ඒ, වයස අවුරුදු 97ක් වන බෙටි බ්‍රොමේජ් නම් එඩිතර බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව, ලොව වයස්ගතම ගුවන් යානයක තටු මත සංදර්ශන දක්වන කාන්තාව ලෙස ඇය විසින්ම පිහිටුවා තිබූ ගිනස් ලෝක වාර්තාව නැවත වතාවක් අලුත් කිරීමත් සමඟයි.
ඇඟ කිලිපොලා යන මෙම අභියෝගයේදී ඇය කර තිබෙන්නේ සුළුපටු වැඩක් නම් නෙවෙයි. ගුවන් යානයක ඉහළ තටුවට සවි කර ඇති ආසනයක තදින් බැඳ තබමින්, පැයට සැතපුම් 150ක ක්ෂණික වේගයෙන් අහසේ පියාසර කරද්දීයි ඇය මෙම විශ්මයජනක ගුවන් සංදර්ශනය ඉදිරිපත් කර තිබෙන්නේ.
තමන්ගේ ජීවිතය පවා පරදුවට තබමින් 97 වැනි වියේදී ඇය මෙවැනි භයානක අභියෝගයක් භාරගෙන තිබෙන්නේ චෙල්ටන්හැම් මහ රෝහලේ ආඝාත ප්‍රතිකාර අංශය සඳහා අරමුදල් රැස් කිරීමේ උතුම් අරමුණ වෙනුවෙන් වීම විශේෂත්වයක්.