කලක් නිහඬව සිටි ඇය, නැවතත් ලෝකයේම අවධානය තමන් වෙත නතු කරගන්න සමත්ව තිබෙනවා.
ඒ, ඇයගේ ජීවිත කතාව අලලා නිර්මාණය කළ අලුත්ම වාර්තා චිත්‍රපටයේ මංගල දර්ශනය වොෂින්ටන්හි කෙනඩි මධ්‍යස්ථානයේදී ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමත් සමඟයි.
මෙම සුවිශේෂී අවස්ථාවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව, ඔහුගේ පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද සහභාගී වී සිටීම විශේෂත්වයක්. මෙලානියා මෙහිදී වඩාත් කැපී පෙනුණේ ඇයගේ සුපුරුදු ප්‍රෞඩ පෙනුමෙන්.
සාමාන්‍ය පුරවැසියෙකු ලෙස සිටි මෙලානියා ට්‍රම්ප්, ලෝකයේ බලවත්ම රාජ්‍යයේ "ප්‍රථම කාන්තාව" දක්වා පැමිණි ගමන් මඟ මෙහි අන්තර්ගතයි. ඇයගේ රහස්‍ය පෞද්ගලික ජීවිතය, ව්‍යාපාරික සාර්ථකත්වයේ රහස්, දේශපාලනය පිටුපස ඇති පවුල් ජීවිතය සහ සමාජ සේවා කටයුතු පිළිබඳව මීට පෙර හෙළි නොවුණු තොරතුරු රැසක් මෙහිදී ලෝකයාට විවෘත කර තිබෙනවා.
තම පෞද්ගලික ජීවිතයේ සිට යළිත් රාජ්‍ය වගකීම් කරා පැමිණීමේදී සිදුවන පරිවර්තනය ලෝකයාට පෙන්වීම තම අරමුණ බවයි මෙලානියා මෙහිදී හැඟීම්බරව කියා සිටියේ.
මේ අතර තම බිරිඳගේ නිර්මාණය ගැන අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ, "මෙය ධවල මන්දිරයේ සැබෑ ජීවිතය පෙන්වන විශිෂ්ට කෘතියක්" බවයි.