එම සංගමය විසින් පවත්වන ලද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැඩි ලෙස ඉල්ලා ඇත්තේ, යෝජිත මෙම වයස් සීමාව අවුරුදු 25ත් 35ත් අතර කාලය දක්වා සංශෝධනය කරන ලෙසයි.
ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමේ යෝජනාව සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් කියා සිටියා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මීට පෙර දිනෙක අදහස් දක්වමින් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සඳහන් කර තිබුණේ ත්‍රිරෝද රථ පැදවීම නිසි පරිදි නියාමනය කිරීමට රජය අපේක්ෂා කරන බවත්, එහි මූලික පියවරක් ලෙස ත්‍රිරෝද රථයක් පැදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා වී ඇති බවත්ය.
මෙම මතභේදාත්මක තත්ත්වය හමුවේ ඉදිරියේදී ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයෙන් කල්ගත වන ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව රටේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.