මෙය මෙරට මෙට්‍රො බස් සේවාව වෙනුවෙන් ස්ථාපිත කළ තුන්වන ඩිපෝ අංගනය වන අතර, එහි මෙහෙයුම් හා පරිපාලන කටයුතු ආරම්භ කිරීම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
එමෙන්ම, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ද මෙම විශේෂ අවස්ථාවට එක්ව සිටියා.
මෙම නව ඒකල ඩිපෝව මූලික කර ගනිමින් අලුත්ම මෙට්‍රො බස් රථ 20ක් ධාවනයට එක් කිරීමට නියමිතයි.
ඒකල සිට කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම දක්වා දිවෙන මෙම මෙට්‍රො බස් මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 29.9ක් වන අතර, මගීන්ගේ පහසුව උදෙසා මෙට්‍රො බස් නැවතුම් ස්ථාන 21ක්ම ස්ථාපිත කර තිබීම විශේෂත්වයක්.
ඒ අනුව ඒකල, ජා-ඇල, වැලිගම්පිටිය, කඳාන, මහබාගේ, මාබෝල, හැඳල, වත්තල, හේකිත්ත හන්දිය, පෑලියගොඩ, දෙමටගොඩ, බොරැල්ල, කැම්බල් පාර්ක්, රාජගිරිය, සෙත්සිරිපාය, බත්තරමුල්ල හන්දිය සහ තලංගම ඇතුළු ප්‍රධාන ප්‍රදේශ රැසකින්ම ජනතාවට මෙතැන් සිට ඉතා පහසුවෙන් මෙම සේවාව ලබාගත හැකියි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් පෞද්ගලික සමාගම එකතුවෙලා, මෙලෙස මාර්ග හතක් ඔස්සේ මෙට්‍රො බස් සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මෙම නව ඩිපෝව විවෘත කිරීමේ උත්සවයට දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියා.....