ජනවාරි
ගම්භාර දෙවියන්ගේ බැල්ම තියෙන, කාටවත් ඔළුව නමන්නැති, හිතුවක්කාර රාජකීය ආත්ම!
ඔබ ඉපදුනේ ජනවාරි මාසෙද? එහෙම නැත්නම් ජනවාරි මාසේ උපන් කෙනෙක් ඔබ ළඟ ඉන්නවද?
එහෙනම් පරිස්සම් වෙන්න. මොකද ඔබ ගනුදෙනු කරන්නේ සාමාන්‍ය මනුස්සයෙක් එක්ක නෙවෙයි. මේ අයගේ ඇඟ ඇතුළේ දුවන්නේ රාජකීය ලේ.
ගුප්ත ශාස්ත්‍රයට සහ දේශීය මතයන්ට අනුව ජනවාරි මාසයේ උපන් අයට බලපාන්නේ "ගම්භාර සිද්ධ සූනියම් දේව බැල්ම" හෝ "ඊශ්වර බලය" යි. ඒ කියන්නේ මේ අය උපතින්ම තමන් ඉන්න භූමියට, තමන්ගේ දේවලට අරක් ගත්තු නායකයෝ!
මේ අය හරියට ගිනි කන්දක් වගේ. පිටින් බලද්දි හරිම ශාන්තයි, තැන්පත්. හැබැයි ඇතුළේ ලොකු ගින්දරක් තියෙනවා. මේ අයගේ තියෙන විශේෂම දේ තමයි ආත්ම ශක්තිය.
ලෝකේ කවුරු නැතත් තනියම නැගිටලා තනියම ගේමක් ගහන්න මේ අයට පුළුවන්. කවදාවත් කාටවත් මට උදව් කරන්නකෝ කියලා වැඳගෙන යන්නේ නෑ. බඩගින්නේ හිටියත් සිංහයෙක් වගේ ඔළුව කෙලින් තියාගෙන ඉන්න ජාතියේ මිනිස්සු මේ.
මේ අයගේ හොඳ පැත්ත
මේ අයගේ කට ටිකක් සැර වුනාට හිත හරිම හොඳයි. තමන් විශ්වාස කරන යාලුවෙක්ට, ආදරේ කරන කෙනෙක්ට කරදරයක් වුනාම පණ වුනත් දෙන්න ඉදිරිපත් වෙන්නේ මේ ජනවාරි අය තමයි. මේ අය ආදරේ කළොත් ඒක ආත්ම ගාණක බැඳීමක්. බොරු රඟපෑම් මේ අය ළඟ නෑ.
නරක පැත්ත
හැබැයි මතක තියාගන්න... ජනවාරි කෙනෙක්ගේ විශ්වාසය කඩන්න එපා.
මේ අය ලේසියෙන් තරහ ගන්නේ නෑ. හැබැයි තරහ ගිය දවසට එතන ඉතුරු වෙන්නේ අළු විතරයි. මේ අයව රවට්ටන්න ලේසි නෑ, මොකද බොරු කියන කෙනාව මූණ බලපු ගමන් අඳුරගන්න මේ අයට ගුප්ත ඉවක් තියෙනවා. ඔබ මේ අයට බොරු කළොත්, ඒක මෙයාලා කවදාවත් අමතක කරන්නේ නෑ. පලිගන්නේ නෑ, හැබැයි ඔබව ජීවිතෙන් ඩිලීට් කරනවා ආයේ කවදාවත් නෑවිත් යන්නම.
ගෙදරට ඇති බලපෑම
ජනවාරි මාසේ උපන් කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදරට ලොකු ආරක්ෂාවක්. ගෙදර ප්‍රධානියා මොන මාසේ වුනත්, ඇත්තටම ගෙදර පාලනය වෙන්නේ මේ ජනවාරි කෙනාගේ අතින්. ප්‍රශ්නයක් ආවම පවුලේ බර කරට ගන්න කොන්ද පණ තියෙන"එකම කෙනා මෙයා.
පෙබරවාරි
අනාගතය කලින් දකින "ඥානවන්තයෝ"!
ඔබ ඉපදුනේ පෙබරවාරි මාසෙද? එහෙනම් මුලින්ම මේ දේ පිළිගන්න. ඔබ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි. පොඩි කාලේ ඉඳන්ම ඔබට දැනිලා ඇති මම මේ අනිත් අයට වඩා වෙනස්, මට මේ සමාජය එක්ක ගැලපෙන්න අමාරුයි කියලා. බය වෙන්න එපා, ඒ ඔබේ අවුලක් නෙවෙයි. ඒ තමයි පෙබරවාරි අයගේ හැටි.
ගුප්ත ශාස්ත්‍රයට සහ ජ්‍යොතිෂයට අනුව පෙබරවාරි උපන් අයට බලපාන්නේ ඥාන කාරක බලය සහ "සරස්වතී දේව බැල්ම". ඒ කියන්නේ මේ අය උපතින්ම අරගෙන එන්නේ පුදුම බුද්ධියක් සහ කලාත්මක හැකියාවක්.
ඔබට පුදුම ඉවක් තියෙනවා නේද?
යම් දෙයක් වෙන්න කලින් ඔබට ඒක නිකන් හිතට දැනෙනවා.
ඔබ දකින හීන අනිවාර්යයෙන්ම හැබෑ වෙනවා.
විශේෂයෙන්ම කෙනෙක් ඔබ ඉස්සරහට ඇවිත් බොරුවක් කරන්න හැදුවොත් එයා කට අරින්නත් කලින් ඔබ දන්නවා "මූ මේ බොරුවක් කරන්න යන්නේ" කියලා.
පෙබරවාරි කෙනෙක්ව රවට්ටන්න හදන්න එපා එයාලා නිකන් (බොරු අල්ලන මැෂින්) වගේ.
පිටින් බලන කෙනෙක්ට ඔබව පේන්නේ හරිම ආඩම්බර නිශ්ශබ්ද චරිතයක් වගේ.
හැබැයි ඇත්තටම පෙබරවාරි අය කියන්නේ මහ පොළොව වගේ මිනිස්සු.
තමන්ට නැති වුනත් අනුන්ට උදව් කරනවා.
මේ අයට මිනිස්සුන්ට වඩා සම්බන්ධයක් තියෙන්නේ "ස්වභාවදහම සහ සත්තු" එක්ක. සතෙක්ට කරදරයක් වුනාම මේ අයගේ ඇස්වලට කඳුළු එනවා.
මේ අයගේ යාළුකම හරියට රත්තරන් වගේ. ලේසියෙන් යාළු වෙන්නේ නෑ, හැබැයි යාළු වුනොත් ඒක ආත්ම ගාණක බැඳීමක්.
නරක පැත්ත - පරිස්සම් වන්න!
මේ අයගේ භයානකම දේ තමයි මේ අයගේ "නිශ්ශබ්දතාවය".
