ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක 11ක් සඳහා තුන්වන මට්ටමේ නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව, බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
(රතු නිවේදනයක් (Level-3) යනු, එම ප්‍රදේශවල නාය යෑමේ අවදානම ඉහළ මට්ටමක පවතින බැවින්, අවදානම් කලාපවල ජීවත් වන ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් විය යුතු බවට කරන බරපතළම අනතුරු ඇඟවීමයි).