ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ රායිපූර් අගනුවර පදිංචි රාහුල් කුමාර් ජුන්ග් හට පසුගිය දිනක මුහුණ දීමට සිදු වූයේ කිසිසේත් අපේක්ෂා නොකළ භීතිකාජනක අත්දැකීමකටයි..
සාමාන්‍ය පරිදි උදෑසන අවදි වී දත් මදිමින් සිටි ඔහුට හදිසියේම ඉක්කාවක් ඇති වූ අතර, ඒ සමඟම තම උගුරේ දකුණු පසින් බැලුනයක් වේගයෙන් පිම්බෙන්නාක් වැනි හැඟීමක් ඇති වී තිබෙනවා.
මිනිත්තු කිහිපයක් ඇතුළත ඔහුගේ උගුර සම්පූර්ණයෙන්ම ඉදිමී ගිය අතර, දෑස් ඉදිරිපිට සියල්ල කළු වී ඔහු සිහිසුන් වී තිබුණා. නැවත සිහිය එන විට ඔහු සිටියේ රායිපූර් හි වෛද්‍ය භීම්රාඕ අම්බෙඩ්කර් රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.
"මට ටිකක් අසනීපයි වගේ, අපි ඉක්මනට රෝහලට යන්න ඕනේ," යැයි සිහි නැති වීමට පෙර ඔහු තම බිරිඳට පවසා ඇති බවටයි වාර්තා වෙන්නේ.
මේ ගැන පරීක්ෂණ පැවැත්වූ වෛද්‍යවරුන් පවසා සිටියේ මෙය කිසිදු බාහිර තුවාලයක් හෝ කලින් පැවති අසනීපයක් නිසා සිදු වූවක් නොවන බවයි. පසුව, මෙය මොළයට රුධිරය සපයන ප්‍රධාන ධමනියක් වන කැරොටීඩ් ධමනිය (Carotid Artery) ස්වයංසිද්ධව පිපිරීමක් (Spontaneous Rupture) බව හඳුනා ගැනුණි.
මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී අතිශය දුර්ලභ සිදුවීමක් ලෙස සැලකෙන අතර, දෙපාර්තමේන්තු ප්‍රධානී වෛද්‍ය ක්‍රිෂ්ණකාන්ත් සහු (Dr. Krishnakanth Sahu) පවසන්නේ මෙවැන්න,
සාමාන්‍යයෙන් මෙවැනි නහර පිපිරීම් සිදු වන්නේ බරපතල අනතුරු හෝ උගුරේ පිළිකා වැනි රෝගී තත්ත්වයන් නිසාය.
නිරෝගී පුද්ගලයෙකුගේ මෙවැනි නහරයක් ස්වයංසිද්ධව පිපිරීම ලොව පුරා වාර්තා වී ඇත්තේ අවස්ථා 10ක් පමණි.
මෙය චතිස්ගාර් ප්‍රාන්තයෙන් වාර්තා වූ පළමු අවස්ථාවයි.
කෙසේ වෙතත් මේ සිද්ධියෙන් පස්සේ කඩිනම් වූ වෛද්‍යවරුන් ඔහු ශෛල්‍යකර්මයකට භාජනය කළා. භීම්රාඕ අම්බෙඩ්කර් රෝහලේ හෘද, පෙනහළු සහ වාහිනී ශල්‍ය ඒකකයේ (Vascular Surgery Unit) වෛද්‍යවරුන් පැය හයකට අධික කාලයක් සිදු කළ සංකීර්ණ සැත්කමකින් පසු රාහුල්ගේ ජීවිතය බේරා ගැනීමට සමත් වුණා.
ප්‍රතිකාර ප්‍රමාද වූයේ නම් මිනිත්තු කිහිපයක් ඇතුළත රෝගියා මිය යාමට ඉඩ තිබූ බව වෛද්‍යවරු පෙන්වා දෙන්නේ..