මේ අනතුර නිසා මුළු ප්‍රදේශයම සලිත වුණා කියලා තමයි ආරංචිය ලැබෙන්නේ.
හැටන් පැත්තේ ඉඳන් ආපු ලොරි රථයක් අතුරු පාරකට හරවන්න හදද්දී, ඩයගම පැත්තේ ඉඳන් හැටන් පැත්තට ධාවනය වුණු වෑන් රථයක් ඒකේ වේගයෙන් ගැටිලා තියෙනවා. වෑන් රථය මේ අනතුරින් සෑහෙන්න කුඩු පට්ටම් වෙලා තියෙන බවයි වාර්තා වෙන්නේ.
අනතුර සිද්ධ වුණු වෙලාවේ වෑන් රථයේ ගමන් කරපු රියදුරු වගේම තවත් එක් අයෙක් බරපතල තුවාල ලබා තියෙනවා. ඔවුන් දෙන්නව වහාම දික්ඔය මූලික රෝහලට ඇතුළත් කරන්න පියවර ගෙන තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් සැකපිට ලොරි රථයේ රියදුරුව හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වෙන්නේ.