අප්‍රේල්, අගෝස්තු අය වගේ කේන්ති ගියාම මේ අය කෑ ගහන්නේ නෑ, බඩු පොළොවේ ගහන්නේ නෑ. මේ අය කරන්නේ නිශ්ශබ්ද වෙන එක.
ඔබ මෙයාලගේ හිත රිද්දුවොත් මෙයාලා ඔබට බනින්නේ නෑ. නිකම්ම ඔබව ජීවිතෙන් බ්ලොක් කරලා දානවා. ඒ නිශ්ශබ්දතාවය දරාගන්න හරි අමාරුයි.
ඒ වගේම මේ අයගේ Mood එක තේරුම් ගන්න දෙවියන්ටවත් බෑ. දැන් හොඳට හිනාවෙලා ඉන්නවා, තව විනාඩියකින් ලෝකේ එපා වෙලා වගේ පැත්තකට වෙලා ඉන්නවා. ඒ වෙලාවට මෙයාලට පාඩුවේ ඉන්න දෙන්න ඕන.
ගෙදරට සහ පවුලට බලපෑම
පෙබරවාරි කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදරට වාසනාව සහ නැණ නුවණ නිතැතින්ම ලැබෙනවා. ගෙදර කාටවත් විසඳගන්න බැරි ප්‍රශ්නයක් ආවම පෙබරවාරි කෙනා ළඟට යන්න. එයා දෙන විසඳුම අනිත් කාටවත් හිතාගන්නවත් බැරි තරම් සාර්ථකයි. පවුලේ මොළකරු තමයි මෙයා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
ඔබව තේරුම් ගන්න මේ සමාජයට අමාරු ඇති. පිස්සෙක් කියලා හිතනවා ඇති.
හැබැයි මතක තියාගන්න ලෝකේ වෙනස් කළේ අනිත් අයට පිස්සෝ වගේ පෙනුණු ඔබ වගේ අයයි. ඒ ගැම්ම අතාරින්න එපා!
මාර්තු
කේන්ති ගියොත් සුනාමියක් වෙන සංවේදී අය
ඔබ ඉපදුනේ මාර්තු මාසෙද? එහෙනම් ඔබ තමයි මේ ලෝකේ ඉන්න සංවේදීම මිනිස්සු ටික. ඔය හිත රිදෙන එක ඉක්මනට ඇස් වලට කඳුළු එන එක ඔබේ දුර්වලකමක් නෙවෙයි. ඒ ඔබේ මනුස්සකම.
ගුප්ත ශාස්ත්‍රයට සහ දේශීය මතයන්ට අනුව මාර්තු මාසයේ උපන් අයට බලපාන්නේ "පත්තිනි දේව බැල්ම" සහ ජල දේවතාවුන්ගේ බලය. ඒ නිසාමයි මේ අයගේ හිත වතුර වගේ නිවීලා සිසිල්ව තියෙන්නේ.
ඔබ දන්නවද ඔබ ළඟ තියෙන විශ්වීය බලය මොකක්ද කියලා?
ඔබ උපන්ගෙයි ආධ්‍යාත්මිකවම බලවත් කෙනෙක් කාට හරි ලොකු දුකක් මානසික පීඩනයක් ආවම ඔබ ළඟට ඇවිත් විනාඩි 5ක් කතා කළාම ඒ මනුස්සයා නිකම්ම සුවපත් වෙනවා. ඔබේ වචන වලට පුළුවන් ගින්දර වගේ ඇවිලෙන හිත් නිවන්න.
ඒ වගේම මේ අයට දියුණුවෙන්න පුළුවන් රහස තමයි කලාව. සින්දු කියන්න නටන්න, චිත්‍ර අඳින්න හෝ ලියන්න මේ අයට පුදුම දක්ෂතාවයක් තියෙනවා.
මාර්තු කෙනෙක් තරම් පරිත්‍යාගශීලී කෙනෙක් මේ ලෝකේ හොයාගන්න නෑ.
තමන් බඩගින්නේ ඉඳලා හරි අනුන්ට කන්න දෙන ජාතියේ උතුම් මිනිස්සු මේ. පාරේ ඉන්න සතෙක්ට කරදරයක් වෙලා තිබ්බොත්, අනිත් අය අහක බලන් යද්දි මේ අයගේ ඇස් වලට කඳුළු එනවා. සත්තුන්ට පුදුම ආදරෙයි.
ආදරේ කරන කෙනා වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම අනාගතේම වුනත් කැප කරන්න මේ අය දෙපාරක් හිතන්නේ නෑ. ආදරේට වහල් වෙනවා.
නරක පැත්ත සහ විනාශය
හැබැයි මේ අහිංසකකම දැකලා රැවටෙන්න එපා! වතුර කියන්නේ ජීවය වගේම තමයි කේන්ති ගියොත් ඒක "සුනාමියක්" වෙනවා.
මාර්තු අයගේ ඉවසීම වැඩියි. හැබැයි ඒ ඉවසීමේ රේඛාව පැන්නොත්... යක්ෂයා පරාදයි. එදාට පරණ කුණු කන්දල්, අවුරුදු 10කට කලින් වෙච්ච දේවල් ඔක්කොම මතක් කර කර බනින්නේ. ඒ වෙලාවට එයාලව පාලනය කරන්න කාටවත් බෑ.
ලොකුම දුර්වලකම තමයි ඉක්මනට රැවටෙන එක. ඕන කෙනෙක්ව විශ්වාස කරනවා, අනුන්ගේ දුක දැක්කම දිය වෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්න කපටි මිනිස්සු මේ අයට නිතරම වංචා කරනවා.
ගෙදරට ඇති බලපෑම
මාර්තු කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදර "දේව මන්දිරයක්" වගේ. ගෙදර හැමෝම රණ්ඩු වෙද්දි, ඒ අයව සමගි කරන්නේ මෙයා. පවුලේ අයගේ හිත හදන්න එයාලව එකතු කරන් ඉන්න ගම් එක තමයි මේ අය.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
ඔබේ ඔය මලක් වගේ හිත රිද්දගන්න එපා.
හිත හොඳ වැඩි නිසාම ඔබ නිතරම පරිප්පු කනවා ඇති. ඒත් කවදාවත් නපුරු වෙන්න එපා. මොකද මේ ලෝකෙට ඔබ වගේ අය නැතුවම බෑ.
අප්‍රේල්
කාටවත් බය නැති සූර්ය පුත්‍රයෝ!
ඔබ ඉපදුනේ අප්‍රේල් මාසෙද? මුළු රටම සතුටු වෙන කොවුලෝ සින්දු කියන, සිංහල අවුරුද්ද උදාවෙන මේ මංගල මාසයේ ඉපදුන ඔබ සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑනේ. ඔබ හරියට සූර්යයා වගේ. ළඟට ආවොත් රස්නෙයි හැබැයි පාව්වෙ නැත්නම් ලෝකෙම කළුවරයි.
