ඇයගේ ජීවිතය වෙච්ච මේ ආදරණීය පුතුන් දෙදෙනා, ඔවුන්ගේ පාසල් ගමන ආරම්භ කරලා. මේ බලන්නකෝ මොන තරම් නම් ආදරණිය සටහනක්ද ඇය ඒ වෙනුවෙන් තියලා තිබුණේ කියලා. පුතුන් දෙදෙනාගේ ඡායාරූප පෙළක් එක්ක ඇය කියූ ඒ කතාව මෙන්න.
"පුරා දසමසක් කුස හොවා , ලේ කිරි කර පෙව්වෙමි. පුරා පස් අවුරුද්දක් මා තුරුලේ නැලවිනි.
ඉතින් පුතේ අද මා ඔබ මගේ තුරුලෙන් මුදා හැර පාසැල් මව් තුරුලට බාර කරමි. ගේ පුරා මට අද මහා පාළුවක් දැනේ.
ජීවිතේ හැටි එහෙමය..
මේ ඉර හඳ පායන්නේ මල්වලට පිපෙන්නටය. මේ කුරුලු අත්තටු ගගනත සරන්නටය.. අද පටන් ඔබට ලෝකය තනියම බලන්නට පුළුවන්..
අම්මාටත් තාත්තාටත් , හොඳ දරුවන් වූ ඔබ හෙට ලෝකයටම හොඳ මිනිසුන් වීම මගේ ප්‍රාර්ථනයයි.."
