තාක්ෂණික ලෝකයේ දැවැන්තයා වන ඇපල් (Apple) සමාගමේ නවතම නිපැයුම වන iPhone 18 මාදිලිය නිකුත් වීමට ආසන්න වෙමින් පවතිනවා.
ලෝක වෙළඳපොළේ අමුද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළ ගියත්, ඇපල් සමාගම සිය පාරිභෝගිකයන් වෙනුවෙන් ගත් තීරණයක් නිසා දැන් මුළු ලෝකයම ඔවුන් ගැන කතා වෙන්න පටන් අරන්.
ලෝක වෙළඳපොළේ RAM චිප්ස් මිල 80% සිට 100% දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක දුරකථනයක මිල අධික ලෙස ඉහළ යා යුතු වුවත්, ඇපල් සමාගම තීරණය කර ඇත්තේ එම බර පාරිභෝගිකයා මත නොපැටවීමටයි.
වාර්තා වන අන්දමට iPhone 18 මාදිලියේ මිල ගණන් පහත පරිදි වීමට ඉඩ තිබේ:
iPhone 18 Pro: රු. 134,900 සිට
iPhone 18 Pro Max: රු. 149,900 සිට
iPhone Air (2027 දී අපේක්ෂිත): රු. 119,900 සිට
මේ වසරේ අගභාගයේදී iPhone 18 Pro සහ Pro Max වලට අමතරව, බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින iPhone Fold (නැවිය හැකි දුරකථනය) ද එළිදැක්වීමට නියමිත බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.