ගුප්ත ශාස්ත්‍රයට සහ ජ්‍යොතිෂයට අනුව අප්‍රේල් අයගේ අධිපතියා වෙන්නේ සූර්ය දිව්‍ය රාජයා සහ කතරගම දෙවියන්ගේ සෙන්පති බලය. ඒ කියන්නේ මේ අය උපන්ගෙයි නායකයෝ
මේ අය ළඟ තියෙන්නේ තේජස සහ ගිනි බලය
මේ අයට බය කියන දේ ගෑවිලාවත් නෑ.
රිස්ක් එකක් අරගෙන අනිත් අය කරන්න බෑ කියන වැඩක් කරලා පෙන්නන්න මේ අය මාර දක්ෂයි.
මේ අයට කටේ බලයක් තියෙනවා. අප්‍රේල් කෙනෙක් තරහ ගිහින් "තොට හෙන ගහනවා" කිව්වොත් පරිස්සම් වෙන්න. මොකද මේ අයගේ වචන වලට විශ්වය ඇහුම්කන් දෙනවා. කිව්වොත් කිව්වා තමයි!
ජීවිතේ කොච්චර ප්‍රශ්න ඇවිත් වැටුනත් මේ අයව වට්ටන්න බෑ. අළු ගසා දාලා ෆීනික්ස් කුරුල්ලෙක් වගේ ආයෙත් නැගිටිනවා.
පිටින් බලන කෙනෙක්ට මේ අය පේන්නේ මහා දරදඬු, සැර පරුෂ චරිත වගේ. හැබැයි ඇත්තම කතාව දන්නේ ළඟ ඉන්න අය විතරයි.
ඇතුළෙන් මේ අය හරිම ළාමකයි පොඩි ළමයෙක් වගේ ඉක්මනට යාළු වෙනවා. තරහ හිතේ තියාගෙන වෛර කරන්න මේ අය දන්නේ නෑ.
යාළුවෙක්ට කරදරයක් වුනාම තමන්ගේ වැඩ ඔක්කොම පැත්තක දාලා මුලින්ම පැනලා ගහගන්න යන්නේ මේ අප්‍රේල් අය තමයි. බොක්ක දෙන යාළුවෝ!
නරක පැත්ත - යක්ෂයා ආවේශ වීම
දෙවියන්ගෙම පිහිටයි! මේ අයගේ ලොකුම සහ භයානකම දුර්වලකම තමයි "කේන්තිය".
මේ අයට "ඉවසීම" කියන දේ බෙහෙතකටවත් නෑ. කේන්ති ගියොත් ඉස්සරහ ඉන්නේ කවුද, තැන මොකක්ද කියලා අදාළම නෑ. අතට අහුවෙන දේ පොළොවේ ගහනවා. කටින් එන වචන පාලනය කරගන්න බෑ.
හැබැයි ඒ කේන්තිය හරියට සෝඩා බෝතලේ කැඩුවා වගේ. යකා නටලා විනාඩි 5න් ආයේ සාමාන්‍ය මනුස්සයා වෙනවා. හැබැයි ඒ වෙද්දි වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. ඉක්මන් තීරණ අරගෙන පස්සේ පසුතැවෙන එක මෙයාලගේ පුරුද්දක්.
ගෙදරට සහ පවුලට බලපෑම
අප්‍රේල් කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදර කවදාවත් බඩගින්නේ ඉන්නේ නෑ.
ගෙදර දියුණුවට සල්ලි හොයන්න මේ අය මාර ගේමක් ගහනවා. පවුලේ බර කරට අරන් අදින එන්ජිම තමයි මෙයා. මහන්සි වෙන්න මේ අය බය නෑ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
ඔබේ ඔය "හිත හොඳ කට නරක" ගතිය හැමෝම තේරුම් ගන්නේ නෑ. හැබැයි ඔබ නැති දවසක තමයි මේ අයට පාළුව, අඩුව දැනෙන්නේ. කේන්තිය ටිකක් අඩු කරගත්තොත්... ඔබ තමයි මේ ලෝකේ ඉන්න හොඳම නායකයා!
මැයි
වචනයක් දුන්නොත් ජීවිතේ ගියත් රකිනයකඩ මිනිස්සු!
ඔබ ඉපදුනේ පින්බර වෙසක් මාසේ හෙවත් මැයි මාසෙද? එහෙනම් ඔබ ගැන කියන්න වචන නෑ. මේ ලෝකේ ඉන්න කෙලින්ම වැඩ කරන මිනිස්සු කවුද ඇහුවොත් ඒ ඔබයි. ඔබ තමයි
විශ්වාසවන්තකමේ සැබෑ ප්‍රතිරූපය.
ගුප්ත ශාස්ත්‍රයට අනුව මැයි මාසයේ උපන් අයට බලපාන්නේ මිහිකතගේ බලය සහ ශ්‍රියා කාන්තාවගේ බැල්ම. ඒ නිසා මේ අය හරියට මහ පොළොව වගේ හරිම ස්ථාවරයි, ශක්තිමත්.
ඔබේ ලොකුම බලය තමයි ධන ආකර්ෂණය.
මැයි මාසේ උපන් අය කවදාවත් බඩගින්නේ මැරෙන්නේ නෑ. මේ අයට සල්ලි කියන දේ කොහෙන් හරි ලැබෙනවා. මේ අය අල්ලපු දේ රත්තරන් වෙනවා . බිස්නස් එකක් පටන් ගත්තොත් ඒක දියුණු කරලම තමයි පස්ස බලන්නේ.
ඒ වගේම මේ අයට තියෙන ලොකුම ශක්තිය තමයි "ඉවසීම". ඕනම දුකක් කට්ටක්, ප්‍රශ්නයක් දත් මිට කාගෙන, කඳුළු පෙන්නන්නේ නැතුව ඉවසගෙන ඉන්න මේ අයට පුළුවන්.
ආදරේදි,
මැයි කෙනෙක් ඔබට ආදරේ කළොත් ඒක මේ ආත්මෙට විතරක් නෙවෙයි.
මෙයාලා කවදාවත් රැවටිලි කරන්නේ නෑ. ආදරේ කරන කෙනා වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරනවා.
තමන්ගේ පවුලට දරුවන්ට පණටත් වඩා ආදරෙයි.
ඒ වගේම මේ අය ජීවිතේ විඳින්න ආසයි. රසට කන්න බොන්න ලස්සනට අඳින්න, හොඳ සුවඳ විලවුන් පාවිච්චි කරන්න මේ අය හරිම කැමතියි. මැයි කෙනෙක් එක්ක ඉන්නවා කියන්නේ සැපට ඉන්න ලැබෙනවා කියන එකයි.
නරක පැත්ත - පිස්සු හිතුවක්කාරකම
මේ අය එක්ක රණ්ඩු වෙන්න යන්න එපා මොකද දිනන්න ලැබෙන්නේ නෑ!
මේ අයගේ එකම සහ ලොකුම අවුල... මාරම හිතුවක්කාරයි.
