පහුගිය දවස් ටිකේ නිදහසේ හිටපු දුවා දරුවන් වගේම දෙමව්පියනුත් අද උදේම හරිම කාර්යබහුල වුණු බව අපිට දැකගන්න ලැබුණා.
රජයේ සියලුම පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු ආරම්භ කරනවා. අද මෙලෙස ආරම්භ වුණේ 2026 වසරේ පළමු වාරයේ පළමු අදියරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි, මෙම වාර සටහන් ක්‍රියාත්මක වන්නේ ඉකුත් දෙසැම්බර් මස (09) වැනිදා නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛයට අනුවයි.