මේ ඇසෙන්නේ අන්න ඒ ගැන විශේෂ කතාවක්.. දශක ගණනාවක් පුරා අපව මන්මත් කළ ඒ අසහාය හඬ තවදුරටත් රිදී තිරය මත අසන්නට නොලැබෙන බව දැනගත් මොහොතේ බොහෝ දෙනෙකුට එය අදහාගත නොහැකි වනු ඇතියි.
දශක කිහිපයක් පුරා ලෝකයේම ආදරය දිනාගත්, චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ඒ සුවිශේෂී හඬ, තවදුරටත් සිනමා නිර්මාණ සඳහා දායක කර නොගන්නා බවට ඔහු නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
"මගේ හඬ තවත් චිත්‍රපටවල නැහැ.." යනුවෙන් ඔහු කළ එම කෙටි නමුත් බරපතල ප්‍රකාශය, මේ වන විට ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව ඇති පසුබිමක ඒ ගැන ඇසෙන්නේ මෙහෙම කතාවක්.
Arijit Singh හදිසි තීරණයට හේතුව කුමක්ද? මෙම හදිසි සමුගැනීම පිටුපස ඇති හේතුව පිළිබඳව විවිධ මතිමතාන්තර පළ වුවද, ඔහු පවසා සිටියේ තමාගේ වෘත්තීය ගමනේ නව මානයක් සොයා යාමට කාලය එළඹ ඇති බවයි.
වර්තමාන සිනමා සංගීතයේ පවතින වෙනස්කම් සහ තමාට ගැලපෙන ගුණාත්මක නිර්මාණ බිහි නොවීමයි. පටිගත කිරීමේ මැදිරි තුළ සිරවී සිටිනවාට වඩා සජීවී ප්‍රසංග (Live Concerts) හරහා රසිකයන් හමුවීමට ඇති කැමැත්ත වගේම ක්ෂේත්‍රයේ නවකයන්ට සිය දක්ෂතා පෙන්වීමට අවස්ථාව ලබා දිය යුතු බවට ඔහු තුළ ඇති ස්ථාවරය මීට හේතු වී තිබෙනවා.
එසේම මෙම පුවතත් සමඟ ප්‍රවීණ මෙන්ම ආධුනික සංගීතවේදීන් රැසක් වගේම ප්‍රකට සංගීත අධ්‍යක්ෂවරයෙකු සිය කණගාටුව පළ කර ඇති අතර ඔවුන් පවසන්නේ, "ඔහුගේ හඬ නොමැති සිනමාව යනු වර්ණ නැති දේදුන්නක් වැනියි. මෙය සිනමා සංගීතයට පිරවිය නොහැකි අඩුවක්," යනුවෙන්.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ජාලා තුළ ද ඔහුගේ රසිකයන් දහස් ගණනින් පණිවිඩ තබමින් ඉල්ලා සිටින්නේ, නැවත වරක් තම තීරණය ගැන සලකා බලන ලෙසයි. Legendary Voice වැනි හැෂ්ටැග් ඔස්සේ රසිකයන් ඔහු ගැයූ අමරණීය ගීත සිහිපත් කරමින් සිටියා.
මේ සුප්‍රකට ගායකයා, ඔහුගේ සිනමා පසුබිම් ගායනයෙන් සමුගත්තද, ඔහු සංගීතයෙන් සම්පූර්ණයෙන්ම සමුගෙන නොමැති බවයි දැනගන්න ලැබෙන්නේ..