මෙයාලා දෙයක් හරි කියලා තීරණය කළොත් මුළු ලෝකෙම ඇවිත් වැරදියි කිව්වත් මෙයාලා ඒක වෙනස් කරන්නේ නෑ. ඔළුව ගලවලා තිබ්බත් මතය වෙනස් කරන්නේ නෑ.
ඒ වගේම මේ අයට තරහ ගියොත් අප්‍රේල් අය වගේ කෑ ගහන්නේ නෑ. මෙයාලා කරන්නේ හිතේ තියාගෙන ඉන්න එක. මැයි කෙනෙක් තරහ වුනොත් ඒ මනුස්සයාට ආයේ සමාව දෙන්න හිත සන්සුන් වෙන්න සමහර විට අවුරුදු ගාණක් යනවා.
ගෙදරට ඇති බලපෑම
මැයි කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදරට ශක්තිමත් අත්තිවාරමක් තියෙනවා වගේ. සුළි කුණාටු ආවත් ගෙදර හෙලවෙන්නේ නෑ මෙයා ඉන්නකම්. ගෙදර අයගේ ආරක්ෂාව කෑම බීම සැප පහසුව ගැන හොයලා බලන ගබඩා භාරකරු තමයි මෙයා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
ඔබේ ඔය හිතුවක්කාරකම අනිත් අයට වදයක් වුනාට ඒක තමයි ඔබේ ශක්තිය. කඩන්න බැරි නවත්තන්න බැරි ඒ ගැම්ම දිගටම තියාගන්න. ඔබ නැති තැන පාළුවක් විතරක් නෙවෙයි ලොකු හිස්තැනක් දැනෙනවා.
ජූනි
කටින් මුළු ලෝකයක් වුනත් පාලනය කරන ආකර්ෂණීය මායාකාරයෝ!
ඔබ ඉපදුනේ ජූනි මාසෙද? එහෙනම් මේ ලෝකේ පරිස්සම් වෙන්න ඕන ඔබෙන් නෙවෙයි... ඔබේ කටෙන්!
ඔබ දන්නවද ඔබ ළඟ තියෙන භයානකම ආයුධය ඔබේ වචන කියලා?
ගුප්ත ශාස්ත්‍රයට සහ ජ්‍යොතිෂයට අනුව ජූනි මාසයේ උපන් අයට බලපාන්නේ "වාග් දේවතාවියගේ බැල්ම" සහ "විෂ්ණු දෙවියන්ගේ වරම". ඒ කියන්නේ මේ අයට කතාවෙන් ලෝකයක් වුනත් පාලනය කරන්න වෙනස් කරන්න පුළුවන්.
ඔබේ මොළේ හරියට Computer එකක් වගේ.
අනිත් අය එක දෙයක් ගැන හිතද්දි ජූනි අය එක පාර දේවල් දහයක් ගැන හිතනවා . මේ අයගේ මොළේ වැඩ කරන ස්පීඩ් එක අනිත් අයට අල්ලන්නවත් බෑ.
මේ අයට තියෙන විශේෂම හැකියාව තමයි වශී කිරීමේ බලය. තරහ වෙලා ඉන්න කෙනෙක්ව වුනත් විනාඩි 2ක් කතා කරලා යාලු කරගන්න ඕනම කෙනෙක්ගේ හිත වෙනස් කරන්න මේ අයට පුළුවන්. මෙයාලා කතා කරද්දි ඉස්සරහ ඉන්න කෙනා නිකම්ම වශී වෙලා අහගෙන ඉන්නවා.
ගුප්ත දේවල් ඉගෙන ගන්න පොත් පත් කියවන්න අලුත් දැනුම හොයන්න මේ අය උපතින්ම දක්ෂයි.
ජූනි කෙනෙක් ඉන්න තැනක් කවදාවත් පාළු නෑ. මල ගෙදරක ගියත් එතන පොඩි ජොලියක් දාන්න මේ අයට පුළුවන්.
විහිළු කරලා කතා කරලා හැමෝම හිනස්සනවා. මේ අය වයසට ගියත් හිතින් නාකි වෙන්නේ නෑ. සදාකාලික තරුණයි.
අලුත් දේවල් ඉගෙන ගන්න ලෝකේ වටේ ඇවිදින්න යන්න මේ අය මාර ආසයි.
යාළුවෝ ගොඩක් ආශ්‍රය කරනවා. හැබැයි ඒ ගොඩක් අය අතරින් ඇත්තම යාළුවෝ ඉන්නේ බොහොම ටික දෙනයි.
නරක පැත්ත - ද්විත්ව චරිතය
මේ අයව තේරුම් ගන්න දෙවියන්ටවත් බෑ!
මේ අයගේ ලොකුම අවුල තමයි "දෙපැත්ත"
දැන් හොඳට හිනාවෙලා පැණි බේරෙන්න කතා කර කර ඉන්නවා. තව විනාඩියකින් යකෙක් වගේ තරහ යනවා. හරියට වෙස් මූණු දෙකක් දාගෙන ඉන්නවා වගේ.
රහස් හංගන්න මේ අය දක්ෂයි. තමන්ගේ හිතේ ඇත්තටම තියෙන දේ (දුක හෝ තරහ) කාටවත්ම පෙන්නන්නේ නෑ. හිනාවකින් වහගෙන ඉන්නවා.
පරිස්සම් වෙන්න! මේ අයට කේන්ති ගියොත් ගහගන්න එන්නේ නෑ. මෙයාලා ගහන්නේ වචන වලින්. ඒ වචන හරියට මුවහත් කඩුවක් වගේ. අහන් ඉන්න කෙනාගේ හිත කෑලි වලට කැපෙන්න ජීවිත කාලෙටම අමතක නොවෙන්න වචන වලින් රිද්දන්න මේ අයට පුළුවන්.
ගෙදරට ඇති බලපෑම
ජූනි කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදර නිතරම සද්ද බද්ද තියෙනවා (TV එක ඕන නෑ මෙයා හිටියම ඇති). ගෙදර එන ප්‍රශ්න රණ්ඩු සරුවල් කතාවෙන් බේරන්නේ මෙයා. හැබැයි ගෙදර අයට මෙයාව පාලනය කරන්න නීති දාන්න නම් හිතන්නවත් එපා. මේ අය කැමති නිදහස් කුරුල්ලෝ වගේ ඉන්න.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
ඔබේ ඔය කට නිසාම තමයි ඔබ දිනන්නෙත් ඔබේ ඔය කට නිසාම තමයි ඔබ අමාරුවේ වැටෙන්නෙත්. කොහොම වුනත්, ඔබ නැති තැනක කිසිම ජීවයක් නෑ.
ජූලි
හැමෝටම රැකවරණය දෙන චන්ද්‍රවන්තයෝ!
ඔබ ඉපදුනේ ජූලි මාසෙද? එහෙනම් මේ දේ හොඳට අහගන්න. ඔබ තමයි මේ ලෝකේ ඉන්න ආරක්ෂිතම මිනිස්සු. ඔබ ළඟ ඉන්න කෙනෙක්ට කවදාවත් බියක් දැනෙන්නේ නෑ. මොකද ඔබ උපතින්ම පවුලේ ආරක්ෂකයා.
ගුප්ත ශාස්ත්‍රයට අනුව ජූලි මාසයේ උපන් අයට බලපාන්නේ "චන්ද්‍ර දිව්‍ය පුත්‍රයාගේ බලය". ජ්‍යොතිෂයේදී සඳ කියන්නේ "අම්මා".
ඒ නිසා ඔබ වයසින් පොඩි වුනත් ඔබ ළඟ උපතින්ම තියෙන්නේ අම්මෙක්ට තාත්තෙක්ට තියෙන දරදඬු එහෙත් සෙනෙහෙබර ගුණාංග.
මේ අයට අමුතුම බලයක් තියෙනවා. තමන්ගේ පවුලේ කෙනෙක්ට හෝ යාළුවෙක්ට කරදරයක් වෙන්න යනවා නම්, කිලෝමීටර් ගාණක් ඈත හිටියත් මේ අයට ඒක කලින්ම දැනෙනවා .
ජූලි කෙනෙක් එක්ක බොරු කරන්න එපා. මේ අයට අවුරුදු 10කට කලින් වුන දෙයක් වුනත් ඇඳන් හිටපු ඇඳුමේ පාටත් එක්කම මතකයි. හොඳ වගේම නරකත් මේ අයගේ මෙමරි එකෙන් කවදාවත් ඩිලීට් වෙන්නේ නෑ.
ගලක් වගේ පෙනුනට මලක් වගේ හිත
කකුළුවාට තියෙන්නේ හයිය කට්ටක් සහ මෘදු ඇඟක්නේ. ජූලි අයත් අන්න ඒ වගේ.
පිටින් බලද්දි හරිම රළුයි ආඩම්බරයි වගේ පෙනුනට ඇතුළෙන් හරිම සංවේදී මෘදු හිතක් තියෙන්නේ.
පවුල තමයි මේ අයගේ ලෝකේ. තමන්ගේ අම්මා තාත්තට දරුවන්ට හෝ සහෝදරයන්ට කවුරු හරි වචනයක් කිව්වොත් මේ අයට යකා ආවේශ වෙනවා. එදාට ඉස්සරහ ඉන්නේ කවුද කියලා බලන්නේ නෑ.
රසට උයන්න ගෙදර ලස්සනට තියාගන්න අනුන්ට කන්න දීලා බලන් ඉන්න මේ අය පුදුම ආසයි.
නරක පැත්ත - මරණ මංචකය තෙක් මතක තබා ගැනීම
පරිස්සම් වෙන්න! මේ ලෝකේ භයානකම දේ තමයි ජූලි කෙනෙක්ගේ හිත රිද්දන එක.
මේ අය ලේසියෙන් තරහ අමතක කරන්නේ නෑ. ඔබ කරපු වැරැද්දට සමාව දෙයි හැබැයි මැරෙනකම්ම ඒක අමතක කරන්නේ නෑ
ඒ වගේම මේ අයගේ මූඩ් එක හඳ වගේ වෙනස් වෙනවා. පොඩි වචනෙටත් හිත රිදෙනවා . දුක හිතුනම කාටවත් පෙන්නන්නේ නැතුව තනියම අඬන ස්වභාවයක් තියෙනවා. අතීතය ගැන හිත හිත නිතරම දුක් වෙනවා.
ගෙදරට ඇති බලපෑම
ජූලි කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදර හැමෝම ආරක්ෂිතයි. ගෙදර අයගේ බඩගින්න දුක සැප බලන ගෙදර බුදු පහන තමයි මේ. ගෙදර අත්තිවාරම දරාගෙන ඉන්නේ මේ අයගේ ශක්තියෙන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
ඔබේ ඔය ආදරේ හැමෝටම තේරුම් ගන්න බැරි වෙයි. සමහරු ඔබට සැරයි කියයි. හැබැයි දවසක ඔබ නැති වුනාම තමයි ඒ අයට තේරෙන්නේ ඒ ගෙදරට එළිය දුන්නේ ඔබ කියලා.
අගෝස්තු
උපන්ගෙයි රජවරු සහ රැජිනියෝ!
ඔබ ඉපදුනේ අගෝස්තු මාසෙද? එහෙනම් මුලින්ම සොරි වෙන්න ඕන.
ඇයි දන්නවද? ඇත්තටම ඔබ උපදින්න තිබ්බේ දැන් නෙවෙයි, අර ඉස්සර රජ කාලේ රජෙක් හරි රැජිනක් හරි වෙලා.
මොකද මේ සාමාන්‍ය මිනිස්සු එක්ක ජීවත් වෙන එක ඔබට සමහර වෙලාවට එපා වෙනවා ඇති. මොකද ඔබ අනිත් අයට වඩා ගොඩක් ඉහළින් හිතන කෙනෙක්.
ගුප්ත ශාස්ත්‍රයට සහ ජ්‍යොතිෂයට අනුව අගෝස්තු මාසයේ උපන් අයට බලපාන්නේ "සූර්ය දිව්‍ය රාජයාගේ බලය" සහ "විෂ්ණු දෙවියන්ගේ තේජස".
සූර්යයා කියන්නේ ග්‍රහ මණ්ඩලයේ රජා. ඉතින් අගෝස්තු අයත් උපතින්ම නායකයෝ .
මේ අයට පුදුම ආකර්ෂණයක් තියෙනවා. මේ අය කාමරේකට ඇතුල් වෙද්දිම කවුරුත් නොකිව්වට හැමෝම නිකම්ම මේ අය දිහා බලනවා. මේ අය ආලෝකය හොයාගෙන යන්නේ නෑ ආලෝකය එන්නේ මේ අය හොයාගෙන.
මේ අයව පාලනය කරන්න, මේ අයට නීති දාන්න කාටවත් බෑ. පොඩි රස්සාවක් කළත්, බිස්නස් කළත් මේ අය වැඩ කරන්නේ එතන ලොක්කා වගේ. අනුන්ට "සර්" කියන්න මේ අයගේ දිව නැවෙන්නේ නෑ.
පිටින් බලන අයට පේන්නේ මේ අය හරිම උද්දච්ච ආඩම්බර චරිත වගේ. හැබැයි ඇත්තම තත්ත්වය ඒක නෙවෙයි.
මේ අයගේ හිත හරිම ත්‍යාගශීලීයි. යාළුවන්ට වියදම් කරන්න ආදරේ කරන අයට වටිනා තෑගි දෙන්න මේ අය දෙපාරක් හිතන්නේ නෑ. සල්ලි මිටි ගණන් වියදම් කරලා යාළුවන්ට සලකන බොක්ක රත්තරන් චරිත මේ.
තමන්ගේ පාට්නර්ට සලකන්නේ රජෙක්ට රැජිනකට වගේ. තමන්ගේ රැලට කවුරු හරි අත තිබ්බොත් මේ සිංහයෝ නිකන් ඉන්නේ නෑ.
