දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප. ව 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල, ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.
නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදැසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.
මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු - මැද පළාත්වල සහ වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.