වෙළඳපොළෙන් ලැබෙන අලුත්ම ආරංචි මාර්ගවලට අනුව, අමු ඉඟුරු මිල ගණන් අදහාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මීට කලකට පෙර රුපියල් 500 කට අඩුවෙන් ලබාගත හැකි වූ අමු ඉඟුරු කිලෝවක මිල අද වන විට රුපියල් 2,000 සීමාවත් ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සාමාන්‍ය පාරිභෝගිකයාට දැන් ඉඟුරු කියන්නේ සිහිනයක් පමණක්ම වෙලා..
කෑම රස කරන්න වගේම බෙහෙතටත් නැතිවම බැරි ඉඟුරුවලට මේ වින්නැහිය වුණේ අයහපත් කාලගුණය නිසයි. අධික වර්ෂාව සහ අයහපත් දේශගුණික තත්ත්වයන් හේතුවෙන් මෙරට ඉඟුරු වගාවන් විශාල වශයෙන් විනාශ වී තිබෙනවා. සැපයුම අඩු වීමත් සමඟ මිල පාලනය කරගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවයි වෙළෙන්දන් පවසන්නේ.
"ඉස්සර කිලෝ ගණන් ගත්ත අය දැන් ඉල්ලන්නේ ග්‍රෑම් 50ක් 100ක් විතරයි" - වෙළඳපොළෙන් ඇහෙන කතා.