නරක පැත්ත
පරිස්සම් වෙන්න! අගෝස්තු කෙනෙක් එක්ක ගනුදෙනු කරනවා නම් මේ දේ මතක තියාගන්න.
කවදාවත් මෙයාලගේ Ego එකට ආත්ම ගෞරවයට හානි කරන්න එපා. කවුරු හරි මේ අයට ප්‍රසිද්ධියේ අපහාස කළොත් හෝ මෙයාලව ගණන් ගත්තේ නැත්නම් (ඒක මෙයාලට දරාගන්න බෑ.
කැලේ සිංහයා වගේ තමයි කේන්ති යන්නේ කලාතුරකින්. හැබැයි කේන්ති ගියොත්... ඉස්සරහ ඉන්න එකාව විනාශ කරලම තමයි පස්ස බලන්නේ. ඒ තරහ නිවන්න හරි අමාරුයි.
ගෙදරට ඇති බලපෑම
අගෝස්තු කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදරට ලොකු ගරුත්වයක් සහ ආරක්ෂාවක් ලැබෙනවා. ගෙදර ඕනම බරපතල තීරණයක් ගන්නේ මෙයා. ගෙදර අය වැටෙන්න ගියොත් කොන්ද කෙලින් තියන් අල්ලගෙන ඉන්නේ මේ අගෝස්තු චරිතයයි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
ඔබේ ඔය ආඩම්බරය ඔබේ ඔටුන්නයි. ඒක බිම තියන්න එපා. ඔබ ඉපදුනේ කාටවත් සෙකන්ඩ් වෙන්න නෙවෙයි ලෝකයක් පාලනය කරන්න.
පොඩ්ඩක් ආඩම්බරයි තමයි ඒ වුනාට බොක්ක රත්තරන් රජ කාලේ ඉපදෙන්න තිබුණු අපේ අගෝස්තු සිංහයෝ ටික කෝ බලන්න?
සැප්තැම්බර්
වැරදි හොයන මැෂින් විශ්වකර්ම මොළයක් තියෙන වැඩ්ඩෝ!
ඔබ ඉපදුනේ සැප්තැම්බර් මාසෙද? එහෙනම් මේ දේ පිළිගන්න. ඔබට බොරු කරන්න කාටවත් බෑ. ඔබ හරියට ඇවිදින CCTV කැමරාවක් වගේ. අනිත් අයට නොපෙනෙන පුංචි පුංචි දේවල් ඔබට පේනවා. ඔබට ඕන හැමදේම Perfect වෙන්න. භාගෙට වැඩ කරන එක ඔබේ ළඟ නෑ.
ගුප්ත ශාස්ත්‍රයට සහ ජ්‍යොතිෂයට අනුව සැප්තැම්බර් උපන් අයට තියෙන්නේ "විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ බලය" සහ "සරස්වතී බැල්ම" බුධ ග්‍රහයාගේ බලය.
ඒ කියන්නේ මොළේ සහ අතේ හුරුව මේ අයගේ උපරිමයි.
ඔබ දිහා එක පාරක් බලලා ඔබ මොන වගේ කෙනෙක්ද ඔබ අඳින පළඳින විදිය, ඔබේ බොරු ඔබේ හිතේ තියෙන කපටිකම් ඔක්කොම X-ray කළා වගේ හොයාගන්න මේ අයට පුළුවන්.
ප්‍රශ්නයක් ආවම අනිත් අය අඬද්දී සැප්තැම්බර් අය කරන්නේ ඒක විසඳන විදිය ගැන ප්ලෑන් කරන එකයි. මේ අයගේ මොළේ හරියට කැල් එකක් වගේ.
කට සැර වුනාට බොක්ක පිරිසිදුයි
සැප්තැම්බර් කෙනෙක් ඔබේ යාළුවෙක් නම් ඔබ ගොඩ.
මේ අය කවදාවත් යාළුවෙක්ව අමාරුවේ දාන්නේ නෑ. බොරු කියලා පාවලා දෙන්නේ නෑ. ප්‍රශ්නයක් ආවම කාටවත් විසඳන්න බැරි ප්‍රශ්න විසඳන්න යන්න ඕන හොඳම කෙනා මෙයා
වචනයක් දුන්නොත් ඒක ඒ විදියටම කරනවා. බැහැ කියන්න දන්නේ නෑ. තමන්ගේ වැඩේ පැත්තක දාලා හරි අනුන්ට උදව් කරනවා.
නරක පැත්ත - වැරදි සෙවීමේ කලාව
අම්මෝ! මේ අයගේ කට. මේ අයගේ ලොකුම අවුල තමයි වැරදි හොයන එක
වැරැද්දක් දැක්කොත් මූණටම කියනවා හිත රිදෙයිද බලන්නේ නෑ. හැබැයි එයාලා ඒක කියන්නේ තරහට නෙවෙයි, හැදෙන්න කියලා. ඒත් අනිත් අය හිතන්නේ මේ අය මහ ඇණයක් කියලා.
පොඩි දේටත් වද වෙනවා. රෑට නිදාගන්න ගියාම හෙට දවස ගැන අද වෙච්ච දේවල් ගැන පැය ගාණක් කල්පනා කර කර වද වෙනවා. "ඇයි මට මෙහෙම වුනේ?" කියලා නිතරම හිතනවා.
ගෙදරට ඇති බලපෑම
සැප්තැම්බර් කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදර "දූවිලි කැටයක්වත් නෑ". ගෙදර පිළිවෙලට, පිරිසිදුවට තියෙන්න ඕන. බඩු තියෙන තැන වෙනස් වුනොත් මෙයාට යකා නගිනවා. ගෙදර වියදම් පාලනය කරන්න, අනාගතය දියුණු කරන්න සුපිරි ප්ලෑන් ගහන්නේ මෙයා. ගෙදර "පාලක මැදිරිය" තමයි මෙයා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
ඔබ වැරදි හොයන්නේ ලෝකේ හදන්න බව අපි දන්නවා. ඔබේ ඔය "කෙලින් කතා කරන" ගතිය නැති කරගන්න එපා. මොකද බොරුකාරයෝ පිරුණු ලෝකෙක ඔබ වගේ ඇත්තම මිනිස්සු හරි වටිනවා.
කට ටිකක් සැර වුනාට, වැඩක් කිව්වොත් නූලටම කරන අපේ සැප්තැම්බර් වැඩ්ඩෝ ටික කෝ?
ඔක්තෝබර්
සද්ද නැතුවම ගේමක් දෙන අමුතුම චරිත!
ඔබ ඉපදුනේ ඔක්තෝබර් මාසෙද? එහෙනම් පිළිගන්න ඔබ තමයි මේ ලෝකේ ඉන්න ආකර්ෂණීයම මිනිස්සු. ඔබ කාමරේකට ඇතුල් වෙද්දි ඔබ මොකුත් නොකළාට අනිත් අයගේ ඇස් නිකම්ම ඔබ ළඟ නතර වෙනවා. ඒක ඔබේ වැරැද්දක් නෙවෙයි, ඒක ඔබේ උපන් හැටි!
