ගිංඔයට පැනීමෙන් පසුව අතුරුදන්ව සිටි තරුණියගේ මළ සිරුර හමුවී තිබෙන බව වෙන්නප්පුව පොලිසිය පවසනවා.
මෙම තරුණිය වෙන්නප්පුව - නයිනමඩම ප්‍රදේශයේ පාලමකින් ඔයට පැන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ජා ඇළ - බෝපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි උදයංගනා සත්සරණී (17) නමැති පාසල් සිසුවියක්.
ඊයේ සවස 5.30ට පමණ මෙම ඛේදවාචකය සිදුව ඇති අතර, ගිංඔය පාලම ආසන්නයට පැමිණ ඇති තරුණිය සිට පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුව එම ස්ථානයට ගෙන්වා ගෙන ඇති බව සදහන්.
පසුව ඇය ඔයට පැන ඇති අතර, සිය පෙම්වතිය බේරාගැනීමට තරුණයා ද ගිංඔයට පැන තිබෙනවා.
පසුව තරුණයාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තිබුණා.
මියගිය තරුණියගේ මව මේ වනවිට දෙවන විවාහයක් සිදුකරගෙන ඇති බවත් ඇයගේ පවුල තුළ අභ්‍යන්තර ගැටලු පැවතී ඇති බවත් පොලීසිය සඳහන් කරනවා.
මියගිය තරුණියගේ සිරුර අද (29) දහවල් පාලම ආසන්නයේ පාවෙමින් තිබිය දී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය මාරවිල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතයි.