හැබැයි ඉතින් මේ සතුට අතරේ රුමේෂ්ට විතරක් නෙවෙයි මුළු රටටම කණගාටු හිතෙන ආරංචියකුත් කටුනායක ගුවන් තොටුපොළෙන් වාර්තා වෙනවා.
World Athletics Ultimate Championship තරගාවලිය ජයග්‍රහණය කරලා මව්බිමට පය තියපු රුමේෂ්ගේ ගෙදර යන්න තිබ්බ හිත සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ ගුවන් යානයෙන් ගෙනාපු එයාගේ බඩු බාහිරාදිය අතට ලැබෙද්දියි.
බලද්දී රුමේෂ් තරග සඳහා භාවිත කරන, හෙල්ල 4ක්ම ගුවන් ගමන අතරතුරදී කැඩී හානියට ලක්වෙලා..
මේ ගැන මාධ්‍ය වෙත අදහස් දක්වපු රුමේෂ්ගේ පියා කියලා තිබුණේ, මේ හානියට ලක්වූ හෙල්ල 4හි වටිනාකම රුපියල් ලක්ෂ 20කටත් වඩා වැඩි බවයි. ලෝකයම දිනලා රටට අභිමානයක් ගෙනාපු ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා භාණ්ඩවලට වුණු මේ අපරීක්ෂාකාරී හානිය ගැන මේ වනවිටත් අදාළ ගුවන් සේවා ආයතනය වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන තිබෙනවා.