ගුප්ත ශාස්ත්‍රයට සහ ජ්‍යොතිෂයට අනුව ඔක්තෝබර් අයගේ අධිපති වෙන්නේ ශ්‍රියා කාන්තාව සහ ඊශ්වර බලය. ඒ වගේම සිකුරු ග්‍රහයාගේ බලය මේ අයට තියෙනවා.
ලස්සන බලය සහ ආදරය කියන තුනම මේ අය ළඟ තියෙනවා.
මේ අයට තියෙන ලොකුම ආයුධය තමයි කතාව.
මරන්න හදන මිනිහෙක්ව වුනත් වචන දෙකෙන් ෂේප් කරලා අතට අත දීලා යවන්න මේ අයට පුළුවන්. රණ්ඩු වෙන්න එන කෙනෙක්ව වුනත් මෙයාලා වචන වලින් ගල් කරනවා.
කලාවට සංගීතයට ලස්සන ඇඳුම් වලට සුවඳ විලවුන් වලට මේ අය පුදුම පෙරේතයි. පොල් අතු පැලක හිටියත් මේ අය ඉන්නේ රජ මාළිගාවක ඉන්නවා වගේ ලස්සනට පිළිවෙලට.
ඔක්තෝබර් කෙනෙක් එක්ක යාළු වුනොත් හෝ ආදරේ කළොත් ඔබට තේරෙයි මොකක්ද මේ සැබෑ ආදරේ කියන්නේ කියලා.
මේ අය රණ්ඩු වලට කැමති නෑ. හැමෝම එක්ක සාමයෙන් හිනා වෙලා ඉන්න තමයි ට්‍රයි කරන්නේ.
සමහර විට නොදැනුවත්වම. කාගෙත් හිත දිනාගන්න පුළුවන් මැජික් හිනාවක් මේ අයට තියෙනවා. පාට්නර්ට හරිම රොමෑන්ටික් විදියට සලකනවා.
නරක පැත්ත - නිහඬ දඩයම්කරු
මේ අයගේ හිනාවට රැවටෙන්න එපා! ඔක්තෝබර් අයගේ Dark Side එක හරිම භයානකයි.
මේ අයට තරහ ගියාම කෑ ගහන්නේ නෑ. මෙයාලා කරන්නේ හිතාගන්න බැරි විදියේ Mind Games (මනසත් එක්ක සෙල්ලම් කිරීම). ඔබව වචනයක්වත් නොකිය පිස්සු වට්ටන්න මේ අයට පුළුවන්.
මේ අයගේ ලොකුම දුර්වලකම තමයි තීරණ ගන්න බැරි එක. කඩේට ගිහින් ඇඳුමක් තෝරන්න ගියත් පැය ගාණක් කල්පනා කරනවා. මේකද හොඳ? අරකද හොඳ? කියලා දෙපැත්තට වැනෙනවා.
තරහ වුනොත් මූණට හොඳ මූණ පෙන්නලා යටින් නූල අදින්න මේ අය දක්ෂයි.
ගෙදරට ඇති බලපෑම
ඔක්තෝබර් කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ගෙදර හරිම ලස්සනයි. ගෙදර අලුත් බඩු ගේන්නේ මෙයා. රණ්ඩු බේරන්නේ මෙයා. හැබැයි වියදම් කිරීම අතින් නම් ටිකක් ඉහළයි. මෙයාලට සල්ලි අතේ රඳන්නේ නෑ, ලස්සන දේවල් දැක්කොත් ගන්නමයි හිතෙන්නේ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
ඔබේ ඔය හිනාව තමයි ඔබේ බලය.
සමහරු ඔබට "කපටියා" කිව්වට ඇත්තටම ඔබ කරන්නේ හැමෝම එක්ක ශේප් එකේ ඉන්න එක විතරයි. ඔබේ ඒ චාමින් ගතිය කවදාවත් නැති කරගන්න එපා!
දැක්කම ආදරේ හිතෙන ඒත් යටින් ලොකු ගේමක් ගහන්න පුළුවන් කාටවත් තේරුම් ගන්න බැරි අපේ ඔක්තෝබර් කට්ටිය කෝ?
නොවැම්බර්
ලේසියෙන් විශ්වාස කරන්න හොඳ නැති අමුතුම ගුප්ත ආරක්ෂකයෝ!
ඔබ ඉපදුනේ නොවැම්බර් මාසෙද? එහෙනම් මේ පෝස්ට් එක කියවන අනිත් අය පරිස්සම් වෙන්න. ඔබ ගනුදෙනු කරන්නේ සාමාන්‍ය මනුස්සයෙක් එක්ක නෙවෙයි. නොවැම්බර් අය කියන්නේ මේ ලෝකේ ඉන්න බලවත්ම සහ භයානකම මිනිස්සු කොට්ඨාශයයි.
ගුප්ත ශාස්ත්‍රයට සහ ජ්‍යොතිෂයට අනුව නොවැම්බර් අයට බලපාන්නේ කාලි මෑණියන්ගේ බැල්ම සහ පාතාල ලෝකයට අධිපති බලයක්.
ඒ කියන්නේ මේ අය ළඟ තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට දරාගන්න බැරි තරම් ලොකු ආත්ම ශක්තියක්.
මේ අයට බොරු කරන්න හිතන්නවත් එපා. මේ අය හරියට ස්කෑනර් වගේ. ඔයාගේ මූණ දිහා බලලා ඔයා හංගන රහස්, ඔයාගේ හිතේ තියෙන කපටිකම් ඔක්කොම විනාඩියෙන් එළියට ගන්න මේ අයට පුළුවන්.
නොවැම්බර් කෙනෙක්ගේ ඇස් දිහා කෙලින් බලන්න අමාරුයි. ඒ ඇස් වල අමුතුම කාන්දම් බලයක් තියෙනවා.
බැලුවොත් වශී වෙනවා. වචනයක්වත් කතා නොකර ඇස් වලින් විතරක් දේවල් පාලනය කරන්න මේ අයට පුළුවන්.
මෙයාලා අනුන්ගේ රහස් ඔක්කොම දන්නවා. හැබැයි මෙයාලගේ රහස්?
කාටවත් දැනගන්න තියන්නේ නෑ.
තමන්ගේ හිතේ තියෙන දේ කාටවත්ම කියන්නේ නෑ.
නොවැම්බර් කෙනෙක්ව යාළුවෙක් කරගන්න එක ලේසි නෑ. එයාලා හැමෝවම විශ්වාස කරන්නේ නෑ. හැබැයි...
යම් කිසි විදියකින් නොවැම්බර් කෙනෙක් ඔබව විශ්වාස කළොත්, ඒක මැරෙනකන් පවතින බැඳීමක්.
