අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අනුව, අදාළ ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන 2026 ජනවාරි 24 දින සිට පෙබරවාරි 02 දින දක්වා දිවයින පුරා පිහිටුවනු ලබන පරීක්ෂණ මධ්‍යස්ථාන 42කදී පැවැත්වීමට කටයුතු සලසා ඇති බවයි.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ අයදුම්පත්‍රවල සඳහන් ලිපිනයටත් තැපැල් මාර්ගයෙන් යොමු කර ඇති බවයි.
එසේම, ප්‍රවේශපත්‍ර තැපැල් මගින් නොලැබුණු අපේක්ෂකයින් සඳහා 2026 ජනවාරි 19 දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද එම නිවේදනයේ සඳහන්.