ඇයගේ හඬට වගේම ඇගේ ආදරණීය දියණියන් දෙන්නා ගැනත් ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
සුජීවාගේ වැඩිමහල් දියණිය අංජලී රාජ්කුමාර් වගේම පොඩි දූ පුංචි රෝසමල තමයි මේ ගෙදර ඉන්න ලොකුම හුරතලුන් දෙන්නා. අම්මා වෙනුවෙන් අප්‍රමාණ ආදරයක් දක්වන මේ දූලා දෙන්නා දැන් මුළු ලංකාවෙම ජනප්‍රිය චරිත බවට පත්වෙලා.
අංජලී කියන්නේ ගායනයට වගේම වාදනයටත් උපන්හපන්කම් දක්වන දක්ෂ තරුණියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් නිතරම කැපී පෙනෙන චරිතයක්. ඇය තම ෆේස්බුක් ගිණුම් වලට අපූරු ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා.
ඔන්න බලන්නකෝ ඒ ලස්සන. දම් පැහැති හැඩකාර ඉන්දු-බටහිර විලාසිතාවකින් සැරසුණු අංජලීගේ මේ පෙනුම හරිම ආකර්ශනීයයි. ඇගේ ඒ සිනහවට පින්තූර ටික තවත් හැඩ වෙලා තියෙනවා...
සංගීත වැඩකටයුතු එක්ක කාර්යබහුල වුණත් ඇය නිතරම තම රසිකයන් වෙනුවෙන් මෙලෙස අලුත් දේවල් බෙදාගන්න අමතක කරන්නේ නැහැ.
අංජලීගේ මේ අලුත් පින්තූර ටික මෙන්න.