තමන්ගේ යාළුවා වෙනුවෙන් තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් ඕනම වලකට පනින්න ලෝකෙම එක්ක වුනත් ගහගන්න මේ අය ලෑස්තියි.
මේ අයගේ ආදරේ හරියට "ගිනි කන්දක්" වගේ. හරිම ගැඹුරුයි, හරිම උණුසුම්. ඒ ආදරේ විඳපු කෙනෙක්ට වෙන කාගේ ආදරේවත් මදි පාඩුයි වගේ දැනෙනවා.
නරක පැත්ත
ලෝකේ තියෙන භයානකම දේ තමයි නොවැම්බර් කෙනෙක් එක්ක තරහ වෙන එක.
මේ අය සමාව දෙන්නේ නෑ. කවුරු හරි මේ අයට වංචාවක් කළොත්, ඒකෙ රිසල්ට් එක හම්බෙන්නේ අද නෙවෙයි. සමහර විට තව අවුරුදු 10කින් හරි මේ අය පළිගන්නවා.
ඒ පළිගැනීම හරිම නිහඬයි ඒත් විනාශකාරීයි. මෙයාලට බොරු කරලා අහුවෙන්න එපා, විනාශයි!
මේ අය කාටවත් ලේසියෙන් රැවටෙන්නේ නෑ වගේම, කාටවත් ලේසියෙන් ලං වෙන්න දෙන්නෙත් නෑ. හැමදේම දිහා බලන්නේ සැකෙන්.
ගෙදරට ඇති බලපෑම
නොවැම්බර් කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදරට හොරුන්ටවත් එන්න බෑ. ගෙදර ආරක්ෂක පවුර මෙයා. ගෙදර අයට මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් ඒක විසඳන්නේ මෙයා. හැබැයි මෙයාගේ නීති වලට හැමෝම ඉන්න ඕන. ගෙදර King Queen වෙන්න හදන්නේ මෙයා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
ඔබ ගුප්තයි තමයි සැරයි තමයි. හැබැයි ඔබ ළඟ තියෙන ඒ ආත්ම විශ්වාසය සහ ආරක්ෂාව වෙන කා ළඟවත් නෑ. ඔබව දිනාගත්ත කෙනා තමයි ලෝකේ වාසනාවන්තම කෙනා.
හිත හොඳයි, හැබැයි තරහ වුනොත් ලෝකයක් වුනත් විනාශ කරන්න පුළුවන් අපේ ගුප්ත නොවැම්බර් චරිත ටික කෝ බලන්න?
දෙසැම්බර්
නිදහසේ පියාඹන වාසනාවන්ත කුරුල්ලෝ!
අවුරුද්දේ අන්තිම මාසයේ ඉපදුන ඔබ, අන්තිමයා කියලා දුක් වෙන්න එපා. මොකද ගුප්ත ශාස්ත්‍රයට අනුව අවුරුද්දේ උපදින ලකීම සෙට් එක ඉන්නේ දෙසැම්බර් වල.
ඔබ ඉපදිලා තියෙන්නේ දුක් විඳින්න නෙවෙයි, මේ ජීවිතේ උපරිමයෙන් විඳින්න!
ගුප්ත ශාස්ත්‍රයට සහ ජ්‍යොතිෂයට අනුව දෙසැම්බර් අයගේ අධිපති වෙන්නේ නුවණට අධිපති "ගණ දෙවියන්" සහ වාසනාවට අධිපති "බ්‍රහස්පති (ගුරු)"
ඒ කියන්නේ ප්‍රඥාව සහ වාසනාව කියන දෙකම මේ අය ළඟ තියෙනවා.
මේ අයට තියෙන ලොකුම හයිය තමයි නිදහස . දෙසැම්බර් කෙනෙක්ව නීති දාලා කූඩුවක දාලා හිර කරන්න හදන්න එපා. එහෙම කළොත් එයාලා මැරෙයි. ඇවිදින්න අලුත් දේවල් දකින්න විනෝද වෙන්න මේ අය උපතින්ම ආසයි.
කොච්චර ලොකු ප්‍රශ්නයක් ඇවිත් බෙල්ලටම හිර වුනත්, "මැජික්" එකක් වගේ අන්තිම මොහොතේ කොහෙන් හරි වාසනාව පෑදිලා ගොඩ යන්න දෙසැම්බර් අයට පුළුවන්. දෙවියෝ මෙයාලා දිහා බලන් ඉන්නවා වගේ.
දෙසැම්බර් කෙනෙක් එක්ක ඉන්නකොට කාටවත් දුකින් ඉන්න බෑ.
මේ අය හරිම විනෝදකාමී චරිත. මේ අය ඉන්න තැන හිනා සාගරයක්. යාළුවෝ එක්ක පිස්සුවක් කෙලගෙන කාලා බීලා ඉන්න තමයි මේ අය ආස.
හිතේ කිසිම කුහකකමක් නෑ. තමන්ට තියෙන දේ හංගගෙන කන්නේ නෑ, බෙදාගෙන කනවා. ජීවිතේ ගැන හරිම Positive විදියට හිතන්නේ. වැටුණත් ආයේ හිනාවෙලා නැගිටිනවා.
නරක පැත්ත
මේ අයගේ හොඳ වගේම තමයි කටත්!
හිතෙන දේ කෙලින්ම මූණටම කියනවා. ඒකෙන් අනිත් කෙනාගේ හිත රිදෙනවද, තැන මොකක්ද කියලා බලන්නේ නෑ. කටේ ෆිල්ටර් නෑ. ඇත්ත කතා කරන්න ගිහින් අනුන්ගේ හිත් රිද්දනවා.
මේ අය එක දිගට එකම වැඩක් කරන්න කම්මැලියි. වැඩ කල් දානවා . අද කරන්න තියෙන දේ හෙටට කල් දාලා අන්තිම මොහොතේ දඟලන එක මෙයාලගේ පුරුද්දක්. පොරොන්දු වෙනවාහැබැයි ඉෂ්ට කරන්න අමතක වෙනවා.
ගෙදරට ඇති බලපෑම
දෙසැම්බර් කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදර අයට නිතරම ට්‍රිප් යන්න, පාටි දාන්න හොටෙල් වලින් කන්න චාන්ස් එනවා. ගෙදර සතුට විනෝදය රඳා පවතින්නේ මෙයා නිසා. ගෙදර අයගේ Stress නැති කරන Joker තමයි මෙයා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
ජීවිතේ කියන්නේ විඳවන්න ඕන දෙයක් නෙවෙයි, විඳින්න ඕන දෙයක් කියලා ලෝකෙට කියලා දෙන්නේ ඔබ.
ඔබේ ඔය හිනාව කවදාවත් නැති කරගන්න එපා!
ජීවිතේ උපරිමයෙන් විඳින වාසනාව මිට මොලවන් ඉන්න අපේ දෙසැම්බර් පිස්සෝ ටික කෝ?
අන්තර්ජාලය ඇසුරෙන්..