වසර 400ක් පැරණි ඩෙන්මාර්කයේ ජාතික තැපැල් සේවය වන 'PostNord' පසුගිය දෙසැම්බර් 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා.
ඒ අනුව එරට තුළ තැපැල් ලිපි බෙදා හැරීම මේ අනුව නවතිනු ඇතියි.
තැපැල් ලිපි බෙදාහැරීම නවතා දැමූ ලොව පළමු රට බවට ඩෙන්මාර්කය පවත්ව තිබෙනවා.
2000 වසරේ සිට එරට තුළ ලිපි බෙදාහැරීම් 90%කට වඩා පහතවැටී ඇති බව බෙන්මාර්ක ජාතික තැපැල් සේවය පවසනවා.
ඒ හේතුවෙන් එරට තුළ අන්තර්ජාලය හරහා පාර්සල් සේවා බෙදාහැරීම් වැඩිදියුණු කර සිය ආයතනයේ ලාභ උපරිම කරගැනීමට ඔවුන් සැලසුම්කර තිබෙනවා.
මෙම තීරණය ක්‍රියාවට නැංවීමත් සමග ඩෙන්මාර්කය පුරා තැපැල් පෙට්ටි 1,500ක් පමණ ඉවත් කර ඇති අතර, සේවකයින් 4,600න් 1,500ක් පමණ සේවයෙන් පහ කිරීමටද තීරණය කර ඇති බව සඳහන්.