මේ දෙන්නාගේ ආදර කතාවට වගේම ඔවුන්ගේ සුන්දර කැදැල්ලට ආදරය කරන අතිවිශාල රසික පිරිසක් සමාජ මාධ්‍ය පුරා ඉන්නවා.
පසුගිය දවසක යෙදුණු ශනුද්‍රිගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ ආදරණීය සැමියා, ජනප්‍රිය ගායක දිනේෂ් ගමගේ තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබූ සටහන මේ වන විට කාගෙත් හදවත් දිය කරවන සංවේදී කතාබහක් බවට පත්වෙලා. ඔවුන් දෙදෙනාගේ අතිශය සුන්දර, ආදරණීය ඡායාරූප පෙළක් සමඟින් දිනේෂ් මේ උපන්දින සුබපැතුම එක් කර තිබුණේ ඉතාම අපූරු දෙමළ කාව්‍යමය පද පේළි කිහිපයකින් වීම විශේෂත්වයක්.
"මුහුදු රළක් වගේ ඔබේ පාද ස්පර්ශ කරලා ආපහු මුහුදට ඇදිලා යන කෙනෙක් නෙවෙයි මම... මුහුදු වැල්ලක් වගේ ඔබේ පාදවල තැවරිලා, ඔබ වෙරළ තරණය කරලා යනකල්ම ඔබේ ළඟින්ම ඉන්න කෙනා මමයි..." යන අරුත දෙන ඒ සංවේදී වදන් පෙළත් සමඟින්, "Happyyyyyyy Birthday my thangam... Love you so much Shanudrie Priyasad" යනුවෙන් ඔහු ආදරය වචනවලට පෙරළා තිබුණා.
ආදරය කියන්නේ සීමාවන් නැති, ඕනෑම භාෂාවකින් හදවතටම දැනෙන සුන්දර හැඟීමක් බව මේ සටහන දුටු ඕනෑම කෙනෙකුට හැඟී යනවා නොඅනුමානයි. දිනේෂ්ගේ මේ අපූරු දෙමළ සුබපැතුමට සහ ඔවුන්ගේ සුන්දර ඡායාරූපවලට මුළු සයිබර් අවකාශයෙන්ම ගලා එන්නේ ආශිර්වාද සහ ආදරණීය ප්‍රතිචාර වැලක්. බිරිඳකට සැමියෙකුගෙන් ලැබිය හැකි සුන්දරතම ආදර ප්‍රකාශනයක් ලෙස රසිකයන් මේ සටහන හඳුන්වා දී තිබෙනවා.