හැබැයි ඔන්න ඒ සෙල්ලම්වලට වැට බඳින්නයි දැන් රජය සූදානම් වෙන්නේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පසුගියදා විශේෂ හෙළිදරව්වක් කළා. ඒ තමයි, වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරන්න රජය පියවර ගනිමින් ඉන්නවා කියන එක.
මේක අහපු ගමන් සමහරුන්ට තරහ යයි, තවත් සමහරුන්ට සතුටු හිතෙයි. හැබැයි ඇමතිතුමිය කියන්නේ මේක කරන්නේ ළමා මනෝ වෛද්‍යවරුන්ගේ විශේෂ නිර්දේශ මත කියලා.
ප්‍රධානම දේ තමයි අපේ දරුවන් අන්තර්ජාලය හරහා සිදුවන විවිධ අපයෝජනයන්ගෙන් බේරාගැනීම වගේම දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම.
ඇමතිතුමිය කියන විදිහට මේක ලංකාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඕස්ට්‍රේලියාව දැනටමත් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට TikTok, Facebook තහනම් කරලා. ප්‍රංශයත් අවුරුදු 15ට අඩු අයට සීමා දාලා. ඉතින් ලංකාවත් දැන් ඒ පාරේ යන්නයි ලෑස්ති වෙන්නේ.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාත් කියලා තියෙනවා මේ ගැන අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා පටන් අරන් කියලා. හැබැයි ඉතින් මේක එකපාරටම "දඩස්" ගාලා කරන්නේ නැහැලු. විවිධ පාර්ශ්ව එක්ක කතා කරලා දරුවන්ට උපරිම ආරක්ෂාව ලැබෙන විදිහට තමයි මේ නීති ගේන්න ප්ලෑන් කරන්නේ.