ප්‍රේක්ෂක හදවත් දිනාගත් මේ සුපිරි යුවළ, තම සුරතල් චූටි දියණිය තුරුලු කරගෙන සිටින අතිශය සුන්දර හා සංවේදී ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණේ කාගෙත් නෙත් සිත් වශී කරවමින්.
පවුලේ උණුසුම, අපරිමිත සතුට සහ අව්‍යාජ ආදරය මනාව ඉස්මතු වන මේ ඡායාරූපවල දීපිකාගේ මුහුණේ මැවෙන මව් සෙනෙහසේ කාන්තියත්, රන්වීර්ගේ ආඩම්බරකාර පිය බැල්මත් කැපී පෙනෙනවා. ඒ වගේම මේ සුන්දර ඡායාරූප පෙළ හරහා දීපිකා යළිත් වරක් මව් පදවිය ලබන්නට සූදානම් වන බවට පළවන ඉඟියත් සමඟ රසිකයන් අතර මහත් උද්යෝගයක් ඇති වී තිබෙනවා.
මුළු විශ්වයම තමන්ගේ දෑත් මත තුරුලු කරගත් මේ පුංචි කැදැල්ලේ සුන්දර මොහොතට මුළු ලොව පුරා විසිරී සිටින රසිකයන්ගෙන් මෙන්ම සිනමා තරු වෙතින්ද නිමක් නැති ආශිර්වාද සහ ආදරණීය සුබපැතුම් ගලා එමින් පවතිනවා.