Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
14
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය.. අකුරේගොඩ සිද්ධිය සම්බන්ධයෙන් තවත් වෙනස් කතාවක්..

- ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය.. අකුරේගොඩ සිද්ධිය සම්බන්ධයෙන් තවත් වෙනස් කතාවක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views

ඊයේ අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.


මහජනතාව ඡන්දය දෙන්නේ රජයකට ආරක්‍ෂාව බලාපොරොත්තුවෙන් නමුත් අද වනවිට පාරේ බැහැලා යන්න පුළුවන් විදියටවත් ආරක්ෂාවක් නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ රජිව් අමරසූරිය පවසනවා.

බත්තරමුල් අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළඳ සැලක රථ ගාලක් තුළ නීතිඥවරයෙකු සහ ඔහුගේ නීතිඥ බිරිද වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අද(14) උදෑසන පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එතුමා මේ බව සඳහන් කළා.

එහිදී නීතීඥ සංගමයේ සභාපති තවදුරටත් අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළා.

"අපරාධකරුවන් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒවගේම ඒ තරුණ යූවල නිස්කාරණයේ මරලා තියෙන්නේ ඒ නීතිඥ මහතාට පවුලේ අයටත් අපේ ශෝකය ප්‍රකාශ කරනවා. අපි කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. කවදාවත් හිතපු නැති දෙයක් වර්තමානයේ අපිත් බලනවා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මං හිතන්නේ රජයටත්, පොලිසියටත් ලොකු වගකීමක් තියෙනවා. පළමුවෙන්ම මේ වගේ සිද්ධින් වුණාම එතන වැරදිකාරියෝ අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න. ඒකෙන් පණිවිඩයක් දෙන්න ඕනේ සමාජයට, පිටරට කට්ටියත් බලන් ඉන්නවා. මොකක්ද අපි කරන්නේ අපි කරන එක සමහර වෙලාවට නවත්තන්න බැහැ කියමු.නමුත් ඒ ප්‍රශ්න වුණාම නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. සිද්ධියට අදාල වෙන හේතු දක්වන්න බැහැ. ඇයි මේක වුණේ පිටිපස්සේ කතාවක් තිබුණා. කවුරුත් අමු අමුවේ පාරේ මරන්න බැහැ. මේ කොළඹ වෙලා තියෙන්නේ අධි ආරක්ෂිත කලාපයක එහා පැත්තෙ අකුරේගොඩ සුපිරි මාකට් එකක් ඉස්සරහ. අපි ඔක්කොම ඒ පාරේ යනවා එනවා. අපි අනිවාර්යයෙන්ම නීතිය අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ සම්බන්ධයෙන් පියවර හෙට තීරණය කරනවා. නමුත් අපි ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න ඕනි. අපේ ව්‍යවස්ථාව රටේ ව්‍යවස්ථාව අනුවයි. තීරණය හෙට කියන්නම්."

"සමාජ මාධ්‍ය විවිධ අංශවල විවිධ දේ සඳහන් කරනවා. සිද්ධියට අදාළ සියලු විමර්ශන උසාවිය බලා ගනියි.සමාජ මාධ්‍ය වෙත වෙන කතා ඉදිරිපත් කරන්න පුළුවන්. බුද්ධිමත් පරීක්ෂණ වාර්තාවක් උසාවිය මගින් සිදු කරයි. රටේ අපරාධ වෙනුවෙන් නීතිය සහයෝගය ලැබිය යුතුයි. අපරාධකරුවන්ට පෙනී සිටින්නේ නැහැ කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. සැකකරුවන් කොච්චර වැරදි කරත් නීතිඥ සංගමය විසින් නීතිඥ සහාය ලබා දෙන්න ඕන. කාට වුණත් ඒ සහය ලබාදිය යුතුයි. රටේ ආරක්ෂාව ගැටලුවක් තියෙනවා . මේ වෙලාවේ සිද්ධියක් වෙලා තියෙනවා. මම කතා කරන්නේ නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය වු සිද්ධියට සම්බන්ධයෙන්. මීට පෙරද මාධ්‍යවේදී ලසන්ත ඝාතනය ආදිය සිදුව තිබෙනවා."

" රජයට වගකීමක් තියෙනවා මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් . මහජනතාව ඡන්දය දෙන්නෙ රජයට පළමුව ආරක්ෂාව ලබාදිිම සම්බන්ධයෙන්. අද වන විට පාරේ බැහැලා යන්න පුළුවන් විදියට ආරක්ෂාවක් නැහැ. අපි පහළ ජනතාව. රජය අපට ආරක්ෂකයෝ දීලා නැහැ. රජයෙන් වෙන දේවල් බලාපොරොත්තු වෙනවාට වඩා ජනතාව ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕනි."
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top