නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි නිකේෂ් රුවන්ත තරුණයාගේ හදිසි වියෝව හමුවේ අතිශයින්ම කම්පනයට පත් ඔහුගේ මිතුරෙකු, සිය මුහුණු පොත හරහා තබන ලද සංවේදී සටහන කාගේත් නෙතඟට කඳුළක් එක් කිරීමට සමත් වුණා.
එම සංවේදී මිතුරා මුහුණු පොතේ තබා තිබූ සටහන මෙන්න...
"නිවන් සුව මචන්, උබ නිතරම කිව්වේ මම බෞද්ධ නෙවෙයි මම බුද්ධ දර්ශනය අනුගමනය කරන කෙනෙක්,අත් හැරීම ගැන හොදටම දන්න කෙනෙක් උබ ..අපි උබෙන් ඉගෙනගත් දේ බොහොමයි...
ඇකඩමික් වලට වඩා දෙයක් අද උබ අපිට ඔප්පු කරලා යන්න ගිහින් ..මචන් රුසිරු මගේ පොටෝ එකක් ගනින් කියලා හිනා වෙලා ඉස්සරහට ඇවිත් හිටපු විදිහ, ඒ බත් එකක් තියෙනවා වරෙන් අපේ කාමරේට කියලා අහපු විදිහ, exam එකක් ඉවර උන ගමන් මාවයි නයිටවයි හොයන් ආපු විදිහ අද වගේ මතකයි බන්....
ආදරය කියන්නෙ මොකක්ද කියලා පැය ගනන් කතා කරපු උබ අද අපි හැමෝවම දාලා ගිහින්... අම්මටයි උබටයි නිවන් සුව ලැබේවා "
ජීවිතයේ අත්හැරීම ගැන කතා කළ ඒ සොඳුරු සරසවි තරුණයාත්, ඔහුට පණ මෙන් ආදරය කළ ආදරණීය මෑණියන්වත් අද මුළු මහත් සමාජයම හඬවමින් සදාකාලිකවම නික්ම ගොස් හමාරයි.