වයඹදිග ටෙකිර්ඩාග් සිට මුළු රාත්‍රිය පුරාම ධාවනය වූ මගී බස් රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයට අධික මීදුමක් පවතිමින් තිබූ අතර, මෑත දිනවල ඇද හැළුණු වර්ෂාව නිසා මාර්ගය ලිස්සා යන සුළු තත්ත්වයක පැවතී තිබෙනවා. පාලනය කරගත නොහැකි වූ බස් රථය අඩි 50ක් ගැඹුරු බැම්මකින් පහළට පෙරළී ඇති අතර, එහි වේගය කෙතරම්ද යත් ඇතැම් මගීන් බස් රථයෙන් ඉවතට විසිවී ගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
මෙම අනතුරින් තවත් පුද්ගලයන් 21 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා තහවුරු කළේ ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය අතිශය බරපතල බවයි. ඔවුන් මේ වන විට දැඩි සත්කාර ඒකකවල ජීවිතය ඉල්ලා සටන් කරමින් සිටිනවා.
පසුගිය 2024 වසරේදී පමණක් තුර්කියේ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 6,351 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ තත්ත්වය හමුවේ එරට මාර්ග නීති තවදුරටත් දැඩි කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.