Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
29
මාස අටක ආදර කතාව අවසානයේ ඇය මරු තුරුළට යවයි.. සැඟව සිටි සැකකරු ගැන විශේෂ අනාවරණයක්..

- මාස අටක ආදර කතාව අවසානයේ ඇය මරු තුරුළට යවයි.. සැඟව සිටි සැකකරු ගැන විශේෂ අනාවරණයක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

420 Views

ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක් වුණත් හේශලාට නම් ඒ කතාව ඊට වඩා වෙනස් වෙලා.


විවාහකයෙකු සමග පෙමින් බැඳී ජීවිතයෙන් සමුගත් අඟුලාන ප්‍රදේශයේ පදිංචි මේ යුවතියගේ සිදුවීම ගැන අද ඇසෙන්නේ වෙනස්ම කතාවක්..

සිය පෙම්වතියට අමානුෂික අයුරින් කොස්සකින් සහ අතින් පයින් පහර දී ඝාතනය කළ පෙම්වතා බව කියන විවාහක පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය සඳහන් කරනවා.
සිද්ධියෙන් ඝාතනයට ලක්වූයේ වාද්දුව කුඩා වස්කඩුව, ලිපිඩන්ස් වත්ත පදිංචිව සිටි හේශලා කාවින්දි සිල්වා තරුණියයි.

අපරාධයෙන් පසු පලාගොස් සැඟව සිටි සැකකරු දින දෙකකට පසු ඊයේ (28) සවස පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම ඝාතනය අගුලාන සයුරුපුර මහල් අටකින්නුත් නිවාස සංකීර්ණයේ ඉහළ මාලේ මුදුණත පිහිටා තිබෙන විදුලි සෝපාන පාලන කාමරය තුළදී සිදුවී තිබුණා.

එක්දරු පියකු වූ සැකකරු බිරිඳගෙන් වෙන්ව ජීවත් වන අතර මිට අට මසකට පමණ ඉහත සිට මෙම තරුණිය හා සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.


දැඩිව මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ සැකකරු තරුණියගෙන් මුදල් ලබාගෙන ඇයව ද ඒ සඳහා යොමු කරගෙන ඇති අතර ඒ හේතුවෙන් තරුණියගේ දෙමාපියන් ඇයව නිවසට ගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබූ බව පොලිසිය පවසනවා.

අගුලාන සයුර මහල් නිවාස සංකීර්ණයේ නිවෙසක සැකකරුගේ සහෝදරයකු ජීවත් වන අතර මව ඒ ආසන්නයේ තවත් නිවසක ජීවත් වන බවත් සැකකරු තරුණියට ආහාර පවා ලබා දෙන්නේ මවගේ නිවසින් හෝ සහෝදරයාගේ නිවසින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

මොවුන් දෙදෙනා ඉකුත් (26) වැනිදා සවස් කාලයේ මහල් අටකින් යුත් සයුර නිවාස සංකීර්ණයේ ජී කොටසේ ඉහළ මුදුණත රැඳී සිට ඇති අතර ඉහළ මහලේ කොන්ක්‍රීට් තට්ටුව මත විදුලි සෝපාන පාලන කාමරය තුළදී දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සැකකරු කොස්සකින් සහ අතින් පයින් තරුණියට අමානුෂික ලෙස පහරදී පලා ගොස් තිබිණා.

තරුණියක් කොන්ක්‍රීට් තට්ටුව මත වැටී සිටින බවට පසුදින දහවල් කාලයේ ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එහි ගොස් සිදු කළ විමර්ශනවලදී එම තරුණිය මිය ගොස් ඇති බවට අනාවරණය වූයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්වීමට කටයුතු කර තිබුණා.

තරුණියගේ මුළු ශරීරය පුරා තැනින් තැලීම් තුවාල රැසක් සහ ශරීරය නිල් පාට වී ඇති අයුරු දක්නට ලැබුණු බව පොලිසිය සඳහන් කළා.

26 හැවිරිදි අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top