ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබෙනවා.
එම අගය අද වනවිට ලෝක රන් මිල ඩොලර් 5250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනයේ කැරට් 22 රන් පවුමක් මිල රු. 374,600ක් ලෙස දැක්වුණි.
මේ අතර ඊයේ දිනයේ දී රු. 394,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 405,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි, කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ..