ලෝක මට්ටමේ ප්‍රභූන්ගේ අඳුරු රහස් ගබඩාවක් බඳු "එප්ස්ටයින් ලිපිගොනු" මිලියන 6ක එකතුවෙන් මේ වන විට එළියට එමින් පවතින තොරතුරු මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම තිගැස්මට පත් කිරීමට සමත් වී තිබෙනවා.
ඉන් හෙළිවන අලුත්ම සහ බිහිසුණුම තොරතුර වන්නේ, 2020 දී ලෝකයම අඩපණ කළ කොරෝනා වසංගතය පැමිණීමට වසර 3කට පෙර ඒ හා සමාන "වසංගත අනුකරණ" පිළිබඳ රහසිගත සාකච්ඡා සිදුව ඇති බවයි.
අමෙරිකානු යුක්ති දෙපාර්තමේන්තුව මගින් මුදාහැර ඇති ලේඛනවලට අනුව, 2017 මාර්තු 3 වන දින ජෙෆ්රි එප්ස්ටයින් විසින් මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් වෙත සෘජුවම ඊමේල් පණිවිඩයක් යවා තිබෙනවා.
‘bgc3 deliveries and scope’ යන මැයෙන් යවන ලද මෙම පණිවිඩය හරහා එප්ස්ටයින් විසින් ජාතික ආරක්ෂාවේ සිට සෞඛ්‍යය දක්වා වූ ඉතා සංවේදී යෝජනා පහක් ඉදිරිපත් කර තිබුණි.
එප්ස්ටයින්ගේ මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබුණේ ක්ෂේත්‍ර පහක් කෙරෙහි ය:
වසංගත අනුකරණය (Pandemic Simulation): වසංගත පැතිරීම් නිරීක්ෂණය සහ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සැලසුම් සැකසීම.
ස්නායු තාක්ෂණික අවි (Neuro-tech Weapons): ජාතික ආරක්ෂාව වෙනුවෙන් "අවි" ලෙස භාවිතා කළ හැකි ස්නායු තාක්ෂණයන් පිළිබඳ වාර්තා.
ඩිජිටල් සෞඛ්‍ය දත්ත: පුද්ගලික සෞඛ්‍ය රහස් සහ දත්ත පාලනය කළ හැකි ඩිජිටල් පද්ධති සංවර්ධනය.
මොළය ආශ්‍රිත පර්යේෂණ: නිදන්ගත රෝග සහ මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ තාක්ෂණික නිර්දේශ.
සෞඛ්‍ය ආර්ථික විද්‍යාව: පාරිභෝගිකයාගේ සෞඛ්‍ය වියදම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තා.
මෙම ලේඛනවලට අනුව, අනාගත ලෝකය හසුරුවන තාක්ෂණයන් පිළිබඳ සැලසුම් එප්ස්ටයින්ගේ මේසය මත තිබූ බව විශ්ලේෂකයෝ පවසති.
ගේට්ස් සමඟ පැවති හමුවීම්වලින් පසුව රොජර්, මාර්ක්, ක්‍රිස් වැනි විශේෂඥ කණ්ඩායමක් සමඟ තමන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සූදානම් බව එප්ස්ටයින් පවසා ඇත.
මෙම තොරතුරු කාන්දු වීමත් සමඟ, 2020 වසරේදී ලෝකයම නතර කළ වසංගතය සහ ජෛව තාක්ෂණික මෙහෙයුම්, මෙවැනි මතභේදාත්මක පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් කලින්ම සැලසුම් කළ "කුමන්ත්‍රණයක්ද?" යන සාකච්ඡාව ලෝකය පුරා නැවතත් උණුසුම් වී තිබේ.
ළමා ලිංගික අපරාධකරුවෙකු ලෙස වරදකරු වී සිටියදී 2019 දී සිරමැදිරිය තුළ අබිරහස් ලෙස මියගිය එප්ස්ටයින්, ලෝකය පාලනය කරන බලවතුන් සමඟ එක්ව කළ මේ ගනුදෙනු වල අවසානය කොතැනද යන්න තවමත් රහසකි.