විදිහට දක්වන්නේ ගෙදර දොරේ වැඩ සහ පවුලේ වගකීම්...අවුරුදු 35 - 54 අතර ඒ ප්‍රමාණය තවත් වැඩියි, ඒ කියන්නේ 93.6%ක්ම ගෙදර වැඩ නිසා රැකියාවලින් ඈත්වෙලා ඉන්නවා.
මේ ගැන එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය (UN Women) පෙන්වා දෙන්නේ කාන්තාවන් රැකියා නොකරන්නේ වැඩ කරන්න කැමැත්තක් නැති නිසා නෙවෙයි කියලා. උදේ ඉඳන් රෑ වෙනකන් කෑම පිසීම, නිවස පිරිසිදු කිරීම, ඇඳුම් සේදීම, දරුවන් සහ පවුලේ වැඩිහිටි/රෝගී අය බලාගැනීම වගේ නොගෙවන විශාල වැඩකොටසකට ඔවුන්ගේ කාලය වැයවන නිසා බවයි ඔවුන් කියන්නේ.
ඊට අමතරව රැකියා නොකරන ලක්ෂ 62ක ප්‍රමාණයෙන්,
17.8%ක් උසස් අධ්‍යාපන කටයුතු නිසා,
16%ක් විශ්‍රාම වයස පසුවීම නිසා,
6.6%ක් අසනීප හෝ ආබාධිත තත්ත්වයන් නිසා රැකියාවලට යන්නේ නැහැ කියලයි වැඩිදුරටත් සඳහන් වෙනවා.