ලංකාවේ විශාලතම එළිමහන් කලා ප්‍රදර්ශනය හෙවත් "කලා පොළ" මෙවර 33 වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් අද (08) කොළඹ ග්‍රීන් පාර්ක් සහ විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී ආරම්භ වුණා.
මෙවර කලා පොළ උත්සවශ්‍රීයෙන් විවෘත කළේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා සහ කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. දේශපාලන සහ කලා ලෝකයේ ප්‍රභූන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබුණා.
දිවයිනේ නන් දෙසින්ආපු දක්ෂ දේශීය කලාකරුවන් 485 දෙනෙකුට අධික පිරිසක් මෙවර තම නිර්මාණ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. සිතුවම් විතරක් නෙවෙයි, මනස්කාන්ත මූර්ති නිර්මාණවලිනුත් මෙවර කලා පොළ හැඩවී තිබීම විශේෂත්වයක්.
ලංකාවේ අපේ කලාකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපලක් හදලා දෙන එක තමයි මේ ප්‍රදර්ශනයේ ප්‍රධානම අරමුණ. ඒ අරමුණ මල්ඵල ගන්වමින් අද දවස පුරාම විදෙස් සංචාරකයින් විශාල පිරිසක් උනන්දුවෙන් නිර්මාණ නරඹන අයුරුත්, ඒවා මිලදී ගන්නා අයුරුත් දැකගන්න ලැබුණා.